හින්දු පූජා

(පූජා වෙතින් යළි-යොමු කරන ලදි)

පුජා (සංස්කෘත - ගෞරවය, භක්තිය හෝ වන්දනාව) දෙවියන් හා ගුරුන් කෙරෙහි පවතින ගෞරවය පෙන්වීම සඳහා හින්දුන් විසින් සිදුකරති. පුජාවේ අරමුණ වන්නේ දෙවියෙක්, දෙවියන් හෝ සත්ගුරුන් සමඟ සම්බන්ධ වි භෞතික ලෝකය හා අපට නොපෙනෙන අභ්‍යන්තර ලෝකය සමඟ නොකඩවා බැඳීම් පවත්වාගෙන යාමයි. පුජාවන් දෙවියන් කෙරෙහි භක්තිය, පැසසුම හා ස්තූතිය ප්‍රකාශ කිරීමටද යොදාගනිති. පුජාවන් පවත්වන්නේ ‘දෙවියනි ‍මම ඔබතුමාටම අයත් මේ දෙය ඔබතුමාට පුජා කරමි’ යන වාක්‍ය කීමෙන් අනතුරුවය. ඒ අනුව පුජාවකින් පැවසෙන්නේ යමෙකුගේ නිරහංකාරබව පුජාවෙන් මානය දුරුවන අතර එමඟින් දියුණුවට මග සැලසේ. මෙලෙස නිරහංකාර බව ‍හා ‍ලෝකය සමඟ සැසැඳුවිට තමාගේ කුඩා බව අවබෝධ කරගැනීමේ ක්‍රමය හින්දුන් විසින් ගන්නා උත්සාහයකි. නිදසුනක් ලෙස පුජනීය සත්වයෙකු ලෙස සලකන ගවයාට පුද පුජා දැක්වීමෙන් ‍යමෙකුගේ ආධිපත්‍යයට උපකාරිවේ. ගව මුත්‍ර පරිභෝජනය වැනි ක්‍රියා මෙයට හේතුවේ. නමුත් බොහෝ හින්දු මෙය පුජාවක් ලෙස නොසලකති. මුර්තියක් වෙත සිදුකරන පුජාව උතුම් බව පංචතන්ත්‍රයේද සඳහන්වේ.

tiny globe
ආන්ද්‍ර ප්‍රදේශ්හි කාකින්දා නගරයේ සිදුවන පුජාවක්


පුජාවන් ප්‍රමාණය අනුව වෙනස්වේ. පුජාවේ ප්‍රමාණය එය සඳහා ගතවන කාලය, පුජා ලබන දෙවියන් ගණන, එය සිදුකරන්නේ පෞද්ගලික හෝ පොදු කරුණක් හේතුවෙන්ද යන ලක්ෂණ මත රඳාපවතී. හින්දුන් දිනකට වරක් හෝ දෙවරක් පුජා පවත්වති. පුජාවන් පැවැත්විය යුත්තේ ස්නානයෙන් අනතුරුව වන අතර, යහපත් හැසිරිම් හා පුර්ණ අවධානය (ධ්‍යාන) සඳහා ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. දෛනික චාරිත්‍රයකට අමතරව විශේෂ අවස්ථාවලදී ද පුජා පවත්වති. මේ අතරට දුර්ගා පූජා, පොන්ගල් හා ලක්ෂ්මි පූජා ඇතුලත්ය.


දෛනිකව දේවාලයක හෝ නිවසක පවත්වන පුජා හා විශේෂ පුජා වෙනස්වේ. එය සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් හා මිනිසුන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ සඳහා ප්‍රමාණය කෙසේ වුවද සියළුම පුජා එකම මුලධර්මයක් අනුගමනය කරයි. එනම් දෙවියන් ගෞරවනීය අමුත්තෙක් ලෙස සැලකීමය. පුජා යන නම ප්‍රසිද්ධ හින්දු ගැහැණු නමකි.

පූජා චාරිත්‍ර

සංස්කරණය

පූජාවක් ආරම්භ වීමට පෙර සංකල්ප හෙවත් පොරොන්දුවක් වීමේ චාරිත්‍රයක් ඉටුකළ යුතුය. මෙම චාරිත්‍රයේදී බැතිමතා පුජාව සිදුවන වේලාව, ස්ථානය, අවස්ථාව, දෙවියන්ගේ නම, බැතිමතාගේ නම හා පුජාව සිදු කිරීමේ අරමුණ පවසනු ලැබේ. අවශ්‍ය අවසරය පුජකතුමාගෙන් ලැබුණු පසු පුජාව සිදුකළ හැක. පුජාව යනු දෛනික වතාවන් කිරීමක්ද විය හැක. ‍ගෘහමුලිකයා විසින් තෝරාගන්නා ලද දෙවියෙකුට හෝ දෙවඟනකට දිව්‍ය ලෝකයෙන් පැමිණ තමන් හා එක්වන ලෙස ආරාධනා කරයි.


පූජකතුමා සහභාගි වීම අනිවාර්ය නොවුවද, එය පුජාවට වටිනාකමක් එක් කරයි. මෙයට හේතුව පුජකයා දෙවරක් උපත ලබා තිබිමයි. වරක් මනුෂ්‍යයෙක් ලෙස හා දෙවනුව වේද අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ජීවිතය ආරම්භකළ විට. එමනිසා ඔහු වේදයේ නිපුනභාවය හඟවන පුජනීය නුල දරයි. එම හේතුවෙන් ඔහුට පුජාභණ්ඩ වලට ආශිර්වාද කළ හැකි අතර දෙවියන් හා නියම ආකාරයන් සම්බන්ධ විය හැක.


පුජාව භාවනාව (ධ්‍යාන), තපස (තාප), යාඥාව (මන්ත්‍ර), ධර්ම පාඨ කියවීම (ස්ව ධ්‍යාන), ආහාර පුජාව ‍(භෝග) හා දණ්ඩ නමස්කාරය (ෂඨංග හෝ අෂ්ඨංග පුණාම, දෘණ්ඩවාත්) යන කොටස් අඩංගුය. බැතිමතුන් තම නළලේ සඳුන් වලින් නතන ලද තිලකයක් තබා ගන්නා අතර, එය මධ්‍යයේ කුංකුම තබනු ලැබේ. මෙය සර්ව බලධාරි දෙවියන් කෙරෙහි භක්තිය හා එතුමන් සංකේතවත් කරයි. පුජාවක් අවසාන වන්නේ දෙවියන් වෙත ආරති පුජා කිරීමෙන් පසුවයි.


විශාල පුජාවන් සඳහා බැතිමතුන් රාශියකගේ සහභාගීත්වයෙන් දෙවියන්ට හෝ දෙවඟනට යාඥා කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙය දවස පුරාම පැවැත්වෙන අතර පුජා චාරිත්‍රයෙන් පසුව ප්‍රසාදම් බෙදා දීම, භජන් ගායනය හා අවසානයේ සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් බැතිමතුන්ට සංග්‍රහ කරනු ලැ‍බේ.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_පූජා&oldid=472296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි