පාලනය කිරිමක් සහිත ගිනි තැබිම

නියම කරන ලද හෝ පාලනය කිරිමක් සහිත ගිනි තැබ්ම් ( back burning or swailing ) සමහර අවස්ථාවල දී වන කලමණාකරනය, ගොවිතැන, ගස් නැති තණකොළ වලින් වැසුනු තැනිතලාවන් නැවත ඇති කිරීම හෝ හරිතාගාර වායු පිටවීම වැළැක්වීම සදහා යොදා ගන්නා ක්‍රමයකි. ගින්න යනු වනාන්තර හා තණබිම් පරිසර විද්‍යාවේ ස්වභාවික කොටස් වන අතර වන නිලධාරීන් පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් මෙවලමක් ලෙස යොදා ගනී. පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් ඇතැම් යෝග්‍ය, රැ අපට අවශ්‍ය කරන වන ශාක පැලවිම උද්දීපනය කරන අතර එමගින් වනාන්තර නැවත අළුත් වීමක් සිදුවේ. සික්වෝයා වැනි ඇතැමි බීජ ඒවායේ බීජ ආවරණය ඉවත් නොවී ගින්නකට අසුවන තුරු සුප්තව පවතී.

කාර්මික රටවල්වල පාලනය කිරිමක් සහිත ගිනි තැබීම් සම්බන්ධයෙන් නීතී හා බලපත්‍ර නිකුත් කිරීමට බලය පැවරී ඇත්තේ ගිනි ගැනීම් පාලන අධිකාරීන්වලට ය. බලයලත් පාර්ශ්වය විසින් ගිනිගැනීම් ඇතිවිය හැකි යැයි බලාපොරොත්තු වන කාලය හා ස්ථානය වචනයෙන් හෝ සටහනකින් ඉදිරිපත් කළ යුතුය. ගිනිගැනීමක් පාලනයෙන් තොරව සිදුවන අවස්ථාවක බලපත්‍රයක් ලබාගෙන තිබීම වගකීම සීමා කිරීමක් නොවේ.

Reference සංස්කරණය

http://en.wikipedia.org/wiki/Controlled_burn