බ්‍රයන් ගයි ඇඩම්ස්, (ඉංග්‍රීසි: Bryan Guy Adams, උපත 1959 නොවැම්බර් 5) යනු කැනේඩියානු ජාතික ගීත-රචකයෙකි, සංගීතඥයෙකි, නිෂ්පාදකයෙකි, නළුවෙකි, සමාජ ක්‍රියාකාරකයෙකි, එමෙන්ම ඡායාරූප ශිල්පියෙකි. ඇඩම්ස්, පසුගිය දශක තුන තුළ රොක් සංගීත ලොවෙහි වඩාත් සාර්ථකම පුද්ගලයන් අතුරින් කෙනෙකි. ඔහුගේ ගොරෝසු/බැරැන්ඩි හඬ සහ සජීවී ප්‍රසංගයන් හිදී දක්වන උද්‍යෝගිමත් ස්වභාවය වඩාත් ප්‍රකටය. ඔහුගේ සංගීත තැටි මිලියන 100කට අධික ප්‍රමාණයක් විකිණී ඇත. ඒ නිසාවෙන්ම ඔහු ලොව වඩාත්ම අලෙවි වාර්තා තැබූ සංගීතඥයන් අතරින් අයෙකු වන අතර ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ කැනේඩියානු රොක් සංගීත ශිල්පියා වෙයි.

බ්‍රයන් ඇඩම්ස්
බ්‍රයන් ඇඩම්ස්
පසුබිම් තොරතුරු
උපත් නාමයබ්‍රයන් ගයි ඇඩම්ස්
උපතනොවැම්බර් 5, 1959 (1959-11-05) (වයස 64)
කිංග්ස්ටන්, ඔන්ටාරියෝ, කැනඩාව
ප්‍රභේදරොක්
වෘත්තියගායක-ගීත රචක, සංගීතඥ, ඡායාරූප ශිල්පී, රංගනය, සංගීත තැටි නිෂ්පාදක, සමාජ ක්‍රියාකාරක
වාද්‍ය භාණ්ඩVocals, ගිටාරය, පියානෝව, බේස් ගිටාරය, හාමොනිකා, ඩොබ්රෝ
සක්‍රීය වර්ෂ1976 සිට වර්තමානය
ලේබලA&M, Polydor, Verve (U.S.A.)
වෙබ් අඩවියbryanadams.com

කට්ස් ලයික් අ නයිෆ් නම් ඔහුගේ ඇල්බමය නිසා උතුරු අමෙරිකාවේ ඇඩම්ස්ගේ ජනප්‍රියත්වය වර්ධනය විය. 1984 දී නිකුත් කල රෙක්ලස් ඇල්බමය නිසා ඔහු ලෝක තරුවක් බවට පත් විය. 1991 දී ඔහු ඔහුගේ ජනප්‍රිය එමෙන්ම අලෙවි වාර්තා තැබූ තනි පුද්ගල ගායනයක් වන (එව්රිතින්ග් අයි ඩු) අයි ඩු ඉට් ෆෝ යූ ගීතය නිකුත් කලේය.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රයන්_ඇඩම්ස්&oldid=549332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි