පියරැසි පහන හෙවත් ප්‍රතිදීප්ත පහන යනු දිසි අලුව විහිදන පොස්පරයක් පොබයනුව රසදිය වායුරු[1] මගින් විහිදෙන පාරජම්බුල යොදාගන්නා විදිලි බුබුළු (පහන්) පන්නයකි. සැහිරි පියරැසි හා සංයුක්ත පියරැසි හා යන සැමැනි පන්න දෙකක් ඇති. මේ ලිපිය සැහිරි (උදු බටයුරු) පියරැසි පහන් ගැනැ වේ.

සරල සවිහුරුවකැ ඇති සැහිරි බටයුරු පියරැසි පහනක්.

පියරැසි පහනකැ මිල බොහෝ විටැ එකම ප්‍රතිදානයක් ඇති තැවිදිලි පහනකට වඩා බෙහෙවින් වැඩිතර වන අතර පියරැසි පහන් වලින් ලැබෙනා එළිය තැවිදිලි පහන් වලැ එළියට වඩා වෙනස් ලෙස පෙනේ. පියරැසි පහන් වලට දිගු ආයු කලක් ඇති අතර එ මැ දීප්තියේ තැවිදිලි පහනකට වඩා අඩු ඔද පිරිබිදුමක් ඇති. තැවිදිලි පහනක් හා සැසැදුව, පියරැසි පහනකට එහි දිවිය පුරාම අමරිකානු ඩොලර 30කට වැඩි විදිලි පිරිවැයක් ඉතිරි කැරැ ගත හැකි.

වැඩ කරන අයුරු සංස්කරණය

බටය තුළැ ඇති රසදිය වායුරුවට විදිලි දහරක් යෙදන අතර ඒ හේතුවෙන් එය පාරජම්බුල එළිය විහිදයි. බටයේ බිති මතැ ඇති පොස්පරයක් පාරජම්බුල එළිය සවුරයි.[2] මෙය විදුරොනක් වැඩිතර ඔද සහිත සැරි වටයකට පැනීමට හේතු වේ. විදුරොන යළි එහි සුපුරුදු සැරි වටයට වැටෙත, පොස්පරය එහි ඔද දිසි අලුව ලෙස නැවැත විහිදයි.

යොමු හා සටහන් සංස්කරණය

  1. වායුරුව - vapour; වායුරියි - vaporize (verb); වායිරීම - vaporization; වායුරනය - vaporizer; වායිරිසුලු - vaporable
  2. ස + උරයි > සවුරයි - absorb (verb), absorber - සවුරුව, absorption - සවුරුම
"https://si.wikipedia.org/w/index.php?title=පියරැසි_පහන&oldid=553074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි