පුරාණ චීන අධිරාජ්‍යය (ක්‍රි.ව 221 - ක්‍රි.ව 220)

ක්වීන්(Qin) මූර්ති ශිල්පය

ටෙරා - කොට හමුදාවේ දන ගසාගෙන සිටින දුනුවායා

පළමු ක්වීන් (Qin) අධිරාජ්‍යයාගේ සො‍හොන් ගැබ තුළ පිහිටි ටෙරා - කොට හමුදාවේ (Terracotta Army) මිහිදන් කෙරුණු රණකාමීන්ගේ හා අශ්වයින්ගේ දේහ 70,000 ක් පමණ ඇත.


මෘත ශරීර මිහිදන් කිරීමට පෙර ඒවායෙහි තීන්ත ආලේප කර ඇත. දේහයන් මුලින්ම නිරාවරණය කරන විට මෙම වර්ණ නිවැරදි ලෙසම දක්නට ලැබේ. එහෙත් වාතයට නිරාවරණය වූ විට ඒවා අවපැහැ ගැන්වේ. අදටත් නිරාවරණය නොකළ දේහ පෙර පැවති නිවැරදි වර්ණයෙන් දක්නට ලැබේ.


විවිධ ඉරියව් වලින් යුත්දේහ මෙහිදී දැකගත හැක. සිටගෙන සිටින පාබල සේනා, දන ගසාගෙන සිටින දුනුවායන්,අශ්වයන් පිට නැගි අසරුවන් ඒ අතර වේ. සෑම දේහයකම මුහුණ, කොණ්ඩා මෝස්තර එකිනෙකට වෙනස් වු හැඩයන්ගෙන් යුක්තය.


කුඹල් කර්මාන්තය සංස්කරණය

චීනයේ භාණ්ඩ සෑදීමට හා සිදුරු වැසීමට යොදා ගන්නා පෝසිලේන්, කිරිමැටි හා පෙල්ස්පාර්ක් භාවිතාකර නිපදවයි. චීනය උසස් තත්ත්වයේ පෝසිලේන් සඳහා නමක් දිනාගෙන සිටී.


ජින්ඩිසෙන් (Jingdezhen) ප්‍රදේශය හැන් අධිරාජ්‍ය සමයේ සිට පෝසිලේන් භාණ්ඩ සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

| History of Chinese art Early Imperial China |- -->