බුලතා යෝධයා දුටුගැමුණු රජුට බුලත් සැපයූ සේවකයා වන අතර එනිසාම ඔහු බුලතා නමින් ප්‍රසිද්ධ වූූ බව ජනප්‍රවාදවල දැක්වේ.දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද්ධයට යන අතරමගදී මහියංගනය ප්‍රදේශයේ නවාතැන් ගෙන ඇති අතර එම කාලයේදී රජුට ආහාර ගැනීමෙන් පසුව බුලත් සැපයීමේ කාර්යය බුලතා විසින් සිදුකර ඇත.රාජකාරිය අතරතුර ඔහුට ලැබෙන විවේක කාලයන්හිදී වැවක් ඉදිකිරීමට සුදුසු මනරම් භූමි භාගයක ජලය රැස් කර වැවක් ඉදිකිරීමට කටයුතු කර ඇත.එම වැව ඉදිකිරීමේ සියලු කටයුතු බුලතා විසින් සිදු කර ඇත.වැව ඉදිකිරීමේදී වැවේ බැස්ම විශාල කළු ගලක් කපා ඉදි කර ඇත.එමගින් බුලතා යෝධයා පැරණි වාරි ඉංජිනේරුවකු ලෙසද අගය කළ හැකිය.මෙලෙස බුලතා යෝධයා වැව ඉදිකර අවසානයේ එය රජුට පෙන්වූ විට රජු පුදුමයට පත්ව"වෙහෙර ගන් තොට වැව දියන් මට" යනුවෙන් ප්‍රකාශ කර ඇති බම ජනප්‍රවාදවල සදහන් වේ.රජුට හොරෙන් සහ බොරුවෙන් ඉදි කළ නිසා එම වැව හොරබොර වී පසුව සොරබොර වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බුලතා_යෝධයා&oldid=511737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි