බාලදක්ෂ ව්යා‍පාරය සහ එහි නව්යසතා

1907 දී ශ්‍රීමත් රොබට් ස්ටීවන්සන් ස්මිත් බෙඩ්න් පවෙල් සාමිතුමා විසින් ආරම්භ කරන ලදුව සිය දහස් ගණනින් වූ නායක නායිකාවන්ගෙන් පෝෂණය වූ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට අභිමානවත් 100 වන වසරක් ඉක්මවා ගොස් තිබේ. එකල ජන විඥානයට ගෝචර වුත් කලානුරූපි වුත් බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට නව්‍යතා ඔස්සේ යමින් නව ලොවක් නිර්මාණය කිරීමෙහි කාර්යභාරය සපල කරමින් සිටි. ශ්‍රී ලාංකාවේ ඒ සදහා වන නැඹුරුව සතුටුදායක මට්ටමක නොවේ. එකී නවයකරණයට ලක්විය යුතු අංශයන්, අංගයන් ගැන කෙරෙන්නාවූ සාකච්චාවන්, සංවාදයන් අත්‍යවශ්‍ය බව නොකීව මනාය. බාලදක්ෂ පොත පතෙහි එන ඇතැම් මානයන් අද වනවිට අත්‍යවශ්‍ය අංගයන් නොවන බව විචාරශීලිව බලන අයකුට පෙනී යන කරුණකි . උදාහරණයක් ලෙස ලී මිටිය , බන්ඩි කියත වැනි උපකරණ ශේෂ වෙද්දී ඒ වෙනුවට යන්ත්‍ර සුත්‍ර කරලියට පැමිණ ඇත. එවන් යුගයක කාලින අවශ්‍යතාවය වන්නේ නවීන තාක්ෂණයට බාලදක්ෂයා හුරුකරවීයි. එම යන්ත්‍ර සුත්‍රයන්හි සරල අලුත්වැඩියා කටයුත්තක් කරගන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමයි. මේ සඳහා වන ක්‍රමවත් ක්‍රමවේදයක් ජනනය කරගැනීම අප සතු වගකීමක් වන්නේය. මෙය ද්‍රව්‍ය සහ උපකරණයන්ගෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් වූ විෂයක් ලෙස විකාශනය විය යුතුය යන්න අපගේ හැගීමයි. මෙය පාගමන්, නිරීක්ශනය මෙන්ම කඳවුරුකරනයේදීද යෙදවිය හැකිය. නව තාක්ෂනය මෙම එකී නොකී සැම අංශයක් තුලම විහිදී පැතිර තිබේ. නව තාක්ෂනය යනු තවදුරටත් පැරණි ක්‍රම සහ තාක්ෂනය යටපත් කරන්නක් නොව අනාගතය යහපත්කරන්නාවූ අංගයක් ලෙස සැලකිය යුතුමය.

"https://si.wikipedia.org/w/index.php?title=බාලදක්ෂ_නව්‍යතා&oldid=469083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි