පිළිකුල්සහගත ණය

ඒකාධිපති පාලනයක් විසින් ගන්නා ලද ණය, රාජ්‍යයේ ණය ලෙස බලාත්මක කළ නොහැකි බවට පවසන නීතිමය න්‍යායකි

නීතිවිරෝධී ණය ලෙසද හඳුන්වනු ලබන පිළිකුල්සහගත ණය යනු, ඒකාධිපති පාලනයක් විසින් දරනු ලබන ජාතික ණය, එහි පුරවැසියන් කෙරෙහි බලාත්මක කළ නොහැකි බව පවසන ජ්‍යාත්‍යන්තර නීතිමය න්‍යායකි. මෙම මූලධර්මය මගින් එවැනි ණය සලකනු ලබන්නේ රාජ්‍යයේ ණය ලෙස නොව, ඒවා ඇති කළ පාලන තන්ත්‍රයේ පුද්ගලික ණය ලෙස ය. මෙම සංකල්පය, බලහත්කාරයෙන් අත්සන් කරන ලද ගිවිසුම් වලංගු නොවීම හා සමාන වේ.

මිනිසුන්ගේ අනුමැතියකින් තොර සහ ජනතාවට ප්‍රතිලාභ නොලැබුන ස්වෛරී ණය පිළිකුල් සහගත වන අතර, එම ණය අනුප්‍රාප්තික රජයකට පැවරිය යුතු නොවන බව, පිළිකුල් සහගත ණය පිළිබඳ නීතිමය මූලධර්මය මගින් කියැවෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පිළිකුල්සහගත_ණය&oldid=553272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි