පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව

පුරාවිද්‍යාත්මක භූ භෞතික විද්‍යාව යන්න වඩාත් පරිශීලනය වන්නේ පුරාවිද්‍යාත්මක රූපණය හෝ සිතියම් කරණය සදහා යොදා ගන්නා භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂන තාක්ෂණික ක්‍රමවලටය. වඩා පුළුල්ව අර්ථ දක්වන ලද විට මෙම වදන පුරා විද්‍යාවට ව්‍යවහාර වන ඕනෑම භූ භෞතික තාක්ෂණික ක්‍රමයක් හැදින් වීමට යොදා ගත හැක. දුරස්ථ සංවේදනය හා සමුද්‍ර සමීක්ෂණ ද පුරාවිද්‍යාවේදි භාවිතා වන නමුත් සාමානයයෙන් ඒවා සැලකෙන්නේ වෙන්වු විෂය පථ ලෙසයි. භූ භෞතික විද්‍යාත්මක ප්‍රලෝකනය හා භූ භෞතික විදයාත්මක සමීක්ෂණය වැනි අනෙකුත් වදන්ද පුරා විදයාත්මක වාග් මාලාවක් තුළදී සාමාන්‍යයෙන් එහා තුල්‍යාර්ථයකින් භාවිතා වෙයි.

පුරාතන ඇප්රෝ ඩිසියස් හි විද්‍යුත් ප්‍රතිරෝධි සිතියම

දළ විශ්ලේෂණයසංස්කරණය

ජෛව භෞතික විද්‍යාත්මක සමීක්ෂණය, පුරා විද්‍යාත්මක අංගවල උප මුහුණත්වල සිතියම් නිර්මාණය කිරීම සඳහා යොදා ගනී. අංග යනු පුරා විද්‍යාත්මක වාර්තාවල චලනය කළ නොහැකි කොටස් එය නැගී සිටින ව්‍යුහයක් හෝ පසෙහි ඉතිරි වී ඇති මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ඉඟියක් විය හැකිය. වැළලී ඇති අංගවල විද්‍යුත් හා චුම්භක ගුණ ඒවායේ ඒවා අඩංගු පරිසරය සමඟ සැලකිය යුතු තරම් වෙනස්කමක් දක්වන විට භූ භෞතික විද්‍යාත්මක උපකරණ මඟින් ඒවා අනාවරණය කර ගත හැකිය. සමහරක් අවස්ථාවලදී ඒකජ මානව කෘති (විශේෂයෙන් ලෝහ) ද හමුවිය හැක. ක්‍රමානුරූප රටාවකට ගන්නා ලද කියවුම් දත්ත කුලකයක් බවට පත්වන අතර එය රූප සිතියමක් ලෙස විදැහීම සිදු කළ හැක. සමීක්ෂණ ප්‍රතිඵල, කැනීම් මෙහෙයවීම සඳහා හා පුරා විද්‍යාඥයින්ට වැඩ බිමෙහි කැ‍නීම් සිදු නොකළ කොටස් බලා ගැනීම සඳහා උදව් වේ. වෙනත් පුරා විද්‍යාත්මක ක්‍රම මෙන් නොව ජෛව භෞතික විද්‍යාත්මක සමීක්ෂණය ආක්‍රමණික හෝ විනාශකාරී නොවේ. මේ හේතුව නිසා සංරක්ෂණය කිරීම (කැනීමට වඩා) අරමුණ වන ස්ථානයන්හි දී මෙය බහුලව භාවිතා වේ.

භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂණය අතීතයේ දී වරින් වර පැමිණෙන සාර්ථකත්වයන් සමඟ භාවිතා කළ නමුත් එය නිවැරදි පරිදි යොදා ගත් විට හොඳ ප්‍රතිඵල ලැබීම බොහෝ විට සිදු වේ. එය අර්ථ නිරූපණය පරීක්ෂා කිරීම හා සැකසීම සිදු කළ හැකි හොඳින් සංයුක්ත කරන ලද පර්යේෂණ සැකසුමක දී භාවිතා කිරීමේ දී වඩා ප්‍රයෝජනවත් වේ. අර්ථ නිරූපණය සඳහා පුරා විද්‍යාත්මක වාර්තාවල හා එය භූ භෞතික විද්‍යාත්මකව ප්‍රකාශයට පත්වන ආකාරය ගැන දැනීමක් අවශ්‍ය වේ. සුදුසු ලෙස උපකරණ යොදා ගැනීම, සමීක්ෂණ සැලසුම් කිරීම හා දත්ත සැකසීම සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය අංග වන අතර එය එක් එක් වැඩ බිමෙහි ආවේනික භූ විද්‍යා හා පුරා විද්‍යාත්මක වාර්තා සඳහා එකතු කරගත යුතුය. ක්ෂේත්‍රයේ දී දත්ත තත්වය පාලනය හා අවකාශීය නිරවද්‍යභාවය තීරණාත්මක වේ.

භූ භෞතික විද්‍යාත්මක ක්‍රමසංස්කරණය

EM සන්නයන සමීක්ෂණය

පුරා විද්යාවේ දී භාවිතා වන භූ භෞතික විද්යාත්මක ක්රම බොහොමයක් උකහා ගෙන ඇත්තේ ඛනිජ ගවේෂණයේ දී , ඉංජිනේරු විද්යාවේ දී හා භූ විද්යාවේ දී යොදා ගන්නා ඒවායිනි. භූ විද්යාත්මක සිතියම්කරණය ආවේනික අභියෝග ප්රදර්ශනය කරන නමුත් එය ක්රම හා උපකරණවල වෙන් වෙන් වශයෙන් වූ දියුණු වීමකට මඟ පාදා ඇත. සාමාන්යයෙන් භූ විද්යාත්මක යෙදීම් සලකා බලනු ලබන්නේ සාපේක්ෂව විශාල ව්යුහ අනාවරණය කර ගැනීමත් සමඟය (බොහෝ විට හැකිතාක් ගැඹුරින්). සන්සන්දනාත්මකව බොහොමයක් පුරා විද්යාත්මක වැඩ බිම් සාපේක්ෂව මතුපිටට ආසන්නයෙන් පිහිටයි. (බොහෝ විට පෘථිවියේ උඩම මීටරය තුළ) උපකරණ බොහෝ විට සැලසුම් කර තිබෙන්නේ මතුපිට අසල සංසිද්ධිය හොඳින් විසඳීම සඳහා ප්රතිචාර දක්වන ගැඹුර සීමා වන ලෙසය. තවත් අභියෝගයක් වන්නේ සියුම් හා ඉතා කුඩා අංග (දිරාපත් වූ ලීවලින් හට ගැනෙන කාබනික වර්ණක වැනි අචීර) අනාවරණය කිරීම හා ඒවා ගල්,මුල් හා අනෙකුත් ස්වාභාවික අපද්රව්යවලින් වෙන් කර ගැනීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්ය වන්නේ සංවේදීතාවය පමණක් නොවේ. එයට දත්ත ලක්ෂ්ය අධි ඝනත්වයක් (අඩුම තරමින් එකක් වත්) හා සමහරක් විට වර්ග මීටරයකට කියවුම් දුසිමක් පමණ අවශ්ය වේ.

පුරා විද්යාවේ දී බහුලවම භාවිතාවන උපකරණ වන්නේ චුම්භක මාන, විද්යුත් ප්රතිරෝධ මාන, භූමිය විනිවිද යන රේඩාර් (GPR) හා විද්යුත් චුම්භක (EM) සන්නායක මානයි. මෙම ක්රම බොහොමයක් වර්ගවල පුරා විද්යාත්මක අංගවල විශිෂ්ට විභේදනයක් ලබා දෙන අතර විශාල ප්රදේශවල අධික සාම්පල ඝනත්ව සමීක්ෂණ සඳහා හැකියාවෙන් යුක්ත වන අතර පුළුල් තත්ව පරාසයක් යටතේ ක්රියාත්මක වේ. සාමාන්ය ලෝහ අණාවරක භූ භෞතික විද්යාත්මක සංවේදක වන අතර ඒවාට අධි විභේදන රූප නිර්මාණය කළ නොහැක. අනෙකුත් ප්රකාශ කර ඇති හා මතුවෙමින් පවතින තාක්ෂණික ක්රම ද භූ විද්යාත්මක යෙදුම්වල භාවිතා වේ.