පාරිභෝගික ආරක්ෂණය

ගොනුව:Article 02.jpg

[1]හැඳින්වීම සංස්කරණය

නිෂ්පාදකයා,වෙළෙන්දා,පාරිභෝගිකයා,යන පාර්ශවයන් තූනකගේ සහභාගිත්වයෙන් වෙළඳපොළ ආර්ථික රටාව නිර්මාණය වි අැත.නිෂ්පාදකයා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවන් වෙළෙන්දා හරහා පාරි‍භෝගිකයා මිලදි ගැනීම සිදුවේ. විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ තරඟකාරී වෙළෙඳපොල තුල නිතැතින්ම භාණ්ඩ හා සේවා මිලදී ගැනිමේදී පාරිභෝගිකයා කෙරෙහි යම් අවධානමක් පවතී.භාණ්ඩ හා සේවා මිලදී ගිනිෙම්දි පාරිභෝගිකයා කෙරෙහි පවතින අවධානම අවම කිරීම හා අසාධාරණ වෙළෙඳ පිළිවෙත්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම අරමුණු කරගෙන හඳුන්වා දී ඇති ‍‍නෛතික තත්වය පාරිභෝගික ආරක්ෂණ නීතින් ලෙස දැක්විය හැකිය.විවෘත ආර්ථිකය පදනම් කරගත් තරඟකාරී වෙළඳ රටාවක් තුළ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති තත්වය ඉතා වැදගත් වේ.


පාරිභෝගිකයා යනු සංස්කරණය

තමා‍ගේ,සිය පවුලේ හෝ සමුහයකගේ අවශ්‍යතාවයන් සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගන්නෙකු හා පරිභෝජනය කරන්නෙකු මෙන්ම ඍජුව හෝ වක්‍රව බලපාන්නා වු විවිධ සමාජ මුහුණුවර පිළිබඳ සැලකිල්ළක් දක්වන අයෙකු වේ.


පාරිභෝගික ආරක්ෂණ නීතින්ගේ ඉතිහාසය සංස්කරණය

පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් පවති.මුල්කාලීන වාණිජ්‍යය භාවිතයන්ගේ අන්තර්ගත වු මුලික සංකල්පය වුයේ "ගැණුම්කරැවා ප්‍රවේසම් විය යුතුය"( caveatempter) යන්නයි.මෙම සංකල්පයෙහි රැකවරණය රිසි සේ ලබාගත් වෙළෙන්ඳා තම ලාභය උපරිම කර ගැනිමට කටයුතු කිරීම හමු‍වේ නිරතුරු පාරිභෝගික අ‍යිතිවාසිනම් අවධානමට ලක්විය. වෙළෙඳ පොළ තුළ බලයෙන් අඩු අහිංසක පාර්ශවය වන පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත උදෙසා නෛතිකමය මැදිහත් වීමක් ලබා දීමේ අවශ‍්‍යතාව පැන නැගීම,පාරිභෝගික ආරක්ෂණ නීති හා ප්‍රතිපත්තීන් බිහිවිමේ මුලාරම්භයයි.

විශේෂයෙන්ම පාරිභෝගිකයන් සමග වෙළෙන්ඳන් වාණිජ්‍යය ගණුදෙණු ඇති කර ගැනීමේදී ඔවුන් තම ගිවිසුම් වලට තමන්ට වාසි සැලසෙන පරිදි වගන්ති,කොන්දේසි ඇතුලත් කිරිම සිදු කරයි.‍මෙවැනි ප්‍රතිපාදන මගින් පාරි‍භෝගිකයන්ට සිදුවන හානි හා අතිවාසිකම් උල්ලංගනය වීම් වැලැක්විම උදෙසා පියවර ගැනීම මෙම පනත් හරහා සිදු විය. පාරිභෝගිකයා හා වෙළෙන්ඳා යන අසමාන පාර්ශවයන් අතර ඇතිවන ගිවිසුමේදි ඇතිවන අසමතුලිතතාවයන් සමනය කිරීමට නීතිය මැදිහත් වේ.

අන්තර්ජාතික වශයෙන්ද නුතනයේ මෙම පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්තීන් වලට ඉහළ වැදගත්කමක් ලබා දී ඇත.වර්තමානයේ වඩාත් දියුණු තත්වයකට පත්ව ඇති පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්තින් බෝහෝ දුරට පෝෂණය වුයේ අන්තර්ජාතික වශයෙන් විවිධ බුද්ධිමතුන් දක්වන ලද අදහස් මගිනි.


 
ලෝකයේ ප්‍රථම පාරිභෝගික ආරක්ෂණ නීති සංග්‍රහය


John F Kenady

"අප සියල්ලෝම පාරිභෝගික කොට්ඨාශ‍යට අයත් වන්නෙමු.සෑම පොදු හා පෞද්ගලික ආර්ථික තීරණ වලදී බලපෑම් එල්ල වු හා බලපෑම් එල්ල වන විශාලතම කණ්ඩායම පාරිභෝගිකයන් වුවද නිරතුරුවම එම අර්ථික තිරණ ගැනීම් වලදී අදහස් නියෝජනය කිරීමට අවස්ථාව අඩුවෙන්ම ලැබී ඇති එකම වැදගත් ගිවිසුම් පාර්ශවය වන්නේද පාරිභෝගිකයන්ය."

පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජෝන් එෆ්. කෙනඩි අදහස් දක්වමින් මුලික අයිතිවාසිකම් 4 ක් ඔහු විසින් හඳුන්වා දි ඇත.

  • ආරක්ෂාව පිළිබඳ අයිතිය
  • තොරතුරු ලබා ගැනීමේ අයිතිය
  • වරණීය අයිතිය
  • අවධනය යොමු කරවා ගැනීමේ අයිතිය




Mahathma Ghandi

"පාරිභෝගිකයා යනු අපගේ දේපලට පැමිණෙන ඉතා වැදගත් ආගන්තුකයාය.ඔහු අප මත නොව අප ඔහු මත යැපෙයි. පාරිභෝගිකයා අපගේ කාර්යන්ගේ බාධාව නොව ඔහු අපගේ කාර්යන්ගේ අරමුණයි.අප සේවය කිරීම මගින් ඔහුට උදව් කරනවා නොව සේවය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම මගින් ඔහු අපට උදව් කරයි".






අන්තර්ජාතිකව පිළිගන්නා මුලික පාරිභෝගික අයිතිවාසිකම් සංස්කරණය

1.මුලික අවශ‍්‍යතා සපුරා ගැනීමේ අයිතිය


2.ආරක්ෂාව සලසාගැනීමට ඇති අයිතිය


3.තොරතුරු ලබා ගැනිමට ඇති අයිතිය


4.තෝරා ගැනීමට ඇති අයිතිය


5.සවන් යොමු කරවා ගැනිමට ඇති අයිතිය


6.මූලික අවශ්‍යතා සපුරාගැනිමට ඇති අයිතිය


7.අධ්‍යාපනය ලබා ගැනිමට ඇති අයිතිය


8. සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය



අන්තර්ජාතික වශයෙන් පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අතරින්,1985.04.09 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හඳුන්වා දුන් පාරිභෝගික ආරක්ෂණ උපාය මාර්ග,අන්තර්ජාතික පාරිභෝගික සමිති සංවිධානය ගෙන ඇති ක්‍රියා මාර්ග වැදගත්ය.

පාරිභෝගික යුතුකම් සංස්කරණය

  • දැඩි අවබෝධ
  • සමාජශිලී බව
  • ක්‍රියාකාරිත්වය
  • පරිසරය පිළිබඳ අවබෝධය
  • සහෝදරන්වය(සහයෝගිතාවය)

පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ ශ්‍රි ලංකා නීති තත්වය සංස්කරණය

අතීත රජවරුන්ගේ සමයේ සිට පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් මුලික අදහසක් ලංකාව තුළ පැවත ඇත.'උදය රජතුමා විසින් පනවන ලද බදුලු' ටැම් ලිපියෙහි පාරිභෝගිකයා ආරක්ෂා කිරිම පිළිබඳ ව්‍යවස්ථා පෙළක් පැවතීම මීට උදාහරණයි.මෑත කාලීන ඉතිහාසය දෙස බැලීමේදී මේ සඳහා පැනවු මුල්ම නීතිය වුයේ මහජන පීඩා ආඥා පනතයි.


‍ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ නීතින්ගේ විකාශනය සංස්කරණය

  • 1863 මහජන පීඩා ආඥා පනත
  • 1896 භාණ්ඩ ‍‍විකිණිමේ ආඥා පනත
  • 1950 මිල පාලන පනත
  • 1979 අංක 01 දරණ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත
  • 1980අංක 27 දරණ විලවුන් උපකරණ හා ඖෂධ පනත
  • 1984 අංක 06 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත
  • 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත
  • 1988 අංක 68 දරණ පොහොර විධීමත් කිරීමේ පනත
  • 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත


මෙම විකාශනය අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා නුතනයේ ක්‍රියාත්මක වන නවතම නීති තත්වය වන්නේ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතයි.


2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංස්කරණය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරිම, පාරිභෝගික පැමිණිලි විභාග කිරිම, අසාධාරණ වෙළෙඳ පිළිවෙත් වැළැක්වීම, ආදි අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියක් පිහිටුවා ඇත. මෙම අධිකාරි පනත මගින් වෙළෙන්ඳන් විසින් කරනු ලබන අක්‍රමිකතාවයන් හඳුන්වා දී ඇති අතර ඒවා වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදනයන්ද දක්වා ඇත.

පනත මගින් හඳුන්වා දී ඇති නීති විරෝධි වෙළඳ භාවිතයන් සංස්කරණය

  • සටහන් කළ මිලට ඉහළින් භාණ්ඩ විකිණිම
  • කුවිතාන්සි නිකුත් නොකිරිම
  • ප්‍රතිඥා හෝ වගකීම් කඩ කිරිම
  • කපටි හෝ වංචනික පැවැත්ම
  • අනිවාර්ය ප්‍රමිති කඩ කිරිම
  • නොමග යැවීම
  • අසාධාරණ තරඟය
  • වෙළෙඳ ඒකාධිකාරය
  • ගිවිසුම් කඩ කිරීම
  • අපිරිසිදු හෝටල්,බේකරි,ආපනශෘලා පවත්වාගෙන යාම
  • රසකාරක යෙදිම හා අක්‍රමවත් නිෂ්පාදන පිළි‍වෙත්
  • ආහාරපාන වල කල් ඉකුත්වන දිනය,ලේබල් නොදැක්වීම


2003 අංක 29 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත පැනවීම මගින් 1979 අංක 01 දරණ පාරිභෝගිකයන් ආරක්ෂෘ කිරිමේ පනත ද 1987 අංක 01 දරණ සාධරණ වෙළඳ සභා පනත ද අහෝසි කරන ලදි.පාරිභෝගිකයන් ආරක්ෂා කිරිමේ අධිකාරි පනතෙහි

07 වන වගන්තිය සංස්කරණය

  • පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපල වලටහානි සිදුවන භාණ්ඩ හා සේවා සැපයීමට එරෙහිව කටයුතු කිරීම
  • පාරිභෝගික අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ල දැක්වීම
  • හැකි සෑමවිටම පාරිභෝගිකයන්ට තරගකාරී ලෙස භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට සහතික විම
  • පාරිභෝගික සුරාකෑම් වලට එරෙහිව සහන ලබා දීම


වාණිජ්‍යමය ගණුදෙණු වලදී පාරිභෝගික ආරක්ෂණය යන තත්වය කාර්යක්ෂම‍ව පවත්වාගෙන යාම උදෙසා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවක් පනත මගින් ස්ථාපනය කර ඇත.


ඒ අනුව ඉහතින් දක්වන පද පරිදි පාරි‍භෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා නීතිය මගින් පියවර රාශියක් ගෙන ඇත.මෙම නීති ප්‍රතිපාදන මගින් අසාධාරණ වෙළෙඳ පිළිවෙත් මගින් පාරිභෝගිකයන්ට සිදුවන හානි හා අයිතිවාසිකම් උල්ළංගනය වීම වැළැක්වීම උදෙසා අවශ්‍ය ප්‍රතිපාදනයන් හඳුන්වා දී අැත. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නීතියේ ක්‍රියාකාරිත්වය පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා පාරිභෝගිකයා තුළ පවතින දැනුවත් භාවය හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී නිසි අවධානයක් යොමු කිරීම ද වැදගත්ය.




 


ආශ්‍රිත මූලාශ්‍ර සංස්කරණය

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

  1. පාරිභෝගික ආරක්ෂණය
"https://si.wikipedia.org/w/index.php?title=පාරිභෝගික_ආරක්ෂණය&oldid=613121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි