බංග්‍රා නැටුම්
මෙම නැටුම් ඉන්දියාවේ පංජාබ් නඟරය කේන්ද්‍ර කොට ගෙන බිහිවී ඇත. ආරම්භයේ දී හුදෙක් ගොවිජනයාගේ නැටුමක් ලෙසින් ප්‍රචලිත වී තිබිණි. වසන්ත කාලය එළඹී පළමු අස්වැන්න නෙලීමේ ප්‍රීතිය නිමිති කොටගෙන නව උදාවක් සනිටුහන් කිරීමට මෙම ජන නැටුම් පංජාබ් ගොවීහු උපයෝගී කර ගනිති. වර්තමානය වන විට මෙම බංග්‍රා නැටුම් නොයෙකුත් නැටුම් රටා හා මුසුවීමත් සමඟම ලෝකප්‍රකට වී ඇත. තවද ලොව වේගවත්ම ලෙස ප්‍රචලිත වෙමින් පවතින නැටුම් කලාවක් ලෙස මෙම බංග්‍රා නැටුම් හැඳින්විය හැක.
වර්තමානයේ ලොව පුරා වෙසෙන සියළු ජනයා වයස් භේදයකින් තොරව ගුවන් විදුලියෙන් ද, පොප් සංගීතයෙන් ද, නොයෙකුත් තරඟාවලින්හි දී ද, මෙම බංග්‍රා නැටුම් සංගීතය රස විඳිති. මෙම නැටුම් කලාව ප්‍රචලිත වීමත් සමඟම විද්වතුන් මෙම ශෛලියේ සාම්ප්‍රදායකි ගුණාංග රැක ගැනීමේ ලා මහඟු ප්‍රයත්නයක යෙදෙයි.
බංග්‍රා නැටුම් තරඟ
සංස්කරණයදශක ගණනාවක් මුළුල්ලේ මෙම බංග්‍රා නැටුම් තරඟ ඉන්දියාවේ පංජාබ් නගරයෙහි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. කෙසේ වෙතත් වර්තමානය වන විට මෙම නැටුම් කලාව එක්සත් ජනපදය, කැනඩාව සහ එංගලන්තය යන රටවල කෙතරම් ප්‍රචලිත වී ඇත් ද යත්, එම රටවල්වල විශ්ව විද්‍යාලයන්හි මෙම බංග්‍රා නැටුම් තරග වාර්ෂිකව පවත්වයි. තවද තරුණ පංජාබ්වරුන්, දකුණු ආසියානුවන් සහ අනෙකුත් විදේශිකයන් මෙම තරඟාවලීන් සහභාගී වනුයේ මුදල් හා කුසලාන දිනා ගැනීමේ අභිලාෂයෙනි. බටහිර රටවල මෙම නැටුම් කලාවට එතරම්ම ප්‍රියතාවයක් නොදැක්වුව ද, මෙම නැටුම් කලාවේ භාවිතා කරන සංගීත ඛණ්ඩ සමඟ උරෙන් උර ගැටීමට සමත්ය. පසුගිය තෙවසර තුළ මෙම බංග්‍රා තර සඳහා සහභාගීත්වය අති විශාල ලෙස වැඩි වී ඇත්තේ කෙසේද යත්, ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් පැවති “බංග්‍රා බ්ලෝ අවුට්” ප්‍රසංගය නැරඹීමට හාරදහසක (4000) පිරිසක් පැමිණ ඇති බැව් වාර්තා වී ඇත.
වස්ත්‍රාභරණ
සංස්කරණයසාම්ප්රදායික බංග්‍රා නැටුම් ඇඳුම් කට්ටලයෙහි පුරුෂයින්ට සහ කාන්තාවන්ට වෙන් වූ සුවිශේෂ රංග වස්ත්‍රාභරණ ඇත. පුරුෂයන් උදෙසා “චාද්‍රා” නම් වූ ඇඳුම් කට්ටලයක් භාවිතාවන අතර මෙම “චාද්‍රා” ඉන වටා එතීමට භාවිතා කරන රෙදි කඩකි.
තවද , උඩු කය සඳහා කුර්තාවද හිස් පළඳනාව ලෙස “ප්‍රග්සී” නම් කලප්පාවක භාවිතා කරයි. නූතන යුගයේදී පුරුෂ පක්ෂය සඳහා ටියුලා නම් වූ අවානක් බඳු වූ රැළි පටියක් හිස් පළඳනාවට එකතු විය. වර්ණවත් වූ බැනියමක් කුර්තාවට පිටතින් අඳිනු ලබන අතර “ෆුටන්” නම් වූ කුඩා බෝල සවිකළ ලණු පටක් බාහුවල පළඳී.
කාන්තා වස්ත්‍රාභරණ වනුයේ “සග්‍රා” නම් වූ සාම්ප්‍රධායික පන්ජාබ් ඇඳුමයි. “සග්‍රා” යනු ඉතා දිග කමීසයක් සහ ලිහිල රැළි සහිත සායකින් යුක්ත වූ වර්ණවත් ඇඳුම් කට්ටලයකි. ගෙල පළඳනාවක් ලෙස “දුපට්ටා” නම් වූ වර්ණවත් රෙදි කඩක් භාවිතා කරයි. බොහෝ බංග්‍රා ගීත මෙම “දුපට්ටා” වටා ගෙතුණු ඒවා වේ. තවද, සල්වාර් නම් වූ ලිහිල් කලිසම් හා දිගැති කමීසයකින් යුක්ත වූ වර්ණවත් ඇඳුම් කට්ටලයක් ද කාන්තාවන් සඳහා ඇත.
දුර්ලභ ගණයේ විචිත්‍ර වර්ණයන්ගෙන් යුත් ඇඳුම් වස්ත්‍රාභරණ පංජාබ්හි සංස්කෘතිය මනාව පිළිබිඹු කරයි.බංග්‍රා නැටුමේ වස්ත්‍රාභරණ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.
- ටෝලා/ටියුලා - කලප්පාවට සම්බන්ධ කරන ලද රැළි සහිත අවානකි.
- පැග් - මෙය පෞඩත්වය සහ අභිමානය සංකේතවත් කරන කලප්පාවකි. විවිධ කුල සහ සම්ප්‍රධායන්ට අනුව මෙය පළඳන ආකාරය වෙනස් වේ.සෑම බංග්‍රා ප්‍රසංගයකදීම ප්‍රථමයෙන් මෙය පැළඳිය යුතු වේ.
- කයින්ත - මෙය ගෙල පළඳින මාලයකි. පුරුෂ පක්ෂය උදෙසා කරාබුද ඇත.
- කුර්තා - සේද රෙද්දෙන් නිම වූ කමීසයකි.එම්බ්‍රොයිඩර් නිර්මාණයන්ගෙන් විචිත්‍ර වූ බොත්තම් හතරකින් සමන්විත කමීසයකි.
- ලුන්ගි / එදාර් - නර්තන ශිල්පියාගේ ඉන වටා බඳින ලිහිල් රෙදි කඩකි.
- ජුගි - මෙය බොත්තම් රහිත කබායකි.
- රම්මාල් - මෙය අනිවාර්යයෙන්ම ඇඟිලි වටා දවටන ලද ලේන්සු වේ.මෙයින් ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා දේ.
සංජය ශර්මා ඇයගේ ලිපියේ පෙන්වා ඇති පරිදි බංග්‍රා නැටුම් ආසියානුවන් නියෝජනය කරන අතර ආසියානු සංගීතය, සම්ප්‍රධාය ලොවට ඉස්මතු කර පෙන්වන කලාවකි.
වාද්‍යභාණ්ඩ
සංස්කරණයබංග්රා සංගීත වාද්‍ය භාණ්ඩ අතර පෙරමුණ ගන්නා ඩෝලය ප්‍රමාණයෙන් තරමක් විශාල වූත් මන්ද්‍ර ස්වර සහිත බෙරයකි. මෙය වාදනය කිරීම සඳහා යෂ්ටි 2ක් භාවිත වන අතර මන්ද්‍ර ස්වර වැයීමට “ඩග්ගාහ්” නම් වූ යෂ්ටියද තීවූ ස්වරය වැයීමට මිල්ලි නම් වූ යෂ්ටියද භාවිත වේ. මෙම බෙරයේ බෙර සමෙහි පලල අඟල් 15ක් පමණ වන අතර මෙම බෙර වාදකයා ගෙල වටා යවන ලද ලණු පොටකින් මෙම ඩෝලය රඳවාගෙන සිටී.
මුම්බි, සාරංගි, සපෙරා, සප් සහ චිමිතා යන තත් භාණ්ඩද බංග්‍රා සංගීතයේදී භාවිතා වේ. ඩද්,ඩෆ්ලි, ඩොල්කි සහ දම්රු යන බෙර ඩෝලයට අමතරව භාවිතා වේ.ටුම්බි යන භාණ්ඩය මුලින්ම වාදනය කලේ ලාල්චන්ද් යම්ලා ජට් හා කුල්දිප් මානක් විසිනි. ඉන්පසුව අමර් සිංග් චම්කිලා විසින් මෙය ප්‍රගුණ කල අතර ඔහු ප්‍රසිද්ධ පංජාබ් ගායකයකුද විය. ටුම්බියෙහි ඇත්තේ එක් තතක් පමණක් වුවද මෙය වාදනයේ ප්‍රගුණයකු වීමට බොහෝකාලයක් ගත වේ. සාරාංගී යනු තත් කිහිපයක් සහිත වයලීනයක් බඳු භාණ්ඩයකි . සපේරාහි නිකුත්වන සංගීත රටා උච්ච ස්වරයෙන් යුත් ඉතා අලංකාර ස්වර වන අතර සප්තාචම්ටා මගින් නිපදවන නාදය බංග්‍රා සංගීතයට මුද්‍ර බවක් එක් කරයි. මඳ මන්ද්‍ර ස්වරයෙන් යුක්ත වූ ධද්, ඩෆ්ලි ,ඩෝල්කි, සහ දම්රු යන බෙර ,බංග්‍රා සංගීතයට බෙර හඬමුසු කරන අනෙකුත් බෙර අතරට එක්වේ .
තූර්යවාදකයෝ
සංස්කරණයදක්ෂ තූර්ය වාදකයකු නොසිටින්නට බංග්‍රා සංගීතයට මෙවන් දිගු ගමනක් පැමිණීමට කිසිසේත් නොහැකි වේ. පණ්ඩිත් දිනේෂ් සහ කුල්ජිත් භම්රා යන නිපුණ වාදකයින් දෙදෙනා එක්සත් රාජධානියේ බංග්‍රා කණ්ඩායම් වලට තබිලා හා ඩොල්කි යන වාදන භාණ්ඩ පුහුණුවීම්‍හිලා මහඟු ලෙස උපකාර කලේය. මොවුහු ගේ අනුගාමිකයන්ද තූර්ය වාදනයෙහි ඉතා නිපුනයන් වූහ. බර්මින්ශ්හැම් හි විසු වයස අවුරුදු 15ක් වන භුපින්දර් සිංග් කුල්ලර් නම් වූ වාදකයා ස්වකීය නිර්මාණයන් නිසා බ්‍රිතාන්‍ය පුරා ප්‍රචලිත වූ අතර බොහෝ පිරිස් එම නිර්මාණ වැළඳ ගත්හ. ඩොලා වේහ් ඩෝලා(සාත්රංග්) සහ “බොම්බාද ටුම්බි (සෆරි බෝයිස් ලා)යන ඇල්බමයෙහි නවීන තාල රටා ඇතුලත් වී ඇති අතර ඒවා අති සාර්ථක වී ඇත. මොහු බ්‍රිතාන්‍යයේ සිටින විශිෂ්ඨතම තූර්ය වාදකයා ලෙස නම් දරා සිටී. භුවින්දර් ගෙන් පසු සවුත්හෝල්හි සුනිල් කල්යාන් ඉදිරියට ආවේය. ඔහු බංග්‍රා සංගීතයට මෘදු බවක් එක් කල අතර පෙර නොඇසූ අලංකාරයක් එයින් එක් විය. තවද බ්‍රිතාන්‍යයේ විසූ දක්ෂම තබ්ලා වාදකයා ලෙස මොහු නම් දරා සිටියේය. පසු කාලයේ දී සුච්ශින්දර් ශන්ඩා විසින් හඳුන්වා දුන් ඔහුටම ආවේනික වූ ඩෝල වාදන ශෛලීය ඉතා ප්‍රචලිත වූයේ “ඩෝල් බීට්” නම් වූ ඇල්බමයේ පිට වීමත් සමගය තවද මොහුගේ ශෛලිය අනුගමනය කරමින් සංගීත නිර්මාණ කරණයේ නියැලි පිරිස අතරට ජැසීස් බී සහ භින්දා ජත්ද එක් වේ. එවකට සිටි දක්ෂම ඩෝල වාදකයා ලෙස සුචිශින්දර් නම් දරා සිටියේය. එමෙන්ම කොවෙන්ට් හි වාසය කල ජග්ගි රිහාල් ද ග්‍රේව්සෙන්ඩ් හි වාසය කල අමන් ගේයර් හා බිල්ලී යන ශිල්පීන්ද දක්ෂ තූර්ය වාදකයන් ලෙස නම් දරා සිටියේය.
උතුරු ඇමෙරිකාව තුළ බංග්‍රා නර්තනය
සංස්කරණයයුරෝපයේ හා උතුරු ඇමෙරිකවේ වෙසෙන පංජාබ් ජාතීහු බංග්‍රා සංස්කෘතිය එම රටවල් වල ව්‍යාප්ත කිරීමෙහිලා මහඟු ප්‍රයත්නයක් දරති. නමුත් උතුරු ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ මෙම බංග්‍රා ප්‍රචලිත කිරීමේදි මතු වු අවස්ථාව පිළිබදව “ඉන්දියානු සිංහයා” නැමැති අනුවර්ත නාමය උසුලන එක්සත් රාජධානියේ බංග්‍රා ශිල්පියා මෙසේ පවසයි.
එංගලන්තය පුරා පැවතෙන විවාහ මංගල උස්සව අවස්ථාවන් වලදී මෙම බංග්‍රා සංගීත කණ්ඩායම් නැතිවම බැරි සම්ප්‍රදානුකූල අංගයක් බවට පත් වී ඇත. මේ සදහා බංග්‍රා කණ්ඩායම් ශිල්පීන්ට ඩොලර් 1800 ක මුදලක් වැය කරයි. බංග්‍රා කණ්ඩායම් සදහා ඉල්ලුම කෙසේදයත් තවත් අවුරුදු 2 ක් පුරාවට ඔවුනට වෙන්කර ඇත. එංගලන්තය ඉතා විශාල රටක් නෙවීම මෙම බංග්‍රා කණ්ඩායම් වල ගමනා ගමනය උදෙසා මහත් පහසුවක් වී ඇත. නමුත් කැනඩාව වැනි රටවල එක් අර්ධයක සිට තවත් අර්ධයකට යෑමට දින 3 ක පමණ කාලයක් ගත වේ. තවද කැනඩාවේ විවාහ උත්සව වලදී සජීවි සංගීතය භාවිතා නොකිරීම ද බංග්‍රා සංගීතය කැනඩාවේ ප්‍රචලිත නොවීමට තවත් කරුණක් විය. කෙසේ වෙතත් මන්මොහන් වාරිස්, ජැඩි බෙන්ස්, කමල් හීයර්, හර්බන් මාන්, සරාබ්ජිත්, ඒමා සහ ඩෙබී මක්සුස්පුරි යන බංග්‍රා ශිල්පීන්ගේ අභාෂය නිසා බංග්‍රා හා රීමික්ස් සංගීතයේ අනාගතය ඇමෙරිකානු මහද්වීපය තුළ ස්ථාපිත වෙමින් පවිති”
සංජය ශර්මාගේ තර්කයට අනුව ගත් කල බංග්‍රා සංගීතය “ආසියානු ඝෝෂාව” ද එසේ නැතහොත් ‘ඝෝෂාකාරි ආසියානුවන් ද’ ලෙස හංවඩු ගැසීමකට ලක් වී ඇත. උතුරු ඇමෙරිකාවේ ඇති රුගේ සංගීතය හා බංග්‍රා සංගීතය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින අතර රුගේ සංගීතයේදී, ඩෝල නාදයට සමාන නාදයක් ඇති සංගීත භාණ්ඩයක් ද භාවිතා වේ. මේ බව සික්ස්බෙක්ට්‍රම් ඩොට් කොම් යන වෙබ් අඩවියේදී පලවී ඇත.
කෙසේ වෙතත් එක්සත් රාජධානිය තුල බංග්‍රා සංගීතය ප්‍රචලිත කිරීමේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් තුල ආසියානු සංම්ප්‍රදාය පිලිගැනීමට තිබු අකමැත්ත, සංජය ශර්මාගේ විශේෂ අවදානයට යොමු වී ඇත.
මීඩි එලියට් ගායිකාවගේ බංග්‍රා සංගීතය මුසු වු “ග්‍රේට් යුවර් ෆ්‍රීක් ඕන්” ගීතයෙන් පසු, 2001 වසරේ දී මෙම බංග්‍රා සංගීතය මුළු එක්සත් ජනපදය පුරාම ව්‍යාප්ත වීම ආරම්භ විය. තවද 2003 වර්ෂයේදී පංජාබ් එම්සි නම් රැප් ගායකයාගේ “Mundian to Bach ke” යන ගීතය ඇමෙරිකානු රැප් ගායකයෙකු වන ජෙයි සි (Z) විසින් සකස් වී ඇත. තවද ප්‍රාස් නම් වු රැප් ගායකයා “ස්වාමි” නම් වු බංග්‍රා සංගීතයේ මූලාරම්භය නවීන බංග්‍රා සංගීතයෙන් බොහෝ වෙනස් වුවද මෙම නවීකරණය වු බංග්‍රා සංගීතය හිප් පොප් වැනි අනෙකුත් සංගීත ශෛලීන් හා මනාව මුසු වෙමින්, වාණිජ ලෝකයේ ඉහළටම ගමන් කරයි.
උතුරු ඇමෙරිකවේ බංග්‍රා අභාෂය කෙසේයත් බර්කෙලි බංග්‍රා සමාජයේ අනුග්‍රහයෙන් “ප්‍රිමියම් බංග්‍රා කම්පිටිෂන්” යන තරඟාවලිය 2008 – 02 - 02 දින කැලිෆෝනියා හි ෆ්ලින්ට් සෙන්ටර් යන ස්ථානයේදී පැවැත්විණි. තවද මැන්හැටන්හි සැම මසකම පළමු බ්‍රහස්පතින්දා දින “බෙස්මන්ට් බංග්‍රා” නම් උත්සවයක් බෙරික් ස්ට්‍රීට්හි පැවැත්වෙන අතර එය නර්තනය හා සංගීත ලෝලීන්ගෙන් පිරී ඉතිරි යයි. 1997 වසරේදී ආරම්භ වු මෙම “බෙස්මන්ට් බංග්‍රා” අද වන විට එන් වයි සී (NYC) සමාජයේ නැතුවම බැරි අංගයක් බවට පත්වී අවසානය.