පීතෘමූලිකත්වය
පීතෘ මූලිකතවය යන න්‍යායික සංකල්පය සමාජයේ විවිධ අංශවලදී ඉස්මතුවන ආකාරය පිළිබඳව මෙහිදී විමර්ශනය කෙරේ.
මෙලොවට බිහිවන ඕනෑම සත්වයකු මෙන්ම මිනිසාද ජීව විද්‍යාත්මක වශයෙන් කිසියම් බෙදීමකට ලක්වේ. පුමිතිරි බව හෙවත් ස්ත‍්‍රී පුරුෂ භාවය යනුවෙන් හදුන්වන්නේ මෙම බෙදීමයි. එනම් ගැහැනුන් සහ පිරිමින් අතර පවතින වෙනස මෙයින් හැඟවේ. මෙම වෙනස පදනම් කර ගනිමින් පූරුෂාධිපත්‍ය සංකල්පය විග‍්‍රහ කරන විට එය පුරුෂයා කෙරෙහි බලය, ආධිපත්‍ය සහ පාලනය කේන්ද්‍රගත වීමක් ලෙස හදුන්වයි. මෙම පුරුෂාධිපත්‍ය සංකල්පය මිනිස් වර්ගයා අතර මෙන්ම අනෙකුත් සතුන් අතර පවතින්නක් වන අතර මිනිස් සමාජය පිළිබඳ සැලකීමේදී විවිධ මානව සමාජ වල අඩු වැඞ් වශයෙන් මෙය දකිය හැකිය. කෙසේ වෙතත් සෑම මානව සමාජයකටම පොදු තත්ත්වයක් ලෙස මෙම පුරුෂාධිපත්‍ය සංකල්පය හෙවත් පීතෘ මූලිකත්වය නැමති සංකල්පය හදුන්වයි.( ඔබේසේකර, 1999: 59)
පවුල තුළ පීතෘ මූලිකත්වය
සංස්කරණයපුරුෂාධිපත්ය සංකල්පයෙන් පුළුල්ව සාකච්ඡා කරනු ලබන ක්ෂේත‍්‍රයේ මූලිකම ස්ථානය වනනේ පීතා මූලික පවුල් ක‍්‍රමයක් පවතින පවුල් සංස්ථාවයි. පවුල තුළ සාකච්ඡා කරනු ලබන පිතෘ මූලිකත්වය නැමති සංකල්පය පිළිබඳව අදහස් දක්වන කම්ලා භාසින් සඳහන් කරන පරිදි ,පීතෘ මූලිකත්වය යනුවෙන් අදහස් කරන්නේ පියාගේ නැතහොත් කුලදෙටුවාගේ පාලනයයි. මුලදී එය භාවිත කරන ලද්දේ එක්තරා නිශ්චිත වර්ගයක පුරුෂාධිපත්‍යයෙන් යුත් පවුලක්, ඇතුළත් කුල දෙටුවාගේ හෙවත් කෙළෙඹියාගේ විශාල පවුල විස්තර කිරිම සඳහාය. වර්තමානයේ මෙම පදය භාවිත කරනු ලබන්නේ පුරුෂාධිපත්‍ය ගැනැ එනම් පිරිමින්, ගැහැනු අභිබවා සිටින බල සබදතා ගැන සඳහන් කිරීමටය. කිහිප ආකාරයකින් ගැහනුන් යටත් කරගන්නා ක‍්‍රමයක් හැඳින්වීමටය. ( භාසින්, 1994:1)
සමාජය තුළ පීතෘමූලිකත්වය
සංස්කරණයමෙම පුරුෂාධිපත්‍ය සංකල්පය මගින් මුලිකවම අදහස් වනුයේ පුරුෂයාගේ බලය කිහිප ආකාරයකින් ස්ත‍්‍රිය මත යෙදවීමයි. පුරුෂාධිපත්‍ය සංකල්පය තුළින් විස්තර කෙරෙන පරිදි බොහෝවිට පවුල තුළ, සමාජය තුළ කාන්තාව දුර්වල දෙවන පන්තිය් සමාජිකාවක් ලෙස නම්කර ඇති අතර පුරුෂයා කායික මෙන්ම මානසික වශයෙන්ද බලවත් පුද්ගලයෙකු කොට ස්ත‍්‍රී, පූරුෂ කාර්යය කොටස් වලට ආරෝපණය කර ඇති වටිනාකම්වලට අනුව ඔහුට පවුල් සංස්ථාවේ පුධානියා වශයෙන් අධිකාරීත්වය පිරිනමමින් ස්ත‍්‍රිය පුරුෂයාගේ යටහත් සේවකාව වශයෙන් ක‍්‍රියා කරන්නට සිදුවී ඇත.
විවාහය මත පදනම් වූ පීතෘ මූලිකත්වය
සංස්කරණයමෙම පුරුෂාධිපත්‍ය යන සාධකය සිංහල පවුල් ක‍්‍රමයට ගලපා ගෙන විමසිය හැකිය. සිංහල පවුල් ක‍්‍රමය පුරුෂාධිපත්‍ය පදනම් කර ගත්තකි. "දීඝ විවාහ"ක‍්‍රමයක් පැවති සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකික සමාජයේ පුරුෂයාගේ වාසස්ථානයට ස්ත‍්‍රීය කැඳවාගෙන එයි. මෙම පීතෘවාසික පදිංච්ය පුරුෂාධිපත්‍ය තහවුරු කරන්නකි. "බින්න"විවාහයේදී පුරුෂයා කාන්තාවගේ නිවසට කැඳවාගෙන එන හෙයින් එහිදී ඉස්මතු වනුයේ කාන්තාවගේ ආධිපත්‍යයයි. නමුත් මෙම විවාහ රටාව සමස්ත සමාජය පිළිගත් එකක් හෝ ප‍්‍රචලිත එකක් නොවේ. ( Kiribamune,1990:11)
ආර්ථිකය තුළ පීතෘ මූලිකත්වයේ ස්වභාවය
සංස්කරණයගොනුව:From-oba-nodutu-eya-tv-series.jpg
පීතෘ මූලික සමාජ ක‍්‍රමය තුළ සෑම සමාජ ස්ථරයකදීම මෙන්ම කාර්යයකදී ස්ත‍්‍රියට ඉහළින් පුරුෂයාගේ පාලනය ක‍්‍රියාත්මක වේ. පවුල තුළ ස්ත‍්‍රියගේ කාර්යයභාරය ආර්ථිකමය වශයෙන් තක්සේරුවක් නොකෙරේ. පවුලේ සියලූ වැදගත් තීරණ ගැනීම ගෘහමූලික පුරුෂයා විසින් සිදුකරනු ලැබේ.මව ආදායම් උපයන රැකියාවක නිරත වුවත් ඇය ,"උපයන්නා” ලෙස නොසැලකේ. පවුල තුළ පිරිමි සාමාජිකයන් සතු වන නිදහස බොහෝ විට ගැහැනු සාමාජිකයන්ට හිමිනොවේ.( ලියනගේ සහ වළාකුළුගේ,2006 :32) වර්තමානයේදී පවා තීරණ ගැනීමේ මට්ටමේ රැකියාවලට ස්ත‍්‍රිය සම්බන්ධවන අවස්ථා අවම වන අතර ඇය ගුරු, හෙද, ලිපිකරු වැනි ක්ෂේත‍්‍රවල රැකියාවල නිරතවන තත්ත්වයක් දක්නට පුළුවන. සමාජයේ බලය පවතින සෑම ස්ථානයකදීම සෘජු තීරණ ගැනීම පුරුෂයා සතු වූවකි.
රාජ්‍යය සහ පීතෘ මූලිකත්වය
සංස්කරණයබොහෝ නුතන රාජ්‍යයන් විසින් ස්ත‍්‍රි පුරුෂ සමාන අයිතිවාසිකම් නීත්‍යානුකූලව පිළිගනු ලැබ ඇත. එහෙත් එම නිති ක‍්‍රියාත්මක කිරීමේදී පීතෘ මූලික සමාජ ඇගයීම් වලට අනුව සිදු කිරීම හේතුවෙන් ප‍්‍රායෝගිකව ස්ත‍්‍රී අයිතිවාසිකම් කඩ වීම්ද දක්නට ලැබේ. රාජ්‍ය විසින්ද අසමාන නීතිරීති හා ඒවා ක‍්‍රියාත්මක කිරීමට ආයතනද නිර්මාණය කරමින් ස්ත‍්‍රී පුරුෂ වෙනස පවත්වා ගෙන යාමට ආධාර දෙනු ලැබේ. බොහෝ රටවල ගෘහ මූලිකයා ලෙස රාජ්‍ය සලකන්නේ පවුලේ වැඩිමහල් පුරුෂයාය. පවුලේ දේපළ, විවාහය, දික්කසාදය, ස්ත‍්‍රීුෂණ හා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැනිදෑ සම්බන්ධ නිතිරීතිද පුරුෂයන්ට වාසි වන අයුරින් නිර්මාණය කර තිබේ. මෑත කාලයේ මෙම නීතිවලින් සමහරක් වෙනසකට භාජනය වුවද රජ්‍ය පරිපාලකයන්ගේ ආකල්පමය වෙනසක් ඒ හා සමගාමීව සිදුවී නොමැත. ( ලියනගේ සහ වළාකුළුගේ, 2006:24)
කේට් මිලට්ගේ "sexual politics" ග‍්‍රන්ථය සහ පීතෘ මූලිකත්වය
සංස්කරණයමෙ ග‍්‍රන්ථය තුළ ඇය ලිංග විභේදනය මත පදනම් වූ දේශපාලනය කුමක්ද? යන්න පිළිබඳව අවධාරණය කරනු ලබයි. ලිංග විභේදනය සහ දේශපාලනය අතර පවතින සම්බන්ධය පරීක්ෂා කිරීමේදී එයට දෙන පිළිතුර රඳා පවතින්නේ දේශපාලනය යන්නට දෙන අර්ථකථනය තුළය. සාම්ප‍්‍රදායික දේශපාලනය යන්නට දුන් පිළිතුර රාජ්‍ය පාලනය , ආණ්ඩු කිරීම සමග සම්බන්ධ වන ක‍්‍රියාවලියක් වේ. මෙම අදහස මිලට් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. ඇයට අනුව දේශපාලනය යනු බල ව්‍යුහය අනුව සැකසුනු සම්බන්ධතාවයක් සහ එක් පුද්ගල කණ්ඩායමක් විසින් තවත් පුද්ගල කණ්ඩායමක් පාලනය කිරිම සඳහා යොදාගනු ලබන විධි සහ ආයතන යන ආදියයි. මේ නිසා sex යන කාරණය තුළ අනිවාර්යයෙන්ම දේශපාලනමය අර්ථ ගැන්වීමක් ඇත. එනම් ස්ත‍්‍රිය හා පුරුෂයා පිළිබඳව පවතින පන්ති විභේදනය අනෙක් සෑම විභේදනයකට වඩා අතිශයින් සංකීර්ණය. මෙය ඉතාම තියුණු අභ්‍යන්තර යටත්විජිතවාදයක් ලෙස ක‍්‍රියාත්මක වේ.( මිලට්, 1970 :16)
නිගමනය
සංස්කරණයඒ අනුව පිතෘමූලිකත්වය පිළිබඳව ඇති විවිධ සංකල්ප ගතකිරීම් තුළ ඇති විවිධත්වය හදුනා ගත හැකි අතර සෑම අර්ථ ගැන්වීමක් හා නිර්වචනයක් තුළම පවතිනුයේ, ආධිපත්‍යය, සහ යටපත් කරගැනීමේ සම්බන්ධ තාවය ස්ත‍්‍රිය මත යොදවන ආකාරයයි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
1. දිසානායක, ඔබේසේකර 1998. පුරුෂාධිපත්‍ය සංකල්පය සහ මානව සමාජය,කොළඹ:සමාජ සමීක්ෂා. 2. භාසින් ,කම්ලා 1994. පීතෘ මූලිකත්වය යනු කුමක්ද ? කොළඹ: සමාජ විද්‍යඥයන්ගේ සංගමය. 3. ලියනගේ, කමලා,වළාකුළුගේ, සුමුදු. 2006. ස්ත‍්‍රී. පුරුෂ සමාජභාවය සහ ස්ත‍්‍රි වාදය. කොළඹ: ෆෙඞ්‍්‍රරික් ඊබට් පදනම. 4. kiribamune,sirima 1990 .women at the cross Roads: A Srilankan perspectives.New Delhi International center for Ethnic Studies in Association With NORAD and vikas publishing House(Pvt)Ltd