බදුල්ල ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.[1]

බදුල්ල ඔරලෝසු කණුව
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
අවසන් කළ දිනය1932

ඔරලෝසු කණුවෙහි ආකෘතිය සංස්කරණය

ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය සිහි ගන්වයි. ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරන ලද්දක් බැව් එහි දැක්වෙන පුවරුවක සටහන් කොට තිබෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. "බදුල්ල ක්ලොක් ටවර්". මිනුබේ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=බදුල්ල_ඔරලෝසු_කණුව&oldid=331893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි