පිනිබෑම
පිනිබෑම යනු තුෂාරය ඇද වැටීමයි. මෙය බොහෝවිට සිදුවන්නේ උදය කාලයේදීය. වායුගෝලීය උෂ්ණත්වය කිසියම් අගයකට වඩා පහත බැසි විට වාතයේ ඇති ජලවාෂ්ප ඝනවී පිණි කැටිති සෑදී පොළොව මතට පතිතවීම වෙතින් මෙම පිනිබෑම සිදුවෙයි.
භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම
සංස්කරණයවායුගෝලයේ උෂ්ණත්වය තුෂාරාංකයට වඩා පහළ බැසි කල ඝන පෘෂ්ඨයන් මත මෙසේ තුෂාරය තැනේ.
ධර්ම සාහිත්‍යයෙහි සඳහන
සංස්කරණයලෝ වැඩ සඟරාවෙහි "පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ" යැයි දැක්වෙන්නේ තණ කොළ අග සැදුනු පිණි හිරු රැස් විහිදුන විට සැණෙන් අතුරුදහන් වී යන බැවින් ප්‍රාණයද එලෙස අනිත්‍ය බව කීමටයි. ස්වභාවික පරිසරයක වාතය හා ගැටෙන මුල්ම ඝන වස්තුව තණ කොළ අග විය හැකි අතර එවැනි උල්වූ පෘෂ්ඨයන්හී ඝණිභවනය සිදු වීමට රුචියක්ද ඇත. එබැවින් අළුයම් කාලයේ වාතයේ උෂ්ණත්වය තුෂාරාංකයට වඩා අඩු අගයක පවතින විට මෙසේ තණ අග තුෂාරය තැනීම නිසා පිණි බිඳු ඇතිවෙයි. හිරු නැග එත්ම වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට එය තුෂාරාංකයට වැඩිවූ සැණින් තුෂාර පකනය නවතින අතර සැදි තුෂාරයද වාෂ්පිභවනය වෙයි.
සෞඛ්‍යය හා බැඳි සංකල්ප
සංස්කරණයඅධික පිනි පතනය සහිත ප්‍රදේශ වල ජනයා හිමිදිරියේ හිස ආවරණය කර එළිමහනේ යන්නේ පිනි හේතුවෙන් සෙම් රෝග සෑදීමෙන් මිදීමටය. මේ අතර පීනසාදී රෝග සහිත වුන් හට හිස ආවරණය කොට ගෙන පිනි සහිත හිමිදිරියේ එළිමහනේ සක්මන නියම කරන්නේ පින්නට ලය හුරු කිරීමෙන් පීනස සුව කර ගැනුමටය. සමහරක් ව්‍යාධි සඳහා ඖෂධ පින්නේ තබා පානය කිරීමට දීමද දැකිය හැකි දෙයකි.