පාෂාණික පරිසර විද්‍යාව

පාෂාණික පරිසර විද්‍යාවේදි උප පොසිල පිළිබඳ දත්ත යොදා ගෙන අතීත පරිසර පද්ධති යළි ගොඩ නැගීම සිදු කරයි. මෙයට අදාළ වන්නේ පොසිල වු ජිවී සංවිධාන පිළිබඳ අධ්‍යයනය, සතුන්ගේ ආහාර මාර්ග පද්ධතියේ තිබි පොසිල වු ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යනය සහ අනෙකුත් අංශු මාත්‍ර පොසිල පිළිබඳ අධ්‍යයනයන්ය. එමගින් සත්ව ජීවන වක්‍ර, විවෘත අන්තර් ක්‍රියා, ඔවුන්ගේ ස්වාභාවික පරිසරය, ඔවුන් මියගිය හා වැළලුණු ආකාරය පිළිබඳ සොයා බැලිමයි.

tiny globe
සංයෝගාණුව,ගිනිකොන ඉන්දියානා

මේ අනුව පාෂාණික පරිසර විද්‍යාවේ අභිමතාර්ථය අද පොසිල සේ හමුවන ජිවින්ගේ ජෛව පරිසරය සවිස්තරාත්මක ඉදිරිපත් කිරිමයි. මෙම ප්‍රතිනිර්මාණකරණ පාරිසරික සාධක එනම් උෂ්ණත්වය, ආහාර සැපයුම, සුර්ය තාපය ආදිය සමග කරන සංකිර්ණ අන්තර් ක්‍රියාවකි. මෙහිදි බොහෝ සංකිර්ණ දත්ත පශ්චාත් පොසිලකරණයේදි විසිරීම හා විනාශවිම නිසා මෙම අධ්‍යයනය තවත් සංකිර්ණ වි ඇත.

  • පරිසරික සංකිර්ණත්වය නිසා පවතින දත්ත සංඛ්‍යාව සංඛ්‍යාත්මක වශයෙන් අධ්‍යයන දුෂ්කර වී ඇත. පශ්චාත් මරණ පරික්ෂණ මගින් තොරතුරු සොයාගන්නා විෂය ක්ෂේත්‍ර Taphony ලෙස හදුන්වයි.
  • බොහෝමයක් පාෂාණික පරිසර විද්‍යාත්මක පරික්ෂණ කෙන්ද්‍රගත වී ඇත්තේ පසුගිය අවුරුදු මිලියන 2 පිළිබඳවය. මක්නිසාදයත් ඊටත් වඩා අතීත තොරතුරු පොසිලවලින්ද පැහැදිලි නොවන නිසාය. බොහොමයක් අධ්‍යයනයන්ගෙන් සනාථ වී ඇත්තේ පොසිල අවධිය එනම් පසුගිය වසර 110000 කාලය සහ ප්ලෙයෙස්ටෝසීන අවධියේ අවධීන් සහ glacial සමයේ එනම් අදින් වසර 50000 ක් 10000 ක් අතර අයිස් යුගයේ Wisconsin/weichsel/ devensian/ wurm glaciation අවධින්ටයි.

මෙම අධ්‍යයන මගින් පරිසර පද්ධති වෙනස්විම සහ පරිසර පද්ධති ප්‍රාග් කාර්මිකරණය යළි ගොඩ නැගිමට හා තේරුම් ගැනිමට ඉවහල් වි ඇත. මේ නිසා එව ප්‍රතිපත්ති හා තිරණ පාෂාණිය පරිසර විද්‍යාව කෙරෙහිද යොමු කිරිම මගින් සංරක්ෂණ පරිසර විද්‍යාව දියුණු කළ හැකිය.


Paleoecology