බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය

බංග්ලාදේශයෙහි ප්‍රජාතන්ත්‍රවාදය පළමුවෙන් හඳුන්වාදුන්නේ 1700 සිට 1947 දක්වා බ්‍රිතාන්‍යය විසින් දකුණු ආසියාව පාලනය කරන විට වන අතර, උපමහාද්වීපයෙහි පළමුවන බ්‍රිතාන්‍ය යටත්විජිත අතරින් බංග්ලාදේශය එකක් විය. එකල බ්‍රිතාන්‍යයෙහි ක්‍රියාත්මක වෙමින් පැවති වෙස්ට්මිනිස්ටර් මාදිළියෙහි ප්‍රජාතන්ත්‍රවාදය එවිට බංග්ලාදේශයට හඳුන්වා දෙන ලදි. 1971 දෙසැම්බර් 16 දිනදී පාකිස්තානය වෙතින් බංග්ලාදේශය නිදහස ලබා ගත් විට, බංග්ලාදේශය විසින් එහි දේශපාලන ක්‍රමයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන ලදි; කෙසේවෙතත්, 1975 වසරෙහිදී ඇතිවූ හමුදා කුමන්ත්‍රණයක් විසින් මෙම ක්‍රියාවලිය නවත්වන ලදි.