බ්‍රිතාන්‍ය පුවත්පත්වල ඉතිහාසය

17 වන සියවසේ ප්‍රවෘත්ති මෙන්ම ඕපාදූප ද පළ කරන ප්‍රකාශන රාශියක් විය. මේවා අතර පත්‍රිකා, පෝස්ටර් සහ කවි කතා ද විය. පසුකාලීන පුවත්පත් බිහිවුව ද මෙම මාධ්‍ය අතුරුදහන් වූයේ නැත. පුවත් වාර සගරා වල වෙනස නම් කාලානුරූපව පළ වීමය. 14 වන සියවසේ ග්‍රන්ථ සහ පුවත්පත් හැදින්වූයේ අවම වශයෙන් සතියකට වරක් ප්‍රකාශනය වන්නක් ලෙසනි. 1605 දී ප්‍රකාශයට පළ කරන ලද ස්ට්‍රිස්බර්ග් ජෝහාන් කැරොලස්ගේ "relation aller furnermmen und genenckwurdingen historian" ප්‍රථම පුවත් වාර සගරාව ලෙස සැළකේ.


17 වන සියවසේ මුල් භාගයේ දී මුද්‍රණ කාර්යය එංගලන්තය තුළ දැඩිව මර්දනය විය. ප්‍රථම ඉංග්‍රීසි භාෂා පුවත්පත 1620 දී සොරිස් වෙල්සර් විසින් ඇමිස්ටර්ඩැම්හි මුද්‍රණය කිරීමට මෙය ද හේතුවක් විය. මීට පෙර වෙස්ලර් විසින් මුද්‍රණය කළ "courante uyt italien,duytsland & C" ලංදේසි පුවත්පත් ආකෘතිය මෙම පුවත්පත් අනුගමනය කළේය. එහෙත් ලන්ඩනයේ ඉංග්‍රීසි පුවත්පත් මුද්‍රණය ඇරඹූ විට එය පත්‍රිකා ස්වරූපයක් ගනු ලැබීය. මෙම ස්වරූපය 1665 “ඔක්ස්ෆර්ඩ් ගැසට්” ප්‍රකාශනය වන තෙක් ම පැවැතුණි.


මුද්‍රණය පිළිබදව තහංචි 1641 දී නිදහස් කෙරුණි. සිවිල් යුද්ධය නිසා ප්‍රවෘත්ති ඉල්ලුම ඉහළ ගියේය. මේ නිසා බොහෝ ප්‍රකාශන බිහි විය. උදා - ප්‍රථම නිල වාර්තා සංග්‍රහය සහ රාජකීය පුවත්පත වන “ලන්ඩන් ගැසට්”. 1662 බලපත්‍ර පණත යටතේ ප්‍රකාශනය පාලනය කෙරුණ ද 1679 - 1685 සහ 1659 සිට පණත ක්‍රියාත්මක නො වීම නිසා බොහෝ නව ප්‍රකාශන බිහි විය.


සටහන් සංස්කරණය

History of British newspapers