බැට්ල්ෆීල්ඩ් (වීඩියෝ ක්‍රීඩා මාලාව)

බැට්ල්ෆීල්ඩ් (ඉංග්‍රීසි: Battlefield) යනු 2002 සිට එළි දැක්වුනු ප්‍රථම පුද්ගල වෙඩි තැබීමේ (First Person Shooter) වීඩියෝ ක්‍රීඩා මාලාවකි. මුලු මාලාවම EA DICE නම් ස්වීඩන ආයතනය විසින් සංවර්ධනය කර ඇමරිකානු Electronic Arts ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි පළමු ක්‍රීඩාව ලෙස Battlefield 1942 මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ OS X මෙහෙයුම් පද්ධති වලට නිකුත් කරන ලදි. මෙම ක්‍රීඩා මාලාවේ විශේෂත්වයක් වන්නේ විශාල ප්‍රදේශවල, කණ්ඩායම් ලෙස වාහන සහිත යුද්ධවල ක්‍රීඩා කිරීමට ඉඩ සැලසීමයි. ක්‍රීඩා මාලවේ ප්‍රධානම අංගය වූයේ එහි ඇති බහුක්‍රීඩක පහසුකම හෙවත් වෙනත් ක්‍රීඩකයන් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කිරීමට හැකි වීමයි. 2002 සිට මේ දක්වා මෙම මාලාව ඔස්සෙ ක්‍රීඩා 11 ක් සහ අමතර පැකේජ 12 ක් එළි දක්වා ඇති අතර 2012 වනවිට ලොව වටා ක්‍රීඩකයන් මිලියන 50 කට වැඩි ප්‍රමානයක් ඒවා ක්‍රීඩා කොට ඇත.