පොඩොල්ස්ක්
පොඩොල්ස්ක්(රුසියානු: Подо́льск) රුසියාවේ, මොස්කව් ඔබ්ලාස්ට් හි පොඩොල්ස්කි දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයයි. මොස්කව් ඔබ්ලාස්ට්හි විශාලත ම නගරය වන මෙය කාර්මික නගරයකි. මොස්ක්වා නදියෙහි අතු ගංගාවක් වන Pakhra නදිය අසබඩ පිහිටා ඇත.
ඉතිහාසය
සංස්කරණය18 වන සියවසේ දී, මොස්කව්හි ඩැනිලොෆ් දේවස්ථානයට අයත්ව පැවති පොඩොල් ගම්මානය ඇසුරින් පොඩොල්ස්ක් නගරය බිහි විය. 1791 දී දෙ වන කැතරින් අධිරාජිණිය එය නගරයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා ය.
රුසියානු විප්ලවයට පෙර, රුසියාවේ වඩාත් කාර්මීකරණයට ලක් වූ නගර අතර පොඩොල්ස්ක් විය. මහන මැෂින් නිපද වූ සිංගර් කර්මාන්ත ශාලාවක් ද එහි පිහිටා තිබුණි.
ව්ලැඩ්මීර් ලෙනින් කිහිප වාරයක් මෙම නගරයට පැමිණ ඇත.
සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ දී, මොස්කව් ඔබ්ලාස්ට් හි කාර්මික දැවන්තයෙක් විය. ඒ වන විට නගරය තුළ කර්මාන්ත ශාලා හැත්තෑවකට වැඩිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බොහෝ පොඩොල්ස්ක් නගර වැසියෝ මෙම කර්මාන්ත ශාලාවල සේවය කළහ.