පෝලි ව්‍යවර්තන මූලධර්මය
පෝලි ව්‍යවර්තන මූලධර්මය යනු, සර්වසම පර්මියෝන (අර්ධ-නිඛිල බැමීම් සහිත අංශු) දෙකකට එකම ක්වොන්ටම් තත්ත්වය එකවිට දැරීම සිදු කල නොහැකි බව දැක්වෙන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක මූලධර්මයකි. ඉලෙක්ට්‍රෝන විෂයයෙහි, එය මෙසේ ප්‍රකාශ කල හැක, බහු-ඉලෙක්ට්‍රෝන පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකකට ක්වොන්ටම් අංක (n, ℓ, mℓ සහ ms) සතර සඳහා එකම අගයයන් දැරිය නොහැක. එකම කාක්ෂිකයේ නේවාසික ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා, n, ℓ, සහ mℓ එකම අගයයන් ගන්නා බැවින්, ms වෙනස් විය යුතු අතර ඉලෙක්ට්‍රෝන සඳහා විරුද්ධ බැමීම් තිබිය යුතුය. 1925දී මෙම මූලධර්මය සූත්රණය කරන ලද්දේ ඕස්ට්‍රියානු භෞතික විද්‍යාඥ වුල්ෆ්ගැන්ග් පෝලි විසිනි.