පොලිස් විමර්ශන
විමර්ශනයක් යනු යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු ගවේශනය කිරිමයි.
විමර්ශනයක පරමාර්ථ
සංස්කරණය- වරදක් සිදුවි තිබේදැයි සොයා බැලීම.
- වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය සොයා ගැනිම.
- වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම.
විමර්ශන පිළිබද නීති ප්‍රතිපාදන
සංස්කරණය1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ දක්වයි.
21 වගන්තිය - ඇතැම් වැරදි පිළිබදව මහජනයා විසින් තොරතුරු සැපයීම සිදු කල යුතු බව
සාර්ථක විමර්ශනයකට අවශ්‍ය තොරතුරු සැපයිමේ නෛතික යුතුකමක් සාමාන්‍ය ජනතාවට පවරයි.මෙවන් තොරතුරක් දැනගත් වහාම පහත අයට දැන්විය යුතුයි.
- ලගම ඇති පොලිස් ස්ථානයට
- මහේස්ත්‍රාත් අධිකරණයට
- ග්‍රාම නිළධාරින්ට හෝ සාම නිළධාරින්ට
අස්වාභාවික මරණයක් පිළිබද තොරතුරක් ලැබුන විට කළ යුතු දේ
සංස්කරණයඅපරාධ නඩුවිධාන සංග්‍රහය- 30 පරිච්ඡේදය
1) මරණ පරික්ෂක හෝ මහේස්ත්‍රාත් විසින් මරණ පරික්ෂණයක් පැවැත්විම.
2) මෘත ශරීරය කපා පශ්චාත් මරණ පරීක්ෂණයක් රජයේ නිළධාරියකු විසින් පැවැත්වීම.(PostMortem) මෙම පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව PMR ( Post Mortem Report )ඉදිරිපත් කරයි.
PMR හි අන්තර්ගත දේවල්
- මෘත ශරීරයේ බාහිර තුවාල ( External Injuries )
- අභ්‍යන්තර තුවාල ( Internal Injuries )
- ආමාශයේ අන්තර්ගත දේවල්
- මරණයට හේතුව ( Course of death )
මුල් තොරතුර First Information regarding an Offence
සංස්කරණය109 වගන්තිය
වරදක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරිමට මුල් තොරතුරක් අවශ්‍ය වේ.
මුල් තොරතුරක් ලැබිය හැකි ක්‍රම.
- වරදකට භාඡනය වූ අයෙක්ගෙන්
- වරදක් සිදුකරනු දුටු අයෙන්ගෙන්
- විත්තිකරුම පොලිසියට විත් පාපොච්චාරණය කිරීම
- රෝහල් පොලිසිය මගින්
පණ්ඩිතරත්න එ කෑගල්ල පොලිස් අධිකාරි 1972 NLR 273
විමර්ශනයක් ආරම්භ කිරිමට මුල් තොරතුරක් අත්‍යවශ්‍ය බව අධිකරණය තීරණය කරන ලදි.
ආරුමුගම් එ මිරිහාන පොලිස් ස්ථානාධිපති 1972 NLR 301
මුල් තොරතුරනක් නොමැතිව වුවද විමර්ශන ආරම්භ කළ හැකි බව තීරණය විය.
විමර්ශන ක්‍රියාවලියේදි පොලිස් නිළධාරියාගේ බලතල හා යුතුකම්
සංස්කරණය1)සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම.
2)සිද්ධිය ගැන කරුණු දන්නා අයගෙන් ප්‍රශ්න කිරිම.
3)පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම.
4)විශේෂඥ වාර්තා සඳහා පුද්ගලයන්ගේ හිසකෙස්,නියපොතු,අත් අනකුරු,කෙළ,මුත්‍රා වැනි ආදර්ශකයන් ලබාගැනීම.
අදාළ තැනැත්තා මේවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි නම් 123 වගන්තිය යටතේ අධිකරණ නියෝගයක් මත එය සිදුකළ හැකිය.
5)අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව විමර්ශන අවසන් කිරීම.
සැකකරුව පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම
සංස්කරණය37 වගන්තිය අනුව අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය.
2005 අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත අනුව මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා ඵම කාලය පැය 48 ක් දක්වා දීර්ඝ කළ හැකිය.
115 වගන්තිය
පැය 24 ක් තුළ විමර්ශනය අවසන් වී නැත්නම් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිස් ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමනක් කළ හැකියි.මේ සමඟ එතෙක් වාර්තා කළ ඇති සාක්ෂිවල සාරංශය ඇතුලත් B වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.මෙසේ සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ හැක්කේ දින 15 ක කාලයකට පමණි.
මහානාම තිලකරත්න එ බන්දුල වික්‍රමගේ 1999 1 SLR 372 ඩැනී එ සිරිනිමල් ද සිල්වා 2001 1SLR 39
මෙම නඩු වලදි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ පොලිසිය ඉල්ලීමක් කළ පමණින් රිමාන්ඩ් කීරීම සඳහා නියෝ නොකල යුතු බවයි.
මහේස්ත්‍රාත්වරයා විමර්ශන කාර්යට සහාය වීම
සංස්කරණය124 වගන්තිය
මහේස්ත්‍රාත්වරයෙක් සුදුසු නියෝග කරමින් විමර්ශන කාර්යට සහභාගී විය යුතුය.
මේ සඳහා පහත නියෝග කළ හැකිය.
1)අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරිම.
2)සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයේ තැබීම.
3)සෝදිසි වරෙන්තු නිකුත් නිරීම.
4)හදුනාගැනීමේ පෙරෙට්ටු සඳහා නියෝග කිරිම.
5)විමර්ශනයේදි සොයාගත් භාණ්ඩ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත යොමු කිරිම සහ ඊට අදාළ වාර්තා කැඳවීම.
6)විමර්ශන සඳහා අත් අකුරු,ඇගිලි සටහන් වැනි ආදර්ශක ලබාගැනිමට නියෝග නිකුත් කිරිම.
7)අවශ්‍ය වූ විට සාක්ෂිකරුවන්ගෙන් හා සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම.127 වගන්තිය
නමුත් මෙම පාපොච්චාරණය(confission) අදාළ සැකකරු විසින් ස්වේච්ඡාවෙන්ම කරන ලද බවට මහේස්ත්‍රාත් සැහීමකට පත්විය යුතුය.
ඒ බව පිළිගත් නඩු තීරණ
මාර්ටින් සිල්වා එ රැජිණ
ඤාණසිංහ තෙර එ රජිණ
සැකකරුවෙක් මහේස්ත්‍රාත් ඉදිරියේ ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරනයක් ඔහුට එරෙහිව නඩු විභාගයේදි සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකිය.
මේ අඩවිත් බලන්න
සංස්කරණයඅඩවියෙන් බැහැර පිටු
සංස්කරණයLawnet සංරක්ෂණය කළ පිටපත 2001-05-01 at the Wayback Machine