බයොස් BIOS

Basic Input Output System යන වචනවල මුලකුරුවලින් BIOS යන්න සෑදි ඇත. වෙළෙඳපොළේ ඇති මවුපුවරු හෙවත් මදරුබෝඩ් ( Motherboard) සියල්ල එක සමාන නොවේ. එහෙත් ඒ සෑම මව්පුවරුවක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ එකසේ ක්‍රියාත්මකවේ. මේ සඳහා මූලිකව සහයෝගය ලබා දෙන්නේ බයොස් නම් (IC – Integrated Circuit ) එකයි. අදාළ මව්පුවරුවේ අන්තර්ගතය ( configuration) සහ අදාළ දෘඩාංග කොටස් කෙසේ ක්‍රියාකරවිය යුත්තේ ද යන මූලික මට්ටමේ තොරතුරු සියල්ලක් ම මෙහෙයුම් පද්ධතිය වෙත සපයන්නේ එම මව්පුවරුවේ ඇති බයොස් චිපයයි.ඊට අමතරව පරිගණකයට විදුලිය සැපයු විට , මවුපුවරු, ප්‍රෝසෙසර්,රැම් ආදිය පරික්ෂා කොට මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍යපසුතලය සකසා දෙනු ලබන්නේ ද බයොස් චිපය තුළ ඇති විශේෂිත ‘ Start – up Program’ එක මඟිනි.(RS)

"https://si.wikipedia.org/w/index.php?title=බයොස්&oldid=469057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි