බ්‍රාහ්මණ වංශික ප්‍රතිපත්ති

හ්‍රෙ

සර්ව ජනාස් සුඛිතෝ' නැතහොත් සියලු සත්වයින්හට සතුට සෞභාග්‍ය ලැබේවා යනුවෙන් සහ "වායුධායික කුටුම්භක" නැතහොත් මුළු ලෝකයටම ඵක් පවුලකි, යන විශ්වාසයක් බ්‍රහ්මණයන් සතුව තිබේ. බොහෝ බ්‍රාහ්මණයන් සමාජ ශෝධකයන් පමණක් නොව නාස්තික(දෙවියන් නැත) වාදීහුය. ඵමෙන්ම කොමියුනිස්ට් වාදීහූය. බොහෝ බ්‍රාහ්මණ වංශිකයින් අද කාලයේ නිර්මාංශ ආහාර පුරුදු පවත්වාගෙන යති. ඵසේ නොවන අයද සිටිති. විශේෂයෙන් කාශ්මීරය,හිමාවල් පෙදෙස නේපාලය වැනි කඳුකර පළාත්වල අයද,බෙංගාලය වැනි මුහුද ආශ්‍රිත ප්‍රදේශවල අයද මාළු ආහාරයට ගනිති. කෙසේ වෙතත් මස් ආහාරයට ගන්නා බ්‍රාහ්මණයන් ගවමස් ප්‍රතික්ෂේප කරති. ඇමරිකාවේ සහ බටහිර රටවල බ්‍රාහ්මණයන් ගවමස් ආහාරයට ගනිති.


බ්‍රාහ්මණ වංශික පාරම්පරික යුතුකම් සංස්කරණය

බ්‍රාහ්මණයින්ගේ යුතුකම් හයක් ඵක ශ්ලෝකයක දක්වා ඇත

  • අධ්‍යාපනම් අධ්‍යායනම්
  • යජානම් සජානම්
  • දානම් ප්‍රතිග්‍රහනම් ශෛ
  • බ්‍රහ්මණානාමකල්පයාත්

ඉගැන්වීම,ඉගෙනගැනීම,යජ්න කටයුතු කිරීම,කරවීම දාන භාර ගැනීම සහ දන්දීම යනාදිය ඵම යුතුකම් හය වශයෙන් පෙන්වා දී ඇත.

  • සමෝදමයන්තපා සෞවම්
  • ක්ෂාන්තිරාර්ජවාමේවාය
  • ඥාණම් විජ්නානමාස්තික්‍යයම්
  • බ්‍රහ්ම කර්ම ස්වභාවජ්මි

බ්‍රාහ්මණයෙකු ඉටු කළ යුතු කරුණු අතර තමන්ගේ ආවේග පාලනය කිරීම,හැඟිම් පාලනය,පාරිශුද්ධත්වය,සත්‍යවාදී වීම,ඉවසීම,අල්පේච්ඡතාව භෞතික සියලු ධනය අතහැර පිටින් ලැබෙන දාන මානයෙන් යැපීම,දෙවියන් කෙරේ විශ්වාසය, පූජනීය ග්‍රන්ථවල තිබෙන කරුණු ඉගෙන ගැනීම හා උගැන්වීම යනාදී කරුණු දක්වා තිබේ.

බ්‍රාහ්මණයින් දිනපතා කළයුතු කාර්යයන් නම්

  • ස්නානය
  • සන්ධ්‍යා වින්දනය
  • ජප
  • පූජා
  • ඕපායන හා
  • අග්නිහෙන්ද්‍ර යනාදියයි

අන්තිමට සඳහන් යාච්ඤාවන් අද කාලයේ ඉතා සුළු පෙදෙස් ගණනාවක පමණක් මෙම යාච්ඤාවන් පැවැත්වේ. බ්‍රහ්මචාරීහු අග්නිගෝත්‍ර හෝ ඔපායන වෙනුවට අග්නිකාර්යම් පවත්වති. පවත්නා අනෙකුත් පුද පූජා චාරිත්‍රවලට 'අමාථස්ය තර්පනම් හා ශ්‍රද්ධ' ඇතුළත් වේ. නිත්‍ය කර්ම සහ කාම්‍ය කර්ම ද බලන්න


බ්‍රාහ්මණ සංස්කාරයන්

බ්‍රහ්මයෙකු ඔහුගේ ජීවිතය කාලයේදී පිළිගත යුතු සංස්කාරයන් නොහොත් පිළිවෙත් 16 ක් දක්වා ඇත. ඵ්වා පහත සඳහන් කරයි.

පූර්ව ප්‍රසව අවධියේදී සංස්කරණය

  • ගර්භධරණ (පිළිසිඳ ගැනීම)
  • ප්‍රම්භාවය
  • සිමාන්තොන්නායන (ගැබිනි කාන්තාවන්ගේ කොණ්ඩය දෙකට බෙදා පිරීම) ආදි පිළිවෙත් කරණු ලැබේ.


ළදරු අවදියේදී සංස්කරණය

  • ජාන කර්ම (උපත් උත්සව)
  • නාම කර්ම (නම් තැබීමේ උත්සවය)
  • නිෂ්කර්මය (පළමුවෙන් පිටතට යාම)
  • අන්නප්‍රසන්න (පළමු වරට ඝන ආහාර කැවීම)
  • චූඩා කරණ (පළමු හිස මුඩු කිරීම)
  • කර්ණවේදය (කන් විදීම)

ළමා කාලය හා තරුණ කාලය සංස්කරණය

  • විද්‍යාරම්භ (අධ්‍යාපනය ආරම්භ කිරීම)
  • උපායනම් (නූල් පැළඳවීමේ උත්සවය-සංස්කාරය)
  • වේදාරම්භය (වේද ඉගෙනීම ආරම්භ කිරිම)
  • කේශාන්ත හෙවත් හෝදානය (ප්‍රථම රැවුල් බෑම) සහ
  • සමාවර්තනම් (ශිෂ්‍ය භාවය අවසන් කිරීම)

වැඩිහිටි කාලය සංස්කරණය

  • විවාහය
  • නිෂේක (පළමු ලිංගික සංසර්ගය. විවාහයෙන් 4 දිනකට පසු)
  • අන්සෙස්ති (අවමංගල චාරිත්‍ර)යනාදී


සටහන් සංස්කරණය

Brahmin Practices