පුරාණ මෙසපොටේමියාව

සුමේරියානු සංස්කෘතියේ ආරම්භය ක්‍රි.ව 5300 දී පමණ දකුණු ඉරාකයේ දී සිදුවී ඇති බවට පිළිගැනේ. එකල සුමේරියානුවන් හට ප්‍රධාන වශයෙන් අවදානය යොමුකළ යුතු කරුණු 2 ක් තිබුණි. ඉන් එකක් වනුයේ මෙසපොතේමියාවේ පිහිටි යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගාවන් දෙකෙන් ඇතිවන ජල ගැලීම් තර්ජනයයි. ජලගැලීම් නිසා ස්වභාවික අයුරින් මඩ තැන්පත් වීමෙන් සෑදුනු සරුපසක් එහි විය.

මෙකල සුමේරියානුවන් අසල්වැසි ඒලාමයිට්ස්වරුන් හා සටන් වැදුණු බවටද සාක්ෂි ලැබී ඇත. කෙසේ වෙතත් ඔවුන් ඇක්කාඩියන්වරුන්ටද ප්‍රබල අභියෝගයක් විය.

ක්‍රි.පු. 2340 දී සාගන් ඇකාඩියානු නායකයා විසින් සුමේරියානුවන් යටත් කරගන්නා ලදී. කෙසේ වෙතත් ඔහුගේ පාලනය කෙටි කාලයකට සීමා විණි. ක්‍රි.පු. 2125 පමණ සුමේරියානුවෝ යළි නැගී සිටියහ.

බැබිලෝනියානුවන්, මිටානි හා ඇසිරියානුවන් සංස්කරණය

සුමේරියානු ශිෂ්ටාචාරයේ කඩාවැටීමත් සමගම ක්‍රි.පු.1700 දී හමුරාබි රජතුමාගේ නායකත්වය යටතේ යලිත් වරක් එක්සත්ව ඔවුහු නැගී සිටියහ. මෙම නව රාජ්‍යය බැබිලෝනියාව ලෙස නම් වූ අතර ඔවුන් ක්‍රමයෙන් දියුණු තත්ත්වයට පත්වුහ. මෙම රාජ්‍යය විශාල ප්‍රදේශයක් පුරා පැතිරිව තිබුණි.


චාල්ඩිවරුන් සංස්කරණය

මොවුන් ක්‍රි.පු.800 දී පමණ බැබිලෝනියානු රාජ්‍යයෙන් පිටත විසූ ප්‍රබල ගෝත්‍රික කොට්ඨාශයකි. කලක් යනවිට මොවුන් බැබිලෝනියාවේ බලය අතට ගත්හ. බැබිලෝනියාව ඔවුන්ගේ පාලනයට නතුව පැවති කාලයේදී චාල්ඩියාව යනුවෙන් හැඳින්විණි.


සටහන් සංස්කරණය

History_of_Iraq Ancient_Mesopotamia
"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_මෙසපොටේමියාව&oldid=471487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි