වර්තමාන මියන්මාරය ලෙස හැදින්වෙන ප්‍රදේශයේ වසර 11000 ක් තරම් අතීතයේ පවා මිනිසුන් වාසය කල බවට සාධක ඇත. කෙසේ නමුත් පළමු වරට සංස්කෘතියක් පිළිබද හදුනාගත හැකි වන්නේ පියු සංස්කෘතිය සම්බන්ධයෙන් වෙයි. එහෙත් බුරුම සහ මොන් යන සංස්කෘතීන් දෙවර්ගයටම අයත් ජනතාවගේ විශ්වාසය වන්නේ පැරණි පාලි සහ සංස්කෘත ග්‍රන්ථයන්හි සදහන් වන ස්වර්ණ භූමි නම් දේශය වර්ථමාන මොන් රාජ්‍යයේ තැටන් ආශ්‍රිතව පිහිටා තිබු මොන් රාජධානියක් බවයි.

ඥාවුගන් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් වලින් හමුවු මානවකෘතීන් ඇසුරෙන් ලෝකඩ යුගයේ බුරුම ජනජීවිතය පිළිබද අදහසක් ලබාගත හැකි වේ. වඩාත් නූතනව මැන්ඩලයේ වලට දකුණින් පිහිටා ඇති සාමෝන් මිටියාවතෙන් හමුවු පුරා විද්‍යාත්මක සාධක වලට අනුව ක්‍රි.පු. 500 සහ ක්‍රි.ව. 200 අතර වී වගා කරමින් ජීවත් වු සහ චීනයේ ක්වින් සහ හැන් රාජ වංශයන් සමග ගනුදෙනු කළ ජනතාවක් වාසය කල බවට කරුණු හෙලිව ඇත.

බුරුමය හෙවත් මියන්මාරයේ ඉතිහාසය ඉතා දීර්ඝ සහ එමෙන්ම සංකිර්ණ එකක් වෙයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජනවර්ග කිහිපයක්ම වාසය කර ඇති අතර ඒ අතරින් වඩාත් පැරණිම ජනවර්ග දෙක ලෙස මොන් සහ පියු ජනවර්ග හැදින්විය හැක. 9 වැනි ශත වර්ෂයේදි වර්ථමාන ටිබෙට් - චීන දේශසීමා ප්‍රදේශයේ සිට බමාර් (බුරුම) ජනතාව අයෙයර්වඩි නිම්නය වෙත සංක්‍රමණය වූහ. වර්තමානය වන විට මොහු බුරුම ජාතිකයින්ගෙන් බහුතරය නියෝජනය කරති.

මෙම ප්‍රදේශයේ ඉතිහාසය අභ්‍යන්තරික මෙන්ම යාබද බාහිර රාජ්‍යයන් සමගද සංකිර්ණ සබදතා පෙන්වයි. එවැනි රටවල් ලෙස චීනය, ඉන්දියාව, බංගලාදේශය, වියට්නාමය, ලාඕසය සහ තායිලන්තය හදුන්වාදිය හැක.

යූ රාජ්‍යය

සංස්කරණය

යූ ක්‍රි.පූ. 1 සියවසේ දී බුරුමයට ලඟා වූ බින්නකා, මොන්ගමෝ, ශ්‍රී ‍ක්ෂේත්‍ර, පින්තනොම්යෝ සහ හැලින්ග්යි යන නගර රාජධානි පිහිටුවනු ලැබීය. මේ කාලය තුලදී බුරුමය චීනය හා ඉන්දියාව අතර තිබු ගොඩබිම් වෙළඳ මාර්ගයේ කොටසක් බවට පත්වී තිබුණි. චීන මුලාශ්‍ර වූ රාජධානි 18 ක් පාලනය කළ බවත්, එහි ජනතාව සාමකාමී හා ශිෂ්ඨ සම්පන්න බවත් ප්‍රකාශ කරයි. යූ අතර යුද්ධය සැබවින්ම අප්‍රකට අතර, වීරයන් හෝ නිර්මාණ තරඟ වලින්, ද්වත්ව සටන් වලින් ආරවුල් සමථයකට පත් කරනු ලැබිනි. ඔවුන් නියම ‍සේද වෙනුවට කපු පාවිච්චි කරනු ලැබුවා. පට පණුවන් මැරීම වළක්වා ගැනීමට අපරාධකරුවන්ට කස පහර දීම හෝ අප්‍රසිද්ධියේ බන්ධනාගාර ගත කිරීම කරනු ලැබූ අතර, දරුණු අපරාධකරුවන් මරණ දණ්ඩනයට ලක් කෙරුණි. ථේරවාද බුද්ධ දර්ශනය මත පදනම් වු අතර සියලුම දරුවන් අවුරුදු 7 සිට 20 දක්වා සාමනේර භික්ෂුන් වීම සිදුවිනි.


යූ නගර - රාජ්‍යයන් යූ රාජධානි‍යක් ලෙස කෙදිනකවත් ගොඩනොනැඟුනු අතර වඩා විශාල නගර විසින් කුඩා නගර යටත් කර ගැනීමට තැත්කරනු ලැබිනි. බොහෝ සෙයින්ම වඩාත් විශාලතම නගරය වන ශ්‍රි කේෂත්‍ර බුරුමයේ එදා මෙදා තුර බිහිවූ විශාලතම නගරය ලෙස පුරාවිද්‍යාත්මක සාක්ෂි කියාපායි. එය ස්ථාපිත වූ වර්ෂය නිවැරදිවම කිවනොහැකි වුවත්, යූ පුරාවෘත්ත කියාපාන්නේ එය ක්‍රි.ව. 94 දී රජ පෙළපත වෙනස්වීමට පෙර සිදුවුවක් බවයි. ශ්‍රි කේෂත්‍ර නගරය පෙනන හැටියට ක්‍රි.ව. 656 දී උතුරු අගනගරයක බලපෑම නිසා අත්හරිනු ලැබූ අතර, එම අගනගරය පිහිටි ස්ථානය නිවැරදිව කිව නොහැකිය. සමහර ඉතිහාසඥයන් එය හැලිංයි ලෙස විශ්වාස කරයි. තම අගනගරය කුමක් වුවත්, එය නවවන සියවසේ මැදභාගයේ කැන්සාවේන් රාජධානිය විසින් අතහරින ලද අතර, එය යූ අධිපත්‍යයේ අවසන් භාගය විය.

පාගන් රාජධානිය (1044 – 1287)

සංස්කරණය
 
පාගන් රාජධානිය

බාමර් (මන්ටා /මියන්මා) නමැති තවත් මිනිසුන් කොටසක් බුරුමයේ උතුරු ප්‍රදේශයට වන්නට ස්ථාපිත වීම ආරම්භ කළහ. ක්‍රි.ව. 849 දී ඔවුන් විසින් බලවත් රාජධානියක් පාගන් නගර මධ්‍යයේ පිහිටුවා ගනු ලැබීය.

බාමර් සම්ප්‍රදාය, ආරම්භයේ දී එහි යු,කෙට් හා කාන්සන් යන‍ග්‍රෝත්‍ර තුනක් පැවතුණි. සැබැවින්ම යු භාෂාවක් ලෙසත්, ගෝත්‍රයක් ලෙසත් හුදෙක් වියැකී යමින් පැවතුණකි.මොන් සහ මියන්මාර් යනු ක්‍රි.ව. 1113 කාලයට පසු අවධියට අයත් සමකාලීන සෙල්ලිපි දෙකකි වන.මේ සෙල්ලිපි වල සඳහන් 'මිරන්මා' යන වචනයට උරුමකම් කියන්නේ පසුකාලීනව පැමිණි සමජාතීන් රැල්ල‍ට එක්වී, නව අනන්‍යතාවක් කෙරෙහි මුළුමනින්ම ගැලුණු සහ පෙර කාලීනව දකුණු ටි‍බෙට්-බුරුම පෙරටු බල ඇණියක් වූ, යු නමැති සංක්‍රමණිකයින් ය.

පාගන් රාජධානිය, ක්‍රි.ව. 1097  තාටන් හි දී වොන් රාජධානිය පරාජය කර, බුරුමය සාර්ථක ලෙස එක්සේසත් කළ අනාවුත රජුගේ පාලන සමය තෙක් හුදෙකලාව සංවර්ධනය විය. ඔහුගේ ජයග්‍රහණයන් වන ක්යාන්සිකා සහ අලවුන්ග් යටතේ සිදුවු රාජ්‍ය පාලනය ඒකාබද්ධ කිරීම නිසා 12 වන සියවසේ මැද භාගයේ වන විට පාගන් රාජධානිය හෝ කේවර් අධිරාජ්‍යය යටතේ අග්නිදිග ආසියාවේ රාජධානි රැසක් පාලනය විණි. උතුරෙන් පැමිණි සංඝ සහ මොංගෝලියානු තර්ජන හමුවේ ඔවුන් අතට භූමිය සහ එහි සම්පත් හසුවීම නිසා පාගන් රාජධානිය කඩා වැටිමට ලක්වුණි. පාගන්හි අවසන් පාලකයා වු 'නිරාතිහපති' ගේ විශ්වාසය වූයේ මොංගෝලියානුවන් හා සටන් කර යනුන් දක්වා රාජ්‍යය පුළුල් කිරීමට හැකි බවය. ක්‍රි.ව. 1277 දී ඔහු නාගසවුන්ග්යන් හි ඇතිවූ යුද්ධයෙන් පරාජයට පත්වීමෙන් පසු පාගන් රාජධානිය සැබවින්ම බිඳ වැටීමට ලක්විය. ක්‍රි.ව. 1287 දී ඔහු තම පුතු අතින්ම ඝාතනයට ලක්විය. ඉන්පසු ‍මොංගෝලියානුවන් විසින් පාගන් රාජධානිය අල්ලා ගනු ලැබිණි. මොංගෝලියානුවන් විසින් ක්‍රි.ව. 1289 දී එම රාජවංශය අවසන් කර රූකඩ පාලකයෙක් බුරුමයේ ස්ථාපිත කළහ.

බුරුමයේ පැවති ටයුන්ගු රාජවංශය (1486–1752)

සංස්කරණය

15 වැනි ශතවර්ෂයේ අගභාගයේ දී නිතරම ෂාන් ගේ බලවත් ක්ෂණික පහරදීම්වලට අවා රාජධානිය පත්ව තිබිණි. එහි ටයුන් ගු සහ ප්‍රෝම් යන ප්‍රදේශ 16 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී බිදී ගියේය. වර්ෂ 1527 දී මොන්හයින් ෂාන් විසින් අවා හි රාජ්‍ය බලය තමා නතු කර ගත්තේය. පසුව බොහෝ බුරුම ජාතිකයින්ගේ ලේ හැලීමෙන් පසු නිරිත දිග රජු වූයේ මින්ගින්යෝගේය. ඔහු මයුන්ගු නගරය බුරුම පාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

මයින්ගු රාජධානියේ අලුතින් පාලකයා බවට පත් වූ ටැබින්ෂ්වෙට්ටි රජු 1539 වර්ෂයේ දී බොහෝ බලවත්ව පැවති පෙගු රාජධානියත් 1546 දී අරකන් හා 1548 දී සියම් යන රාජධානිත් සිය පාලනය යටතට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. යුරෝපීය වෙළෙඳුන්ගේ පැමිණිමත් සමග බුරුමය නැවතත් ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්විය. මැබින්ෂ්වෙට්ටි විසින් ඔහුගේ අගනගරය ආර්ථිකමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති පෙගු වෙතට ගෙන යන ලදි.


බයින්නවුන්ගෝ රජු බුරුම ඉතිහාසයේ ප්‍රබල අධිරාජ්‍යයා වීමට උත්සාහ කළේය. එහි දී ඔහු ආවා ජනපදය 1555 දීත්, ෂාන් ජනපදය 1557 දීත්, ලාන් නාත් (මියැව්ග් මායි) 1558 දී ත්, මනිපූර් 1559 දී ත්, අවුත්තය (සියම්) 1564, 1569 දීත්, ලාන් ෂ්‍යාන්ග් (ලාඕඩ්) (1574 ) දී ත් තමාගේ පාලනයට නතු කරගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිණිකොන දිග ආසියාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාලනයට යටත් විය. 1581 දී බයින්නවුන්ග් මියයාමත් සමග ඔහුගේ අතිවිශාල අධිරාජය බිදී ගියේ ය. 1584 දී සියම, නිදහස ප්‍රකාශයට පත් කළ අතර 1605 දක්වා බුරුමය සමග යුධ වැදුණි. සියම, ලාන්, ෂ්‍යාන්ග් සහ මනිපුර් තුළ 1593 සිට මයුන්ගු හි ආධිපත්‍යය නැති වී ගියේ ය. බුරුමයට, සියම සමග තිබෙන එදිරිවාදිකම් ප්‍රයෝජනයට ගෙන අරකනීස් බලකායන් පෘතුගීසි කුලී හේවායන්ගේ උදව් ලබාගෙන 1599 දී පෙගුව නතුකරගන්නා ලදි. ප්‍රධාන කුලී හේවායා වූ ෆිලිස් දි බ්‍රිටෝ ඉ නිකෝට් විසින් 1603 දී කාන්ලයින් හි පෘතුගීසි ආධිපත්‍ය යටතේ ගෝවා නැවතත් පිහිටුවන ලදි. එයින් රට තුළ අවුල් වියවුල් ඇති විය.

බයින්නවුන්ගේ වැඩිමහල් පුත් වූ අනව්ක්පෙට්ලුන් රජු 1613 දී පෘතුගීසි පරාජය කොට මනා කළමණාකාරීත්වයකින් යුතු කුඩා රාජධානියක් නැවත පිහිට වුයේය. එය ආවා කේන්ද්‍ර කොටගත් උත්තර බුරුමය, පහළ බුරුමය, ශාන් ජනපදය, හා ලාන් නා ප්‍රදේශය වට කොට ගත් එකක් විය. ඔහුගේ සහෝදරයා වූ කලුන් රජු විසින් යුද්ධයෙන් හෙම්බත් වූ රටක් ගොඩනගන ලදි. 1665 දී බර්මා විසින් ලාන් හා නහි රාජ්‍ය බලය ලබාගැනීමට සියම ගත් උත්සාහය පරාජය කරන ලදි. 17 වැනි සියවස ආරම්භයේ දී රාජධානිය ක්‍රමානූකූලව බිදවැටුණි. 1730 න් පසු ඉහළ චයින්ඕවින් මිටියාවත මැනිපියුරින් කොට්ඨාශයේ වර්ෂික ක්ෂණික බලවත් පහරදීම් වලට ලක්ව පැවැතුණි. ඩරාවැඩ්ඩි මිටියාවතේ පහත ප්‍රදේශයේ වාසය කළ මොන්ස් කොට්ඨාශය විසින් 1740 දී පාලන බලයට විරුද්ධව විවෘත ප්‍රතිරෝධයක් දියත් කරන ලදි. 1747 දී නව හත්තාවඩ්ඩි රාජධානිය පෙගු මුලිකකරගෙන පිහිටුවන ලදි. මයුන්ගු රාජධානිය අවසානයට පත්කර 1752 දී හන්තාවඩ්ඩි විසින් ආවා යටත් කර ගන්නා ලදි.

බ්‍රිතාන්‍ය සමඟ ඇතිවූ යුද්ධය හා බුරුම‍යේ බිඳවැටීම

සංස්කරණය

වර්ෂ 1752 දී අවා(Ava) රාජධානිය බිඳ වැටීමත් සමඟම ශිවිබෝහි නව පාලන පරපුරක් හන්තාවඩ්ඩිගේ බලයට එරෙහිව නැගී සිටියේය. මීළඟ වසර 70 පුරාම මැනවින් මිලිටරීකරණය (සන්නද්ධ) වූ කොන්බවුන්ග් පාලනය බයින්නවුන්ගේ අධිරාජ්‍යයට පමණක් විශාලත්වයෙන් දෙවැනි බුරුම අධිරාජ්‍යයක් සෑදීමට යත්න දරමින් සිටියේය. වර්ෂ 1758 දී ඇල්වුන්ග්පයා රජුගේ කොන්බවුන් හමුදාව මුලු බුරුමයම එක්සත් කළහ. එමෙන්ම මොන් ලෙඩ් හන්තාවඩ්ඩිගේ පාලනය නැවත ඇති නොවන්නට සහ ඔහුට අත දුන් යුරෝපීයන් එනම් ප්‍රංශයේ කාන්ලයින් හා ඉංග්‍රීසි ජාතිකයන් නෙග්රෙයිස් වෙත පලවා හැරීමට කටයුතු කරමින් සිටියහ.


වර්ෂ 1759 සිට 1776 දක්වා බුරුමය හා සියම නොකඩවා යුද්ධයේ යෙදී සිටියහ. වර්ෂ 1760 දී ඇල්වුන්ගායා ටෙනාස්සෙජිම් වෙරළ තීරයේ පාලනය නතුකරගත්තේය. වර්ෂ 1767 දී සින්බයුෂින් ආයුත්තය ආක්‍රමණය කල අතර, 1765 හා 1770 අතර සමයේ දී චීන ආක්‍රමණයන්ට සාර්ථකව මුහුණ දුන්නේය. බුරුම ජාතිකයන් හා චීන ජාතිකයන් අතර තිබු එදිරිවාදිකම් ප්‍රයෝජනයට ගත් සියම් ජාතිකයන් ඔවුන්ට අහිමි වු බල ප්‍රදේශ නැවත ලබාගැනිමට, 1776 දී ලැන් හා ආක්‍රමණය කරමින්දශක දෙකක කාලයක් බුරුම අධිපත්‍ය බිඳ දැමීමට සමත් විය. බුරුමය හා සියම 1785 සිට 1787 දක්වාත්,1792 දී, 1793, 1804, 1808  යන වර්ෂවලත් 1852 සිට 1854 දක්වාත් එකිනෙකාට එරෙහිව යුධ වැදි අතර ඒ සියල්ල ජය පරාජයෙන් තොරවිය. දශක ගණනාවක යුද්ධයෙන් පසු රටවල් දෙක කඩිනමින් ටොස්සොරිම් හා ලන්හා නගර හුවමාරු කරගන්නා ලදී.

ප්‍රබල චීනය, ඊසාන දිගින් හා ශක්තිමත් සියම, ගිණිකොණ දෙසින් බලපෑම් කරද්දී බොදව්පයා රාජධානිය බටහිර දෙසට ව්‍යාප්ත කරන ලදි. වර්ෂ 1784 දී ඔහු අරාකන් නගරය ආක්‍රමණය කල අතර, ඉන්පසු 1813 දී මණාපුර් නගරය ඔහුගේ රාජ්‍යයට ඈඳා ගන්නා ලද අතර වර්ෂ 1817 හා 1819 අතර කාලයේ දී ඇසෑමය අත්පත් කරගන්නා ලදී. ඉන්පසු බ්‍රිතාන්‍ය ඉන්දු දේශ සීමාව දක්වා ගමන් කරන ලදී. බොදව්පයා තම යුවරජු වන භාග්‍යාදව් 1819 දී මණිපුර් වෙතත්, 1821 දී සිට 1822 දක්වා ඇසෑම් වෙතත්, බ්‍රිතාන්‍ය ගැති විප්ලවකරුවන් යටත් කර ගැනීමට පිටත් කරන ලදි. විප්ලවවාදීන් බ්‍රිතාන්‍ය ප්‍රදේශවල සිට බුරුම දේශසීමාව දක්වාත්, බුරුම ජාතිකයන් බ්‍රිතාන්‍ය ඉන්දු දේශ සීමාව වෙතත් ගමන් කිරීම නිසා පළමු ඉංග්‍රීසි - බුරුම යුද්ධය ආරම්භ විය. (1824 - 1826)

බ්‍රිතාන්‍යයට නතු වූ ඉන්දියාව තුළ පැවති දීර්ඝකාලීන මෙන්ම වියදම් අධිකම යුද්ධය බ්‍රිතාන්‍යයන්ට ජය අත්කර දෙමින් නිමා විය. බුරුමය සතුවු බොදව්පයා විසින් නතු කරගත් නගරවන අරකන්, මනිපුර්, ඇසෑම් සහ ටෙනාස්සෙරිම් ඔවුන්ට අහිමි විය. පවුම් මිලියනයක් පමණ යුද වන්දියක් ගෙවීම නිසා බුරුමය වසර ගණනාවක් තිස්සේ පීඩනයට පත්විය. වර්ෂ 1852 දී ඇති වු දෙවන බුරුම ඉංග්‍රීසි යුද්ධයේ දී බ්‍රිතාන්‍ය තනිවම වඩාත් පහසුවෙන් පේගු ප්‍රාන්තය යටත් කරගන්නා ලදී. යුද්ධයෙන් පසු මින්ඩොන් රජු බුරුමයේ තත්වය හා ආර්ථිකය නවීකරණය කිරීමට උත්සාහ දරන ලදී. 1875 දී කිරන්නි ප්‍රාන්තය අතහැරීම ඇතුළුව බ්‍රිතාන්‍ය අත පෙවීම් වැළැක්වීමට වෙළඳ හා ප්‍රාදේශිය ප්‍රතිපත්ති සකසන ලදී. කෙසේ වෙතත් ප්‍රංශ ඉන්දු, චීන ජාතිකයන්ගෙන් ඇතිවන අනතුරු වටහාගත් බ්‍රිතාන්‍ය, තුන්වන ඉංග්‍රීසි - බුරුම යුද්ධයේ දී බුරුමයේ ඉතුරු කොටස තම අධිරාජ්‍යට ඈඳා ගැනීමට සමත් වු අතර, අවසන් බුරුම රජු වු තිබෝ ෆා ඔහුගේ පවුල ඉන්දියාවට නෙරපීමට කටයුතු කරන ලදී.

බ්‍රිතාන්‍ය පාලනය

සංස්කරණය

වර්ෂ 1886 දී බ්‍රිතාන්‍යන් විසින් රැන්ගූන් අගනගරය යටත් කරගැනීමත් සමඟ බුරුමයද ඉන්දියාවේ පළාතක් බවට පත් කෙරිණි. රාජ්‍යයේ බිදවැටීම සහ ආගම්, රාජ්‍යයේ විභේදනය, සම්ප්‍රදායික බුරුම සමාජය උග්‍ර ලෙස වෙනස් කිරීමට හේතුවිය. යුද්ධය සති දෙකකින් නිළවශයෙන් නිමාවට පත් වූවත්, 1890 තෙක්ම උතුරු බුරුමයේ විරෝධතා පැවතුණි. අවසානයේ බ්‍රිතාන්‍යයෝ ගම්බිම් ක්‍රමයෙන් විනාශ කිරීමටත්, ගරිල්ලා ක්‍රියාකාරකම් නැවැත්වීමට අලුත් නිළධාරින් පත්කිරීමටත් පියවර ගත්හ. සමාජයේ ආර්ථික ස්වාභාවය ඉතා විස්මය ජනක අයුරින් වෙනස් විය. සුවස් ඇළ විවෘත කළ පසු බුරුම සහල් වලට ඇති ඉල්ලුම ඉහළ නැගීමට පටන් ගත්තේය. ගොවිතැන සඳහා විශාල ප්‍රදේශ වෙන් කෙරිණි. කෙසේ වුවත් ගොවිතැන සඳහා බිම් සකස්කිරීමේ දී 'ෂෙට්ටි නමැති ඉන්දීය වෙළඳුන්ගෙන් ඉතා ඉහළ පොලී අනුපාතිකයකට යටත්ව මුදල් ණයට ගැනීමටත්, පිටත ඇති බිම් වල වගා කිරීමටත් ‍ගොවීන්ට බල කෙරුණි. බොහෝ රැකියා, කාල නියමිත ඉන්දීය ශ්‍රමිකයන් ලෙසත්, තවත් බොහෝ ගම් සාහසික අපරාධකරුවද මංකොල්ල කෑම් සිදුකිරීමටත් පටන් ගැනුණි. බුරුම ආර්ථිකය ශක්තිමත් වන අතරේ සියලුම බලය හා ධනය, බ්‍රිතාන්‍ය ව්‍යාපාර, ඉංග්‍රීසි (ඇන්ග්ලිකන්) බුරුම සහ ඉන්දීය සංක්‍රමනිකයන් අත රඳා පැවතුනි. සිවිල් ‍සේවයේ ඉංග්‍රීසි (ඇන්ග්ලිකන්) බුරුම සමාජය සහ ඉන්දීයන් විසින් කළ අතර බුරුම වැසියන් මුළුමනින්ම පාහේ හමුදා සේවයෙන් ද බැහැර කරනු ලැබිනි. රට සෞභාග්‍යමත් වුවත්, එහි අස්වැන්න නෙලා ගැනීමට බුරුම ජනතාවට නොහැකි විය.(වාර්තාවක් සඳහා ජෝජ් ඕවල්ගේ 'බුරුම දින' බලන්න). 1960 දශකයේ මැද භාගය තුළ යටත් විජිත පාලන සමය මුළුල්ලෙහිම ඉංග්‍රීසි බුරුම ජාතිකයින් රටේ වැජඹුනු අතර දේශිය මහජනතාව අතර අප්‍රසාදයට ලක්විණි.


දශකයකට පසු දේශාභිමානි බලවේගකරුවෝ ක්‍රිස්තියානි සංගමයේ ආදර්ශයට අනුව තරුණ බෞද්ධ සංගමය(YMBA)යනුවෙන් ආගමික සංවිධානයක් පිහිටුවා ගත්හ. එයට යටත් විජිත පාලකයින්ගේ අනුමැතියද ලැබුණි. පසුව එය බුරුමයේ ගම් පුරා නිසිලෙස හටගත් වුන්තනු අතින්(Wunthanu athin)හෝ ජාතික සංවිධාන වලට සම්බන්ධ බුරුම සංවිධානයේ මහා සභාව (GCBA) විසින් අවලංගු කරනු ලැබිනි. බුරුම පාලකයන්ගේ නව පරපුර විසිවන ශතවර්ෂයේ මුල භාගයේ දී නීතිය ඉගෙනීමටත්, ලන්ඩනය කරා යෑමට අවසර ගත් උගත් පංතියෙන් හට ගැනුනකි. ඔවුන් මෙම අත්දැකීමෙන් ඉවත් වුහ. බුරුම තත්වය ප්‍රතිසංස්කරණය තුළින් දියුණුකිරීමට හැකි බව විශ්වාස කරමින් 1920 ආරම්භක අවධියේ දී ප්‍රගතිශිලී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, ඉන්දීය පරිපාලනය යටතේ සීමිත බලය සහිත ව්‍යවස්ථාදායකයක්, විශ්වවිද්‍යාලයක් සහ වඩා ස්වෛරී බුරුම රාජ්‍යයකට මඟපෙන්වීය. සිවිල් සේවයේ බුරුම නියෝජනය වැඩි කිරීමට ද පියවර ගනු ලැබිනි. සමහර ජනතාවට වෙනස්වීමේ සීඝ්‍රතාවයක් ප්‍රතිසංස්කරණ ව්‍යාප්තවීමත් ප්‍රමාණවත් නොවන බව හැගුණි.

අන්ග් සන්ගේ මිනීමැරුමට ජපානය පාවාදීම

සංස්කරණය

1942 දී යුද්ධ කටයුතුවල දී මිනීමැරුමක් සිදු කිරීමට අන්ග් සන්ගෙන් ඉල්ලා සිටි බව පැවසේ. එහිදී බර්මාට එරෙහිව ජපානය පාවාදීම හේතුවෙන් යුද්ධමය ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදී. යුද්ධය අවසන් වූ පසු බ්‍රිතාන්‍යය රජු ඉවත් විය. නැවත ඇති කළ ආණ්ඩුව විසින් දේශපාලන ක්‍රියාවලියක් අනුගමනය කරන ලදී. ඒ භෞතික වශයෙන් රට නැවත ගොඩනැගීමට සහ නිදහස පිළිබඳ සාකච්ඡා ඇරඹීම පමා වීම හේතුවෙනි. AFPFL රජයට විරුද්ධ වෙමින් දේශපාලන අස්ථාවර භාවයක් රට තුල ඇති කරන්නේ එවිටයි. AFPFT තුළ කොමියුනිස්ට් හා සමාජවාදීන් (AFPFT ) අතර භේදයක්ද මෙකළ හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1946 ජූලි මාසයේදී සාමාන්‍ය ලේකම් තම ධූරයෙන් ඉල්ලා අස්වෙයි. එම ඔක්තොම්බර් මාසයේදී AFPFT හි CPB නෙරපාදැමීමද සිදුවේ. හර්බට් රෑන්ස් නව ආණ්ඩුකාර තනතුරට පත් වන අතර ඔහුගේ පත් වීමෙන් පසු සැප්තැම්බර් මාසයේදී රැන්ගූන් ආරම්භ වේ. පසුව රාජ්‍ය සේවකයින්ද වර්ජනයට එක් වේ. රෑන්ස් මෙය සමථයකට පත් කිරීමට අන්ග් සන් හමුවී ඔහුගේ AFPFT සාමාජිකයන් සමඟ ආණ්ඩුකාර විධායක කවුන්සිලයට එක් වේ. මෙම නව කවුන්සිලය රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් නිදහස වෙනුවෙන් ගිවිසුම් ඇති කර ගනී. ඔහු 1947 ජනවාරි 27 දින අන්ග් සන් ඇට්ලී (Aung san-Atlee) ගිවිසුම සාර්ථකව අවසන් කරයි. ඔහු සුළු පක්ෂ සමඟද සාර්ථක ගිවිසුමක් ඇතිකර ගන්නා අතර පෙබරවාරි 12 එක්සත් දිනය ලෙස සමරන ලදී. AFPFL හි ජනයා අන්ග් සන් සහ සමාජවාදීන්ට දායකවු අතර 1947 අප්‍රේල් පවතින මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබාගනී. 1947 ජූලි 19 වන දින අගමැති කෙනෙකු වු බර්මා විසින් මහලේකම් කාර්යාලයේදී අන්ග් සන් සහ අනෙක් සාමාජිකයන් ඝාතනයට සැලසුම් සකස් කරන ලදී. ජූලි 19 වැනි දිනය සමරන්නේ මාර්ටීස් දිනය (Martys’) ලෙසිනි. පසුව සමාජවාදී නායක තකින් නූ නව අමාත්‍ය මණ්ඩලයක් පිහිටුයි. ඔහු 1948 ජනවාරි 4 දින බර්මාස් නිදහස වෙනුවෙන් මූලිකත්වය ගනී. බර්මා බ්‍රිතාන්‍ය සමූහාණ්ඩුවට එක් නොවීමට තීරණය කරයි.

ස්වාධීන බුරුමය

සංස්කරණය

1949 චීනයේ කොමියුනිස්ට් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසුවත් උතුරු බුරුමයේ දුරස්ථ ප්‍රදේශ, බොහෝ කාලයක් හමුදා බලය යටතේ පාලනය විය. මෙම මුල් අවුරුදු වල නැවත ඉදිකිරීම සඳහා බුරුමය විදේශීය සහාය පැතීය. නමුත් බුරුමයේ සිටින චීන ජාතික හමුදාවට නිරන්තරයෙන් ඇමරිකානු සහාය ලැබීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස බුරුම රජය විසින් බොහෝ විදේශීය ආධාර ප්‍රතික්ෂේප කරන ලදි. එමෙන්ම බුරුමය දකුණු ආසියාතික සන්ධානයට (SEATO)එක්වීමටද අකමැති විය.ලෝක සබඳතා වලදී බුරුමය අපක්ෂපාතීව ක්‍රියාකළේය.

1958 වනවිට රට විශාල වශයෙන් ආර්ථික වර්ධනයක් ලබා තිබුණද, එහි දේශපාලනික වශයෙන් බිඳ වැටීමක් දක්නට හැකි විය. AFPFL දෙකට බෙදීම නිසා එම තත්ත්වය ඇති විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය පාර්ලිමේන්තුව තුළ අස්ථාවර බවක් ඇති කළේය. CPB හා යූ නූ අතර ගිවිසුමක් ඇතිකර ගැනීම හමුදාවන් තුළ බියක් ඇතිවීමට හේතුවිය. බයක් හට ගැනිනි. මේ අවස්ථාවේ යූ නූ විසින් හමුදා මණ්ඩලයට රට පවරා ගැනීමට ආරාධනා කළහ. එහිදී 400 කට අධික කොමියුනිස්ට්කරුවන් සිර කළ අතර ඔවුන් අතර NUF නායක අන්ග් තාන් වැනි අයද සිටියහ. ඉන්පසු නී වින්ගේ භාරකාර රජය සාර්ථක ලෙස ස්ථාපිත විය. 1960 මැතිවරණයෙන් පසු ෂාන් පක්ෂය වැඩි බහුතරයක් ලබාගත්තේය. මෙම තත්වය බොහෝ කාලයක් ස්ථාවරව නොපැවතුණු අතර පසුව ෂාන් සමූහාණ්ඩුව ආරම්භ විය. නී වින්, ෂාන්ගේ සමූහාණ්ඩු බලය සාර්ථක ලෙස ඉවත් කරමින් 1959 දී විශ්‍රාමික වැටුපක් ද ලබා ගත්තේය.1962 මාර්තු 2, ඔහු විසින් කුමන්ත්‍රණයක් ඇතිකිරීමෙන් පසු යූ නූ සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී.

බුරුම ඉතිහාසයේ හමුදාමය යුගය

සංස්කරණය

1962 මාර්තු 2 වැනි දින නී වින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නියෝජිතයන් 16 දෙනෙකු සමඟ කුමන්ත්‍රණකාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් යූ නූ, ශාඔස් (Saoshw)සහ තවත් පිරිසක් සමඟ එක්ව සමාජවාදී රාජ්‍යයක් ගොඩනැඟුවේය. ඔවුන්ගේ විප්ලවවාදී සභාවේ ඉදිරි වැඩ සඳහා දායක වු ශාඔස්, තක් ස් සන්, සඔ යී තයික් යන අය කුමන්ත්‍රණ වලට ලක්ව මරණයට පත්වුහ. තිබා සයුබ්වා, සඕ ක්යා සෙන්ග් යන අයද පරීක්ෂණ ස්ථානවලදී අතුරුදහන් විය. නොයෙක් විරෝධතා හා කුමන්ත්‍රණවලට හමුදා ප්‍රතිචාර ලැබුණු නමුත් ඒවා එතරම් දැඩි නොවීය. කෙසේ නමුත් 1962 ජූලි 07 වැනි දින රැන්ගූන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අරගලය හමුදා බලය යොදා මැඩපැවැත්වූ අතර එහිදී ශිෂ්‍යයන් සිය ගණන් මියගියහ. පසුව හමුදාව විසින් ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල වට කරන ලදහ. පසුව සාම සාකච්ඡා පැවැත්වූහ. RC සහ ආයුධ සන්නද්ධ කැරළිකාර කණ්ඩායම් අතර 1963 දී පැවැත්වු එම සාකච්ඡා අසාර්ථක වූන අතර සිය ගණන් පිරිසක් අත් අඩංගුවට පත්විණි.1964 මාර්තු සියළු ප්‍රතිවාදී දේශපාලන පක්ෂ තහනමට ලක්විණි. 1961 දී KIO සංවිධානය ආරම්භ කළ අතර එමඟින් බුද්ධාගම රජ්‍ය ආගම බවට පත්විය. ශාඔස්, තක්ස් ගේ බිරිඳ මැඩරි සහ ඔහුගේ පුතා චෝ ට්වැන්ග් ෂෑන් හමුදාවට නායකත්වය දුන්නහ. 1962 දී ඇතිවූ සටන්කාමී කුමන්ත්‍රණයේ ප්‍රධාන ප්‍රථිඵලය වූයේ 1964 දී ඇතිවු කැරැල්ලයි. නී වින් ඔහුගේ දැක්ම අනුව වහ වහා බුරුමය සමාජවාදී ජනරජයක් බවට පත් කර අනෙක් රටවල් වලින් හුදකලා කළේය. තවද තනි පක්ෂයක් සහිත දේශපාලනයක් ද හඳුන්වා දෙන ලදී. වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රය රජයට අයිති කර ගන්නා ලදී. නමුත් ආර්ථිකය දියුණු වූයේ නැත.1972 අප්‍රේල් මාසයේ ජෙනරාල් නී වින් හා ඔහුගේ කැරලි සගයන් විශ්‍රාමික ගති. නමුත් යූ නී වින් පක්ෂය මගින් රට පාලනය කරගෙන ගියේය.1974 දී අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර එහි ප්‍රථිඵල හැටියට ව්‍යවස්ථාදායක සභාවක් , විධායකයක්, අපක්ෂපාතී අධිකාරියක් හා ප්‍රාදේශීය කවුන්සල ඇති විය. අලුත් රජයේ ජනපති ලෙස නී වින් පත් විය.

දූෂණයට එරෙහිව 1974 දී රැන්ගූන් හා ඒ අවට ප්‍රදේශයෙන් ජනතා කැරැල්ලක් ඇති විය. වංචාව, දූෂණය, ආහාර හිඟය මෙහිදී ඇති විය.ඉන්පසු රැන්ගූන් වැඩකරුවන් අත් අඩංගුවට ගන්නා ලදී.

1974 දෙසැම්බර් මාසයේ දී රජයට විරුද්ධව සිටි UN ලේකම් ජනරාල් යූ තැන්ට් මියගියේය. යූ තැන්ට් යනු හිටපු අගමැති යූ නුස්ගේ ලඟම උපදේශකයෙකි. ඔහු විරුද්ධ පක්ෂයේ සංකේතය ලෙස සලකන ලදී.

1988 සිට බුරුම ඉතිහාසයේ අර්බුද

සංස්කරණය

1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි රජය විසින්පනවා තිබු සීමා ඉවත් කළ නිසා ආර්ථික වර්ධනය වේගවත් වීමට පටන් ගත්තේය. නමුත් 1980 දශකයේ අගදී වෙළඳ ද්‍රව්‍ය වල මිල පහත වැටී, ණය වැඩි වීම නිසා ආර්ථික අර්බුදයක් ඇතිවිය. 1987-1988 කාලයේදී විදේශ ආයෝජන වැඩි කිරීමට හා ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම උත්සාහ ගති. මෙය ප්‍රමාණවත් උත්සාහයක් නොවුණත් රට තුළ පැවති කලබලකාරි තත්ත්වය වැඩි වීම වැළැක්වීමට කාලීනව කිසියම් ක්‍රියාමාර්ග වලට එළඹීම අවශ්‍ය විය. මෙහිදී බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබාගැනීමටද නියෝග කෙරිණි. 1987 සැප්තැම්බර් නී-වින්හිදී එම මුදල් නෝට්ටු තහනම් කළේය. එසේ කිරිමට ප්‍රධාන හේතුව වුයේ ඔහුගේ මිත්‍යා ඇදහීම්ය. ඔහු අංක නවය වාසනා අංකය ලෙස සැලකූ බැවින් 45 හා 90 නොට්ටු වලට පමණක් ඉඩ දුන්නේය. දුර්මා(Durma) පැමිණි පසු එහි ආර්ථික බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. නී-වින් 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස එවකටද තනතුර හෙබවු බැවින් බලය ඉතිරිව පැවතුනි. 1988 දී ශිෂ්‍ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්‍රියාකිරීම සමඟ සියගණන් ශිෂ්‍යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා මර්ධනය කරන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්‍රචණ්ඩත්වය හා ව්‍යාකූලත්වය බල පැවැත්විණි. මේනිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර සෝඔ-මුන්ග් අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 වැනි දින දී, පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු ක්නින්-යුන්ට්, FLORC හි ලේකම් ලෙස පත් විය. 1989 මාර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමාවෙන් නෙරපා දැමීමට වහා අණ කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=බුරුම_ඉතිහාසය&oldid=464911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි