ප්‍රධාන මෙනුව විවෘත කරන්න
හිමොග්ලොබින්හි ක්‍රමානුරූපයකි. රතු හා නිල් පටි මගින් ග්ලොබීන් ප්‍රෝටීනය නිරූපණය කරන අතර කොළ පැහැති කොටස් මගින් හීම් කාණ්ඩ නිරූපණය වේ.

කාබෝහයිඩ්‍රේට මෙන්ම ඉතා විශාල ව්‍යුහමය කර්තව්‍යයක් ප්‍රෝටීන මගින් සිදුවේ. ඇක්ටින් හා මයෝසීන්වල චලනය කංකාල පේශිවල සංකෝචනය සඳහා නිතැතින්ම හේතුවේ. බොහෝමයක් ප්‍රෝටීන කිසියම් අණුවක හෝ අණු කාණ්ඩයකට විශේෂිතව බැඳී ඇති අතර ඔවුන්ට බැඳෙන දෙය ඉතාමත් සුවිශේෂීව තෝරා ගනු ලබයි. ප්‍රතිදේහ යම් කිසි විශේෂිත අණුවකට සබැඳි ප්‍රෝටීන් සඳහා උදාහරණයකි. ප්‍රතිදේහ යොදා ගෙන සිදුකරන enzyme-linked immunosorbent assayපරීක්ෂණ (ELISA) ජීව අණු සෙවීමට නුතන වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වන වඩාත් සංවේදී ක්‍රමයකි. කෙසේ වුවත් වඩාත්ම වැදගත් ප්‍රෝටීන වර්ගය වන්නේ එන්සයිමයි. මෙම පුදුම සහගත අණු උපස්ථර ලෙස හඳුන්වන විශේෂිත ප්‍රතික්‍රියක අණු හඳුනා ගන්නා අතර ඒවා අතර ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි. එන්සයිම මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරන අතර ප්‍රතික්‍රියාව 1011 ගුණයකින් වේගවත් කරයි. තනිව සිදු වීමට සාමාන්‍යයෙන් අවුරුදු 3000 ක් පමණ ගත වන ප්‍රතික්‍රියාවක් එන්සයිම ඇතිවිට තත්ත්පරයකටත් වඩා අඩු කාලයක දී සිදුවේ. ක්‍රියාවලිය අවසානයේ දී එන්සයිම එලෙසම පවතින අතර නව උපස්ථර කොටසක් සමග නව ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කිරීම ආරම්භ කරයි. විවිධ නවිකාරක භාවිතයෙන් එන්සයිමවල ක්‍රියාවලිය පාලනය කළ හැකි අතර එමගින් සෛලයක ජීව රසායනය පාලනය කළ හැකිය.

සාරාංශයක් ලෙස ගත් කළ ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල දාමයකි. ඇමයිනෝ අම්ල කාණ්ඩ 4 කට බැඳුණු කාබන් පරමාණුවකින් යුක්ත වේ. එකක් ඇමයිනෝ ඛණ්ඩයක් වෙයි. –NH2 අනික කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් වෙයි. –COOH (නමුත් කායික තත්ව මත මේවා -NH-3 හා –COO- ලෙස පවතී) තෙවැන්න හයිඩ්‍රජන් පරමාණුවක් වෙයි. හතර වැනි කාණ්ඩය “-R” මගින් සංකේතවත් කරන අතර එක් එක් අම්ලය සඳහා මෙම කාණ්ඩය වෙනස් වෙයි. සම්මත ඇමයිනෝ අම්ල වර්ග විස්සක් පවතී. මෙයින් සමහරක් ඒ ලෙසට හෝ නවීකරණය වී හෝ භාවිතා වේ. උදාහරණ ලෙස ග්ලුටමේට් වැදගත් නියුරෝන සම්ප්‍රේෂකයක් ලෙස ක්‍රියාකරයි.

ඇමයිනෝ අම්ල (1) උදාසීන ලෙස (2) භෞතික තත්ව යටතේ පතින ආකාරයෙන් (3) ඩයිපෙප්ටයිඩයක් ලෙස එකට එකතු වීමෙන් යන තුන් ආකාරයෙන් සාකච්ඡා කළ හැකිය.

ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන මගින් එකිනෙකට සම්බන්ධ විය හැකිය. මෙම විජලන සංස්ලේෂණයේ දී ජල අණුව ඉවත්වන අතර පෙප්ටයිඩ් බන්ධනය එක් ඇමයිනෝ අම්ලයක නයිට්‍රජන් පරමාණුවක් හා අනෙක් කාබොක්සිලීන් කාණ්ඩයේ කාබන් පරමාණුවක් සම්බන්ධ කරයි. ඵලය ලෙස ලැබෙන අණුව ඩයි පෙප්ටයිඩ් ලෙස හඳුන්වනු ලැබේ. කෙටි දාම ඇමයිනෝ අම්ල (තිහට අඩු) පෙප්ටයිඩ ‍හෝ පොලි පෙප්ටයිඩ් ලෙස හඳුන්වයි. ඉතා දිගු දාම ප්‍රෝටීන් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස වැදගත් රුධිර මස්තු ප්‍රෝටීනයක් වන ඇල්බියුමින්හි ඇමයිනෝ අම්ල කොටස් 585 ක් අඩංගුවේ.

ප්‍රෝටීන බිඳ වැට්ටවීමට ද මේ හා සමාන ක්‍රමයක් භාවිතා වේ. පළමුව එය එහි සංරචක ඇමයිනෝ අම්ල බවට ජල විච්ජේදනය වේ. ඇමයිනෝ අයන ලෙස (NH4+) රුධිරයේ ඇති නිදහස් ඇමෝනියා (NH3) ජීවය සඳහා හානිදායකය. එමනිසා එය පිට කිරීමට ක්‍රමයක් තිබිය යුතුය. සතුන්ගේ අවශ්‍යතා මත වෙනස් සතුන්ගේ වෙනස ක්‍රියා පිළිවෙත් මේ සඳහා දායක වේ. ඒක සෛලික පටක කෙළින්ම ඇමෝනියා පරිසරයට මුදා හරී. එලෙසින්ම අස්ථික මත්ස්‍යයා ඇමෝනියා ජලය මුදාහරින අතර ඒවා ඉතා ඉක්මණින් ජලයේ දිය වේ. සාමාන්‍යයෙන් ක්ෂීරයින් යූරියා චක්‍රය හරහා ඇමෝනියා යුරීයා බවට පරිවර්තනය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෝටීන&oldid=374677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි