බ්‍රෝඩ්වේ රඟහල - සංචාරණය

දීර්ඝ කාලයක් බ්‍රෝඩ්වේ රඟහල තුළ දර්ශනයන් පෙන්වන අතරෙහිම නාට්‍ය නිෂ්පාදකයන් ඔවුන්ගේ නිෂ්පාදන නවන නළු නිළියන් හා නව කණ්ඩායමක් සමඟ නැවත නිෂ්පාදනය කොට එය දිවයින පුරා පිහිටි නාට්‍යහල් වෙත ගොස් රඟ දැක්වීමට පෙළඹිණි. අතිවිශාල සහ අති සාර්ථක දර්ශන වාරයන් මෙම සංචාරක ක්‍රමයේදී තිබිණි. එසේම සමහර නඟරවල ටික කාලයක් රැඳී සිටිමින් දීර්ඝ දර්ශනවාර ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන් පෙළඹුණේ අති විශාල ආදායම් ලබා ගත හැකි නිසාමය. නාට්‍ය කණ්ඩායම් බස් රථවලින් ගමන් කරන අතර දර්ශන තල සහ අනෙකුත් උපකරණ ගෙන යන්නේ ලොරි රථ මඟිනි. මෙම සංචාරක ක්‍රමය නිසා විවිධ නඟරවලට යාමට සිදුවන අතර ඉතා කුඩා ස්ථානවල දර්ශන ඉදිරිපත් කිරීමට සිදු වන්නේ අධිවේගී කාලසටහනකට අනුව වීම ද නාට්‍ය කණ්ඩායම් විශාල වෙහෙසකට පත් කරන කරුණු කිහිපයකි. බොහෝ විට සතියකට නගර 2ක් තුළ රඟ දැක්වීම් සිදු කරන නාට්‍ය කණ්ඩායම් තවත් අවස්ථාවන්හිදී අවම වශයෙන් එක් නඟරයක් තුළ සතියක් හෝ සති 2ක් දර්ශන වාර ඉදිරිපත් කරන්නේ ලැබෙන ප්‍රතිචාර අනුවය. මෙම නාට්‍ය කණ්ඩායම් ප්‍රවර්ධන සටහන ගෞරව කිරීමට බ්‍රෝඩ්වේ එක්සත් මණ්ඩලයෙන් “සංචාරක නාට්‍ය සඳහා වන බ්‍රෝඩ්වේ සම්මාන” ලබා දේ.


ප්‍රේක්ෂක පිරිස

සංස්කරණය

නිව් යෝර්ක් සංචාරයකයන් බ්‍රෝඩ්වේ නාට්‍ය දර්ශණයක් නැරඹීමට අමතක නොකරයි. එමෙන්ම බ්‍රෝඩ්වේ නාට්‍ය හල ඩොලර් බිලියන ගණනින් ආදායම් උපයන්නේ ද ඔවුන් සතු ප්‍රේක්ෂක සමූහය හේතුවෙනි. ප්‍රවේශපත් මිළදී ගැනීටම “ඩෆී” චතුරස්‍රයේ සහ පහල මෑන්හැටන්හි පිහිටි ප්‍රවේශ පත් අලෙවිහල්වලින් බ්‍රෝඩ්වේ සහ බ්‍රෝඩ්වේ නොවන දර්ශනවාරවලට 25%, 35% හෝ 50% ක වැනි වට්ටම් යට‍තේ ප්‍රවේශ පත් මිළට ගත හැක. මෙම වට්ටම් ක්‍රමය නිසා නාට්‍යහල් තුළ හිස් අසුන් අවම වන අතර තවද එමඟින් නිව් යෝර්ක්හි දී පහසු ගාස්තුවලට නාට්‍ය දර්ශන නැරඹිය හැක. තවද ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට විශේෂ මිළ ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිළට ගත හැකි අතර “සිටගෙන නැරඹීමට” අඩු මිළට ප්‍රවේශපත් මිළට ගත හැකි නිසා වැඩි ආදායමක් ද ඉපැයේ.

සමහර රංගගාමීන් කුඩා නාට්‍යහල් තුළ වැඩි දස්කම් පෙන්විය හැකි බවට විශ්වාස කරයි. උදාහරණයක් ලෙස “Spring Awakening” නම් නාට්‍ය‍ය ප්‍රදර්ශනය මුලදී බ්‍රෝඩ්වේ නාට්‍ය හලෙන් බැහැරව ප්‍රදර්ශනය වුවත් පසුව එය බ්‍රෝඩ්වේ රඟහලේ වේදිකාගත විය. නාට්‍ය ශාලා වර්ගීකරණය “රංගන ශිල්පීන්ගේ සාධාරණත්වය සඳහා ප්‍රසංගමය සිදු කරයි.

2006 – 2007 කාලයේ දී බ්‍රෝඩ්වේ රඟහලට පැමිණි ප්‍රේක්ෂක ප්‍රමානය මිලියන 12කි. මෙම ප්‍රමාණය ලන්ඩන්හි “වෙස්ට් එන්ඩ්” රඟහලට එම කාල සීමාවේ දී පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට සමාන වේ. පෙර වසර එනම් 2005 – 2006 වසර තුළ පැමිනි ප්‍රේක්ෂක සංඛ්‍යාවට වඩා වැඩිවීමක් දැක්වේ.


http://en.wikipedia.org/wiki/Broadway_theatre#Touring