පොදු නීතිය පොදු නීතියේ ඉතිහාසය

පොදු නීතිය නිර්මාණය වූයේ 12 සහ 13 වන සියවස් තුල එංගලන්තයේදීය. මෙම සාමූහික නඩු තීරණයන් සම්ප‍්‍රදායයන්, සිරිත් සහ පූර්වාදර්ශයන් මත පදනම් විය. පූර්වාදර්ශයන් හා සිරිත් නෛතික කි‍්‍රයාදාමය තුල වැදගත් භූමිකාවක් ඉටුකළ සමාජයන්හි ඵෙතිහාසිකව පැවැති තත්වය හා සමාන තත්වයක් මෙම නෛතික ආයතනයන් හා සංස්කෘතිය තුල දක්නට ලැබින. ජර්මානු නීතිය හා ඉස්ලාමීය නීතිය මෙවැනි නීති පද්ධතීන්ට උදාහරණයන්ය.

පොදු නීතියේදී භාවිතා කළ මෙම තර්කනය ධර්මාධර්ම විචාරය නොඑසේනම් සිද්ධිය මත පදනම්වූ තර්කනය ලෙසින් හැඳින්වේ. තෝරත ලෙස හඳුන්වනු ලැබූ වරදකාරී කි‍්‍රයාවන්ට (නොසැලකිල්ල සහ වුවමනාවෙන්ම සිදුකළ කි‍්‍රයාවන් යන දෙකටම) වන්දි ලබාදීම, ගිවිසුම් පිලිගන්නා හා නියාමනය කරන ආකෘතියක් ලෙස නීතිය ගොඩනැංවීම ආදී සිවිල් නඩු කටයුතු සඳහා පොදු නීතිය අදාල කරනු ලැබිණ. පොදු නීති ක‍්‍රමයේ අධිකරණයන් තුල අනුගමනය කරනු ලැබූ කාර්ය පටිපාටියවූයේ පොදු නීතිය විසින්ම වර්ධනය කරන ලද ක‍්‍රමයක් වූ චෝදනාත්මක ක‍්‍රමයයි.