බිලිඳකුගේ රෝගයන් නොවන සමේ වෙනස්කම්
අලුත උපන් බිලිඳකුගේ බොහෝ සමේ වෙනස් කම් දැකිය හැකිය. නමුත් මෙසේ දැකිය හැකි වෙනස්කම් වලින් ඇතැම් ඒවා රෝගී තත්වයන් නොවේ. ඒවා කාලයත් සමග ක්‍රමයෙන් නැතිවී යයි.
01. VERNIX CASEOSA
සංස්කරණයගර්භණී සමයේ අවසන් ත්‍රෛයි මාසිකය වන විට ආරක්ෂාකාරී පටලයක් මේ අයුරින් සෑදීම ඇරබේයි. එය සමහර විට මුලු ඇගම හෝ කොටස් පමණක් ආවරණය විය හැක.
02. CUTIS MARMORATA
සංස්කරණයමෙය අලුත උපන් දරුවාගේ ඇග සීතල වීමට එරෙහිව රුධිරවාහිණී දක්වන ප්‍රතිචාරයන් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී රුධිර වාහිණී විශාල වීමක් සිදුවේ. මෙය සමමිතිකය. එනම් ඇගේ දෙපස ඒකාකාරව දැකිය හැකිය.
03. ACROCYANOSIS AND ERYTHEMA NEONATORUM
සංස්කරණයමෙය සමමිතිකව දෙපා සහ දෙඅත් වල නිල් පැහැයට හුරු ගැන්වීමකි. මෙය විටින් විට ඇතිවිය හැකිය. පලමු සතිය තුලදී නැතිවී යයි. නමුත් මෙය රුධිර වාහිනී හෝ ස්වසන රෝගී තත්වයන්ගෙන් ඇතිවන Cayanosis තත්වයෙන් වෙනස් කර හදුනා ගැනීම වැදගත්ය.