බර්ලින් තාප්පය
බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි. දිගු අභ්යබන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.
බර්ලින් තාප්පය | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
ප්‍රභේදය | තාප්පය |
රට | නැගෙනහිර ජර්මනිය නැතෙනහිර බර්ලිනය (බර්ලිනයේ සෝවියට්-අධිවාසී කොටස) |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 13 අගෝස්තු 1961 |
මිනුම් | |
වෙනත් මිනුම් |
|
තාක්ෂණික තොරතුරු | |
ප්‍රමාණය | 155 කිමී (96.3 සැත) |
මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැඟෙනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්රසධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්යාමවක් බටහිර සිට නැඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්ර්තික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.
1989 නොවැම්බර් 9 වනදා නැඟෙනහිර ජර්මානු රජය විසින් බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනය කරා ගමන් කිරීමට ඉඩ ඇති බව පැවසීමත් සමඟ නැඟෙනහිර ජර්මානුවන් තාප්පයට නැඟ තාප්පය තරණය කර උත්සවය සැමරීම සඳහා බටහිර ජර්මානුවන් සමඟ එක්විය.
ඊළඟ සති කීපය පුරාවට තාප්පයෙහි කොටස් මහජනයා හා සමරු ලබා ගන්නා අය විසින් කඩා ගන්නා ලද අතර පසුව එහි ඉතිරිය ඉවත් කිරීම සඳහා කර්මාන්තමය උපකරණ යොදා ගන්නා ලදී.
බර්ලින් තාප්පය බිඳ වැටීම ජර්මානු නැවත එක්වීමට මඟ පෑදූ අතර නිල වශයෙන් එය 1990 ඔක්තෝබර් 3 වනදා අවසන් විය.