රාජා හෝ මා හෝ ගංගා හෝ

රාජා හෝ මා හෝ ගංගා හෝ යන කියමන අප කොතෙකුත් අසා ඇත.එහෙත් එය අසා ඇති මුත් අපි එහි ඇරඹුම කෙසේ සිදු වූ දැ යි නොදනිමු.බැරැන්ඩි හෙවත් බයිරැන්ඩි යනු ශිව දෙවියන් හදුන්වන පර්යාය පදයකි.උන් වහන්සේ වෙනුවෙන් ඉදිවන අලංකාරවත් කෝවිල සීතාවක රාජ්‍යයේ ඉදි කිරීම සීතාවක රාජසිංහ රජුගේ ඉමහත් බලාපොරොත්තුවක් විය.

තම සිතැගි පරිදි ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදි කිරීම සදහා රජුට ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙක් සිටියේය. ඒ අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් ය. වංශවත් දෙමළ පවුල්වලට අයත් වූ ඔවුහු ශිව ආගම ඇදහූවෝ වෙති.සිංහල ජනතාව අතර වැජඹුණු ඔවුහු රජතුමා ගේ ද විශ්වාසය දිනා ගත්තෝය.

අරිට්ය කී වෙන්ඩු පෙරුමාල් රාජ්‍ය සේවයට එකතු විය.ඒ මනම්පෙරුම මොහොට්ටි ලෙස ඔහු සිය නම ද වෙනස් කොට ය.ඔහු සීතාවක රජුගේ මහාමාත්‍ය ධුරයට ද පත් විය. ශිව ආගම වැළද ගැනීමට රජු පෙළඹවූ පුද්ගලයා ද වූ යේ මනම්පේරි මොහොට්ටිය.ඒ නිසා මහා සංඝයා ඇතුළු ජනතාව ඔහුට විරුද්ධ විය.එහෙත් රාජ උදහස නිසා එය එළියට පැමිණුනේ නැත.


   බැරන්ඩි කෝවිලේ ඉදි කිරීම සිදු වූයේ මිනිසුන් දෙදහසකගේ පමණ දායකත්වයෙනි.එය අවුරුදු 20ක් තිස්සේ සිදු කෙරුණු බව සදහන් වේ.

අවිස්සාවේල්ල,යටියන්තොට පාරේ ගමන් කරන විට හමුවන තල්දූව හංදියේ සිට මීටර් 100 පමණ දුරින් බැරැන්ඩි කෝවිලේ නෂ්ටාව‍ශේෂ අද පවා දැක ගත හැක. සීතාවක ගග සමීපව එදා සීතාවක රාජධානියේ අග නගරය වූ වර්තමාන අවිස්සාවේල්ලට පෙනෙන මායිමේ බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණි.

අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් විසින් බැරැන්ඩි කෝවිල ඉදි කර ඇත්තේ අවසානයක් දැකීමට නම් නොවේ.බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොවූ බවට එම ස්ථානයේ දී ම දැක ගත සාධක ඒ සදහා සාක්ෂි දරමින් ඇත.

අවුරුදු 20ක් තිස්සේ ඉදිකිරීම් කටයුතු සිදු කළ ද ඒ රජු විසින් ඇවටිලි කරන වේලාවට පමණක් බවට ද උගතුන් අතර සැකයක් පවතී. තවමත් බැරැන්ඩි කෝවිල සමීප ව අඩක් නිම කළ ශිලාමය නටබුන් එම අදහස වඩාත් තහවුරු කරයි.

මනම්පේරි මොහොට්ටි මෙය නිම වනු දැකීමට කොතරම් අලස වූයේ ද යන්න ඔහු කළ බවට කියවෙන ජනපවාදයේ තවමත් රසවත් ලෙස පවතින රාජා හෝ මා හෝ ගංගා හෝ යන කියමනෙන් ගම්‍ය වේ. බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු රජු මිය ගිය පසු අතහැර දැමිය හැකි බව ඔහු සිතුවේය.නො එසේ නම් තමා මිය ගිය පසු එම කරදරය නිම වන බවට ඔහු සිතුවේය.නැති නම් ගග ගලා බැරැන්ඩි කෝවිල විනාශ වනවාට ඔහු තුළ කැමැත්තක් තිබිණි.ඉහත කියමන ජනතාව අතරට පැමිණ ඇත්තේ මෙසේ ය.

බැරැන්ඩි කෝවිල ඉදිකිරීම් කටයුතු බාරව සිටි අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් ද පසු ව ජනතාවගේ අකමැත්ත ට පත් වූවේය.

සීතාවක රාජසිංහ රජුගේ අකල් මරණයෙන් පසුව රාජසූර්ය නමැති කුමාරයා බලයට පත් වුණි.ඔහු රාජසිංහ රජුගේ මුනුබුරෙකි.එහෙත් අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් එයට කැමති නොවීය.එම කුමරා ද සීතාවක රජු ඝාතනයට හවුල් වූ අයකු ලෙස පෙරුමාල්ට සැක ඇති වී තිබුණි.

පෙරුමාල් විසින් එම කුමරු ඝාතනය කරන ලද්දේ එම අමනාපය නිසාය.ඉන් පසු ව රජකමට පත්වූයේ රාජසිංහ රජුගේ සහෝදරියක වූ මපා බිසෝ බණ්ඩාර දේවිගේ පුත්‍රයෙකි. මෙලෙස කාලය ගත වී අපට බැරැන්ඩි කෝවිල උරුම වූයේ නිම නොවූ කෝවිලක් ලෙසිනි.


By @AnUnknownName2007

"https://si.wikipedia.org/w/index.php?title=බැරැන්ඩි_කොවිල&oldid=534281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි