බාටර් ක්‍රමය
දුරාතීතයේ ශත වර්ෂ ගණනාවක් යනතෙක්ම මිනිසුන් ස්වයංපෝෂිත ජීවන ක්‍රමයක වාසය කළහ.තමාට අවශ්‍ය බොහෝ දේ තමා විසින්ම සපුරා ගන්නා ලදී.කිසියම් දෙයක් තමාටම නිපදවා ගත නොහැකි වුවහොත් එය ඍජු හුවමාරුව මගින් සම්පූර්ණ කර ගත්හ.එනම් වෙනත් කෙනෙකු සමග භාණ්ඩ හුවමාරු කර ගැනීමෙන් අවශ්‍යතා සපුරා ගන්න ලදී.මුදල් නොමැතිව සිදු වූ මෙම ඍජු හුවමාරුව,භාණ්ඩ හුවමාරුව (BATAR) නම් විය.පුද්ගලයන් දෙදෙනෙකුගේ හෙවත් දෙපාර්ශවයක වුවමනා ඍජු හුවමාරුවකින් එකම ස්ථානයකදී එකම වේලාවකදී පහසුවෙන් සපුරා ගත හැකි නම් භාණ්ඩ හුවමාරුව හොඳ ක්‍රමයකි. එහෙත් එහි දුෂ්කරතා පැන නැගිණ.නිදසුනකින් මෙය පැහැදිලි කරමු.ගොවියෙකුට ඔහු සතු ගවයෙකු වෙනත් පුද්ගලයෙකුගේ වී මල්ලකට හුවමාරු කර ගැනීමට අවශ්‍ය යැයි සිතමු.මෙහිදී ප්‍රථමයෙන් ගවයා ලබා ගෙන ඒ වෙනුවට වී ඇති පුද්ගලයෙකු සොයා ගත යුතුය.දෙවනුව ගවයා සඳහා වී මලු කීයක් ලබා දිය යුතුද?යන්න තීරණය විය යුතුය.එනම් ගවයා වී මලු කීයකට සමාන දැයි තීරණය කල යුතුය. මෙම වටිනාකම තීරණය ගැටළු සහිත විය.සමජයේ ආර්ථික කටයුතු සංකීර්ණවත්ම භාණ්ඩ හුවමාරුව දුෂ්කර විය.එබැවින් භාණ්ඩ හුවමාරුව වෙනුවට හුවමාරුවේදී සැමදෙනම පිළිගන්නා මාධ්‍යයක් අවශ්‍ය විය.එම හුවමාරු මාධ්‍යය මුදල් ලෙස හැඳින්වූහ.මුදල් බිහි වීමත් සමඟ භාණ්ඩ හුවමාරු ක්‍රමය ඉවත්විණි.එසේ වුවද ආර්ථික ක්‍රමයන්හි අදත් භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වන අවස්ථා දක්නට ලැබේ.