සෙලියුලෝස බීටා ඞී ග්ලූකෝස් හි බහු අණුවක් ලෙස මොනොසැකරයිඩ තුනේ සිට හය දක්වා ගනනක් එක්වූ විට පොලිගොසැකරයිඩයක් ලෙස හැඳින්වේ. පොලිසැකරයිඩ වර්ග නිහිපයක් දක්නට ලැබේ.

පිෂ්ටය

සංස්කරණය

ආහාරවල බහුලවම දක්නට ලැබෙන පොලිසැකරයිඩයක් ලෙස පිෂ්ටය දැක්විය හැක.පිෂ්ටය ප්‍රධාන වශයෙන් ධාන්‍ය සහ අල වර්ගවල බහුලව පවතී.ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මෙම පිෂ්ටය ඇමයිලේස් වැනි එන්සයිම මගින් මෝල්මෝස් බවටත් පසුව මෝල්ටේස් එන්සයිමය මගින් ග්ලූකෝස් බවටත් පත්වී රුධිරයට උරාගැනීම සිදුවේ.

ආහාරමය තන්තු

සංස්කරණය

ආහාරමය තන්තු හෙවත් සෙලියුලොස් ශාකමය ආහාරවල පමනක් අඩංගුවන පොලිසැකරයිඩයකි.ශාක සෛලවල සෛල බිත්තිය නිර්මානයවී ඇත්තේ සෙලියුලොස් වලිනි.මේම තන්තු හෙවත් සෙලියුලොස් මිනිස් සිරුරේ ඇති එන්සයිම මගින් ජීර්ණය කල නොහැකිය.එහෙත් ඇතැම් ශාකභක්ෂක සතුන්ගේ සිරුරුතුල සෙලියුලොස් ජීර්ණය කලහැකි එන්සයිම පවතී.උදාහරණ ලෙස ගව එළු බැටළු ආදී රූමටික සතුන් දැක්විය හැක.මිනිස් සිරුර තුල සෙලියුලෝස් ජීර්ණය නොවුනද එමගින් ඇති වාසි බොහෝමයක් පවතී.ජීර්ණය නොවී බඩවැල් වලට එකතුවන තන්තු සිරුරේ සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන්ට හොද පෝෂණ මාධ්‍යයක් සකසා දෙයි.මෙම ක්ෂුද්‍ර ජීවීන් විසින් අපට අවශ්‍ය ඇමයිනෝ අම්ල සහ විටමින් බී 12 නිපදවීම සිදුකරයි.එසේම බඩවැල්වල ක්‍රමාකුංචන ක්‍රියාවලිය නිවැරදිව කරගෙනයාමට සහය දෙයි.එමගින් මළබද්ඹය ඇතිවීම අවම කරයි.අර්ශස් රෝගය සහ මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම වැළැක්වීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද මෙම ආහාරමය තන්තු දායකවේ.මීට අමතරව ග්ලූකෝස් සහ කොලෙස්ටරෝල් සිරුරට උරාගැනීම අවම කරයි.එබැවින් දියවැඩියාව සහ අධිරුදිර පීඩනය සහිත රෝගීන්ට තන්තුමය ආහාර ඉතා ගුනදායකය.කොහිල කෙසෙල් මුව කෙසෙල් බඩ කෙසෙල් අල සහ කෙසෙල් අල නෙළුම් අල වැනි ආහාරවල තන්තු බහුලය.ධාන්‍ය වර්ග අතරින් කුරක්කන් සහ නිවුඩු සහල් වලද තන්තු බහුලය.

ග්ලයිකොජන්

සංස්කරණය

ග්ලයිකොජන් සත්ව ආහාරවල පමනක් අඩංගුවන කාබෝහයිට්රේට් විශේෂයකි.ග්ලූකොස් සතුන්ගේ අක්මාව තුලදී ග්ලයිකොජන් බවට පත්වේ.මෙම ග්ලයිකොජන් සතුන්ගේ අක්මාව සහ පටකවල ගබඩාවී පවතී.මස් සහ මාලු වල ග්ලයිකොජන් අඩංගුවේ.පීකුදු වැනි ආහාරවල ග්ලයිකොජන් බහුලය.ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ග්ලයිකොජන්ද ග්ලූකෝස් ලෙස සිරුරට උරාගනී.

"https://si.wikipedia.org/w/index.php?title=පොලිසැකරයිඩ&oldid=674035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි