බ්‍රාහ්මණ ගෝත්‍රයන් සහ ප්‍රාවරයන්

සාමාන්‍යයෙන් ගෝත්‍රයක් යන්නෙන් පොදු පිරිමි ආදිජයකුගේ වංශයට අයත් පිරිමි පෙලින් අඛන්ඩව පැවත එන ඔනෑම පුද්ගලයෙක් බව හැඟවේ. පනනි ගේ අර්ථ දක්වීම අනුව ගෝත්‍ර යන්නෙන් (සෘෂීවරයෙකුගෙන්) පටන්ගෙන පුත්‍රයාගෙත් පුත්‍රයාගෙන් පැවත එන දරු මුණුබුරු පරම්පරාව යන ව්‍යාකරණමය අරුත ගෙනදෙන බවත්ය. කිසියම් පුද්ගලයෙකු තමා කාශ්‍යප ගෝත්‍රයේ යැයි පැවසුවහොත් ඔහු අදහස් කරන්නේ තමා පැවත එන්නේ පුරාණයේ විසූ කාශ්‍යප සෘෂිවරයාගෙන් පටන්ගෙන අඛන්ඩව පැවත එන පිරිමි පරම්පරාවෙන් බවයි. බෞධ්‍යානස් රෞත සූත්‍රයට අනුව විශ්වාමිත්‍ර, ජමධග්නි, භාරද්වාජ, ගෞතම, අත්‍රි, වාශිෂ්ඨ, කාශ්‍යප සහ අගස්ත්‍ය යන මුණිවරුන් අට දෙනාගෙන් පැවතඑන දරු මුණුබුරු පරම්පරාවන් ගෝත්‍රයන් වේ. පානනිට අනුව ගෝත්‍ර හැටියට ගණන් ගැනෙන්නේ මෙම ප්‍රාථමික ගෝත්‍ර අටයි. කෙසේ නමුත් මෙම ගෝත්‍ර ප්‍රජාපති හෙවත් පසුව පැමිණෙන බ්‍රහ්මයා සමඟ සෘජු සම්බන්ධයක් නැත. මෙම අටෙන් පැවත එන දරු පරම්පරාව ගෝත්‍ර ලෙස හඳුන්වනු ලබන අතර අනික් අය ගෝත්‍රාවයව ලෙස හඳුන්වයි.

ගෝත්‍ර සෑදී ඇත්තේ කණ්ඩායම් වශයෙනි. උදා ආවලායන-තරෞත සූත්‍රයට අනුව උපමන්‍යු, පරාශර, කුන්දින සහ වාශිෂ්ඨ ආකාරයට වාභිෂ්ඨ ගන තව දුරටත් කොටස් 4 කට බෙදේ. මෙම ගෝත්‍ර 4 ම නැවතත් ගෝත්‍ර ලෙස හැඳින්වෙන අතුරු කොට්ඨාශ ගණනාවකට බෙදේ. මේ ආකාරයට සැකස්ම වන්නේ පළමුව ගණයන්, ඉන්පසු පක්ෂ සහ තනි ගෝතය වශයෙනි. ගණයන් භ්රිගු සහ ආනගිරස ගණ ලෙස නොනැසී පැවතිණ. බෞද් ට අනුව මුලික ගෝත්‍ර අට පක්ෂ වලට බෙදනු ලබයි. උපමන්‍යු හි ප්‍රාවර වූයේ වාශිෂ්ඨ, භාරද්වසු, ඉනද්‍ර ප්‍රමද, පරාශර ගෝත්‍රයේ ප්‍රාවර වුෙය් වාශිෂ්ඨ ශාක්ට්‍යය, පාරාශර්‍යය, කුන්දින ගෝත්‍රයේ ප්‍රාවර වූයේ වාශිෂ්ඨ මෛත්‍රවරුණ, කෞන්දින්‍යය, සහ වාශිෂ්ඨ ගෝත්‍රයේ ප්‍රාවර වූයේ පෙර කී ගෝත්‍ර තුනේ සඳහන් වාශිෂ්ඨයන් හැර අනික් සියලුම වාශිෂ්ඨයන්ය. එම නිසා සමහරක් එක් ගෝත්‍රයක ප්‍රාරම්භකයා තවත් ගෝත්‍රයක ප්‍රාරම්භකයාගෙන් වෙන් කර හඳුනා ගත හැකි සෘෂිවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රාවරයක් ලෙස හඳුන්වයි.

ප්‍රාවරයන් ශිෂ්‍ය ප්‍රාශිෂ්‍ය සෘෂී පරම්පරා සහ පුත්‍රපරම්පරා ලෙස වර්ග දෙකකි. ගෝත්‍රප්‍රාවර එකර්ශය, ද්වර්ශය, ත්‍රිඅර්ශය, පංචාර්ශය, සප්තාර්ශය යනාදී වශයෙන් සෘෂී 19 දක්වා පැවතිය හැක. කාශ්‍යප ගෝත්‍රයේ අවම වශයෙන් පැහැදිලි ප්‍රාවරයන් 2 ක් ආනද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වේ. ඉන් එකක් සෘෂිවරුන් ත්‍රිත්වයක් (ත්‍රිඅර්ශය) සහ අනෙක සෘෂිවරුන් 7 දෙනෙකි (සප්තාර්ශය). මෙම ප්‍රාවරයන් ශිෂ්‍ය ප්‍රාශිෂ්‍ය සෘෂී පරම්පරා සහ පුත්‍රපරම්පරා යන දෙකෙන් එකකි. ශිෂ්‍ය ප්‍රාශිෂ්‍ය සෘෂී පරම්පරා විවාහයකදී මනමාලයා සහ මනාලියගේ ගෝත්‍රයන් හි සෘෂීවරුන්ගෙන් අර්ධයක් හෝ අර්ධයකට වඩා වැඩිගණනක් සමාන නම් එම විවාහය පිලිනොගැනේ. පුත්‍රපරම්පරා විවාහයක් දී එක සෘෂීවරයෙකු හෝ සමාන නම් එම විවාහය කිසිසේත්ම පිලි නොගනී.