පුරාවස්තු
අතීතයේ මිනිසුන් විසින් කරනලද විවිධ නිර්මාණ වලින් ශේෂ වූ ද්‍රව්‍යාත්මක සාධක පුරාවස්තූන් ලෙසට හඳුන්වනු ලබයි. තවද මේවා ආදිතමයන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට වන අතර පුරාවස්තුවක් ආකාර දෙකකින් හඳුන්වා දිය හැකිය. එනම්,
- පුරාවස්තුවක් පිළිබඳ නෛතික අර්ථ නිරූපණය.
- පුරාවස්තුවක් පිළිබඳ භෞතික අර්ථ නිරූපණය.
පුරා වස්තුවක් හඳුනා ගන්නේ කෙසේද?
සංස්කරණයමිනිස් ක්‍රියාකාරකම් මුල්කරගෙන පහළ වූ යම්කිසි ද්‍රව්‍යාත්මක සාධකයක් (දෙයක්) පුරාවස්තුවක් ලෙසට භෞතික (ද්‍රව්‍යාත්මක) ව දැක්විය හැකිය. අප ආදිතමයන් වාසය කළ ගේ දොර , පරිහරණය කළ ගෘහ උපකරණ ආහාර වශයෙන් ගත් දෙයෙහි අවශේෂ (ඉතිරි කොටස්) පරිසරයෙහි පැවති ගහ, කොළ, සහ එවකට සිටි සතා සිවුපාවා ද මේ අතරට අයත්වේ. මෙසේ පැරණි මානවයා පිළිබඳව දැනගැනිමට හැකිවන සියලුම භෞතික සාක්‍ෂි පුරාවස්තු වශයෙන් සරලව හැඳින්විය හැකිය. පුරාවස්තු හඳුනාගැනිම උදෙසා පුරාවිද්‍යාඥයන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම 04 දක්නට ලැබේ. එනම්,
විද්‍යාත්මක කාලනීර්ණ ක්‍රමය.
- කාබන් 14 තාප සංදීප්ත ක්‍රමය.
- කලා නිර්මාණවල ශෛලිය අනුව.
- නිර්මාණයේ හැඩය අනුව.
- පුරාවස්තු වටා ඇති වස්තූන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකම අනුව
(ඊට ආසන්න වෙනත්සාක්‍ෂි පදනම් කරගෙනය.)
මෙලෙස නීර්ණය (තීරණය) කරන ලද ද්‍රව්‍යන් පුරාවස්තූන් ලෙසට හඳුනාගනී. ඒ අනුව පැරණි දාගැබ් , ශිලා ලෙඛව , පෙති පිළිම, වැව් අමුණු වැනි මහා පරිමාණ නිර්මාණවල හා කර්මාන්තවල සිට කුඩා වළං කැබලිත් දක්වා වු සියලු වස්තූන් පුරාවස්තූන් පුරාවස්තූන් වේ. නමුත් පුරාවස්තු සඳහා පවතින නිතිමය තත්වය රටින් රටට වෙනස් වේ.ඉන්දියාවේ වසර 100 ට වඩා පැරණි ද්‍රව්‍යන් වුනත් යුරෝපයේ වසර 50ට වඩා පැරණි ද්‍රව්‍යන් ද පුරාවස්තු ලෙසට ඔවුන් සළකයි.