පුරා විද්‍යාව ගිල්වුණු ලද වැඩ බිම්

ප්‍රාග් ‍ෛඑතිහාසික භූ දර්ශනය

ජලජ පුරා විද්‍යාව මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ දේශගුණයේ හා භූ විද්‍යාවේ වෙනස් වීම් නිසා වර්තමානයේ දී ජලය යට පිහිටන ප්‍රාග් ‍ෛඑතිහාසික වස්තු හා වැඩ බිම්ය.

නැවුම් හා ක්ෂාර ජලජ වස්තු අප පැවතුණු කාලය පුරාවටම මිනිසුන්ට වැදගත් ආහාර ප්‍රබවයක් බවට පත්ව තිබේ. පැරණි ගම්මාන ජලය ප්‍රබව ආසන්නයේ පිහිටා තිබීම එතරම් පුදුමයක් වීමට හේතුවක් නොවේ. අවසාන ‍අයිස් යුගයේ සිට මේ දක්වා මුහුදු මට්ටම අඩි 250ක් (දළ වශයෙන් මීටර් 75ක්) තරම් උස් වී ඇත.

එමනිසා අයිස් යුගය පුරාවට වූ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල වාර්තාවල විශාල ප්‍රමාණයක් දැන් සොයා ගත හැක්කේ ජලය යටිනි.

දැන් කළු මුහුද ලෙස හඳුන්වන ප්‍රදේශය වතුරෙන් යට වීම (වර්තමානයේ පොස්පරස් පිහිටි ස්ථානයේ පිහිටි භූමි පාලමක් මධ්‍යධරණී මුහුදෙහි වැඩි වන ජල පීඩනය යටතේ බිඳී වැටීමත් සමඟ) එකල සුවිසල් මිරිදිය ජලාශයක් වූ ඒ වටා පිහිටි මනුෂ්‍ය ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ගිල්වන ලදී.

බටහිර යුරෝපයේ වෙරළෙහි පිහිටි සුවිශේෂී ලෙන් කලා වැඩ බිම් දැන් ප්‍රවේශ විය හැක්කේ කිමිදීම මඟින් පමණි. එයට හේතුව එම ගුහාවල ඇතුළත ජලයෙන් පිරී නොපැවතුණත් ඒවාට ඇතුළු වන ස්ථාන ජලය යට පිහිටීමයි.

‍ෛඑතිහාසික වැඩ බිම්

ඉතිහාසය පුරාවට එක් එක් කාලවල දී සිදු වූ භූමිකම්පා මඟින් මනුෂ්‍ය ජනපද ගිල්වීම සිදු වී ඇත. එවැනි ව්‍යසනවල අවශේෂ ලෝකය පුරා පිහිටන අතර ඇලෙක්සැන්ඩ්‍රියා පෝර්ට් රෝයල් වැනි වැඩ බිම් වර්තමානයේ දී වැදගත් පුරා විද්‍යාත්මක වැඩ බිම් බවට පත්ව තිබේ. නටඹුන් වූ නෞකා සමඟ මෙන්ම පුරා විද්‍යාත්මක පර්යේෂණවලට බහු තේමා අනුගමනය කළ හැකිය. ඒවාට අවසාන ව්‍යසනය පිළිබඳ සාක්ෂි, ව්‍යසනයට පෙර තිබූ ව්‍යුහ හා භූ දර්ශනය හා එහි ඇති වුණු සංස්කෘතිය හා ආර්ථිකය ඇතුළත් වේ. නැවක් මුහුදුබත් වීමක් මෙන් නොව භූ කම්පා අවස්ථාවක් හරහා නඟරයක් විනාශ වීම වසර ගණනක් පුරාවට සිදු විය හැකි අතර විනාශයේ යම් කොටස් සඳහා සාක්ෂි ද තිබිය හැක. (සමහරක් විට අතරතුර වූ නැවත ගොඩනැඟීම් ද සමඟ)



http://en.wikipedia.org/wiki/Maritime_archaeology#Submerged_sites