බහුකම්පකයක් යනු දෝලක, මුහුර්තක සහ පිළි-පොළ වැනි සරල ද්වී-තත්ත්ව පද්ධතීන් සමූහයක් තනා ගැනුමට ඉවහල් වන ‍ඉලෙක්ට්‍රොනික පරිපථය කි. එහි ලාක්ෂණික මුහුණුවර වන්නේ වර්ධක උපකරණ (ට්‍රාන්සිස්ටර, ඉලෙක්ට්‍රෝන නල හෝ අනෙකුත් උපකරණ) දෙකක් ප්‍රතිරෝධ හා ධාරිත්‍රක උපකාරයෙන් හරස්-ඈඳීමයි.

බහුකම්පක පරිපථ තුන් වර්ගයක් තිබේ:

  • අස්ථායි, වර්ගයෙහිදී පරිපථය එකදු තත්ත්වයක් තුලදී හෝ ස්ථායි නොවේ—එය නිරන්තරයෙන්ම එක් තත්ත්වයක සිට අනෙකට දෝලනය වෙමින් පවතියි. මේ හේතුවෙන්, එය සඳහා (ඝටිකා ස්පන්දය හෝ අනෙකුත්) ප්‍රදානයක් අවශ්‍ය නොවේ.
  • ඒකස්ථායි, වර්ගයෙහිදී තත්ත්ව දෙක අතුරින් එකක් තුල ස්ථායි ‍වන මුත් අනෙක තුල එසේ නොවේ—පරිපථය කිසියම් නිශ්චිත කාල සීමාවක් සඳහා අස්ථායි තත්ත්වය වෙත ක්ෂේපණය වන නමුදු, අත්‍යන්තයෙහිදී ස්ථායි තත්ත්වය වෙත යලි පැමිණෙයි. යම් බාහිර සිදුවීමකට අනුකූලතාවයක් ලෙසින් නිශ්චිත පැවතුම් කාලයක් සහිත මුහුර්ත කාල සීමාවක් තැනීම සඳහා මෙවැනි පරිපථයක් මහෝපකාරී වෙයි. මෙම පරිපථය වන් ෂොට් හෙවත් එක් වර නමින් ද හැඳින්වෙයි. සුවිච පොළා පැනීම වැළැක්වුම සඳහා පොදු උපයෝගයක් ලෙසින් දැක්විය හැක.
  • ද්වීස්ථායි, වර්ගයයෙහිදී පරිපථය කුමන තත්ත්වයක වුවද අත්‍යන්ත වශයෙන් පවතියි. පරිපථය එක් තත්ත්වයක සිට අනෙකට ක්ෂේපණය කිරීම සිදු කිරීමට බාහිර සිදුවීමක් හෝ පූරනයක් භාවිතා කල හැක. මෙවැනි පරිපථයක් රෙජිස්ටර හෝ ස්මෘති උපකරණ සාදා ගැනුමට මූලික තැනුම් කොටස වශයෙන් වැදගත් වෙයි. මෙම පරිපථය පිළි-පොළ ලෙසින් ද හැඳින්වේ.
"https://si.wikipedia.org/w/index.php?title=බහුකම්පකය&oldid=87603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි