බාල ත්‍රිපුර සුන්දරී

බාල ත්‍රිපුර සුන්දරී (සංස්කෘත: बला त्रिपुरा सुंदरी, IAST: bāla tripura sundarī) සහ බාලාම්බිකා යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිපුර සුන්දරී දෙවඟනගේ දියණිය හෝ බාල ස්වරූපය යි. දේවි බාලාගේ ස්වරූප 64 ක් ඇති අතර ඇය ශ්‍රී විද්‍යා සම්ප්‍රදාය තුළ පුළුල්ව වන්දනාමාන කරයි.

ඇය පිළිබඳව ලලිතෝපාඛ්‍යානය, ත්‍රිපුරා රහස්‍ය, තන්ත්‍රරාජ තන්ත්‍ර සහ බාලාම්බිකා දසකම් ආදි ශුද්ධ ලියවිලි වල සඳහන් වේ. බාලාම්බිකා දේවියගේ ස්වරූපය තුළ අත සතරක් ඇත. පහළ අත් වලින් අභය සහ වරද මුද්‍රාවන්ද, ඉහළ අත් දෙකෙන් පූජනීය පෙළපොතක් සහ ජපමාලයක් අල්ලාගෙන සිටී. ඇය අවුරුදු 9 ක පමණ වයසැති දරුවෙකු ලෙස සලකනු ලබන අතර, වඩා හොඳ ජීවිතයක් සඳහා සැබෑ දැනුම, අධ්‍යාපනය, ප්‍රඥාව, ශක්තිය සහ සමෘද්ධිය ගෙන දෙන බව කියනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බාල_ත්‍රිපුර_සුන්දරී&oldid=513017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි