බුදු දහම බටහිරට පැතිරිම බෞද්ධයන් හා ග්‍රීකයන්ගේ ග්‍රික - බෞද්ධ කලා නිර්මාණ හේතුවෙන් බුදුදහම පිළිබද තොරතුරැ හා කථාවස්තු බටහිරට ඉබේම පැතිරිනි. බුදුරජාණන් වහන්සේගේ ජිවිතය පිළිබදව චැමස්කස් හි ජෝන් විසින් පරිවර්තනය කරන ලද පොතක් ක්‍රිස්තියානින් අතර බාර්ලාම් හා ජොසෆට්ගේ කථාව ලෙස ප්‍රසිද්ධියට පත් විය.

1300 වන විට ජොසෆට්ගේ කථාව කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ඔහුව ශාන්තුවරයෙකුගේ තත්ත්වයට උසස් කරන ලදි.


ඉන්පසු යුරෝපීයන් හා බෞද්ධ හමුව සිදුවන්නේ 1253 ප්‍රංශයේ ශාන්ත ලුවිස් රජතුමා රැබටක් හි විලියම් නම් පූජකවරයා මොංගෝලියානු රාජ සභාවේ රාජ්‍ය දූත මෙහෙවරකට යැවීමෙන් අනතුරැවය. මෙම හමුව වර්තමාන කසතක්ස්ථානය නම් ස්ථානයේ සිදු වූ අතර විලියම් ඔවුන් හිතුවක්කාර ක්‍රිස්තියානින් ලෙස හැදින්විය.

බුදු දහම පිළිබදව වඩාත්ම අවධානයක් යොමු වුයේ යටත් විජිත සමයේ දී බටහිර වැසියන් චීන බුදුදහම කෙරෙහි ඇති විශ්වාසය හා කලා නිර්මාණ දැකීමෙනි. මෙම සමයේ දී යුරෝපීය දර්ශන වාදය පෙරදිග ආගම් වලින් බලවත් ලෙස ආභාෂය ලැබීම 1853 දී ජලානයේ ලෝකයට විවෘත වීමෙන් අනතුරැව ජපානයේ කලාව හා සංස්කෘතිය පිළිබදව අවධානය යොමු වූ අතර ලෝකයේ පවතින ඉතාමත් දියුණු බෞද්ධ සංස්කෘතියක් අධ්‍යයනයට අවස්ථාව සැලසුනි. 20 වන සියවසේ ඇති වු අර්බුධ සමග බටහිර ජනතාව තවත් බුදුදහමට නැඹුරැ විය.