පුර්ව ඓතිහාසික යකඩ යුගය

පුර්ව ඓතිහාසික යකඩ යුගය ඓතිහාසික වාර්තා අනුව නගරයේ ආරම්භය ක්‍රි.පු 5 වන සියවසේ පමණ සිදුවී ඇතැයි සදහන්‍ වෙයි. එහෙත් පුරාවිද්‍යා දත්ත අනුව එය ක්‍රි.පු. 10 වෙනි ශත වර්ෂය දක්වා දිවයයි. පුරාවිද්‍යාත්මක කැණිම් වලින් මනුෂ්‍යවාසය පිළිබද කරැණු හෙලිවන නමුදු ක්‍රි.පු. 5 වන සියවසෙන් එපිට (ප්‍රාග් ඓතිහාසික) කාලය පිළිබදව සාක්ෂි ඇත්තේ ඉතා සුළු වශයෙනි.

අනුරාධපුරයේ කරන ලද වැඩිදුර කැණිම් වලදී නගරය හෝ නගරය අසල ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පැවතුන බව අනාවරණය වී ඇත. ක්‍රි.පු. 900 - 600 අතර කාල පරාසය තුල පූර්ව ඓතිහාසික යකඩ යුගයේ, යකඩ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයින්, ගෘහාශ්‍රිත ගවයින්, වී වගාව පිළිබද ලකුණු පෙනෙන්නට තිබේ. ක්‍රි.පු. 700 - 700 වකවානුවේ අනුරාධපුරයේ ජනාවාස හෙක්ටයාර් 50 ක පමණ ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇත. වයඹින් හා ඊසාන දිගින් ප්‍රාධාන වරායන් තිබීමත් වාරි පහසුකම් සහිත සරැ සාර භූමියක් නගරය වටා තිබීමත් හේතුවෙන් නගරය සුභ කටයුතු වලදී ආරක්ෂිත විය. ආක්‍රමණිකයන්ගෙන් බේරීමට ස්වාභාවික රැකවරණය සලසමින් නගරය ඝණ වනාන්තරයෙන් වට වී තිබුණි.

මුල් ඓතිහාසික යුගය ක්‍රි.පු. 500 - 250 අතර කාල සීමාව වංශකථා අනුව අධ්‍යනය කර තිබේ. මෙම කාල සීමාවේ පණ්ඩුකාභය රජු ද්වාරයන්, වාණිජ මධ්‍යස්ථාන ආදී අංග ඇතුලත් කරමින් ක්‍රමවත් නගර සැළසුම් කළේය. නගරය වර්ග කි.මී 1 ක පමාණයක පැතිර තිබු අතර එය මාහාද්වීපය තුල එකල ඒ වර්ගයේ විශාලතම නගර වලින් එකක් ලෙස සැළකුනි.