පුරා විද්‍යාවේ ඉතිහාසය

පුරා විද්‍යාවේ ඉතිහාසය

ජිල්ට් ලෝහ හා ජේඩ් ඔබ්බවා ඇති බඳුනක්. චීනයේ ක්වින්ග් රජ පෙළපතේ ක්වින්ලෝන් රාජ්‍ය පාලනය (C.1700)

පුරා විද්‍යාවේ ඉතිහාසය දිනෙන් දින දියුණු වන වෘත්තීයකරණය වීම්වලින් එකක් වන අතර එමඟින් සමීක්ෂණයට ලක් කරනු ලබන ප්‍රදේශයේ හැකිතාක් දත්ත ලබා ගැනීම සඳහා දිනෙන් දින වැඩි වන තාක්ෂණික ක්‍රම පරාසයක් යොදා ගනී.

පුරාතන ස්මාරක කැනීම හා කෞතුක භාණ්ඩ එකතු කිරීම වසර දහස් ගණනක් පුරාවට පැවතී ඇති නමුත් ඒවා බොහෝ විට සිදු වී ඇත්තේ වටිනා දෑ එකතු කිරීමට හෝ සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් මානව කෘති ලබා ගැනීමටය.

එහි භෞතික අවශේෂ හරහා අතීතය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනය කිරීම ඇරඹුනේ 19 වන සියවසේ දීය. මෙහි සැලකිය යුතු මුල්කාලීන දියුණු වීමක් වූයේ 1829 දී පුරා විද්‍යාත්මක අනුරූපතා පිළිබඳ ආයතනයේ එඩ්වඩ් ජෙහාඩ් හා ඔහුගේ පිරිස විසින් රෝමයේ සිදු කළ සොයා ගැනීම්ය. පුරා විද්‍යාත්මක ක්‍රම ඒ සඳහා ආශාවක් ඇති ආධුනිකයන් විසින් හා වෘත්තීයමය පුරා විද්‍යාඥයින් විසින් දියුණු කළ අතර ඔවුන් අතරට ඕගස්ටස් පිට් රිවස් හා විලියම් ෆින්ඩර්ස් පෙට්‍රි ඇතුළත් වේ.

මෙම ක්‍රියාවලිය 20 වන සියවසේ දී මෝටයිමර් වීලර් වැනි පුද්ගලයන් විසින් අඛණ්ඩව සිදු කළ අතර ඔවුන්ගේ කැනීම් සඳහා වූ අතිශය ශික්ෂාකාමී ප්‍රවේශය ලබා ගත හැකි සාක්ෂිවල තත්වය වර්ධනය කරන ලදී.

20 සියවස අතරතුර දී නාගරික පුරා විද්‍යාවේ හා ඉන්පසු මුදා ගැනීමේ පුරා විද්‍යාවේ දියුණුවීම් පුරා විද්‍යාත්මක විද්‍යාවේ දියුණුවත් සමඟ වඩාත් වැදගත් සාධක බවට පත්විය. එමඟින් ලබා ගත හැකි දත්ත ප්‍රමාණය අතිශයින් වර්ධනය විය.

මෙහි තවත් අංශයක් වන පුරා විද්‍යාත්මක තාරකා විද්‍යාව පුරා විද්‍යාව ලෙස නොහඳුනන නමුත් එය සංස්කෘතිකමය සන්දර්භයක් පුරා පුරාතන හෝ සාම්ප්‍රදායික තාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයන සමඟ ගණුදෙණු කරයි.


http://en.wikipedia.org/wiki/Archaeology#History_of_archaeology