ප්‍රාථමික වර්ණ විභේදනය

සිතුවම් ඇඳිම සහ අනෙකුත් ද්‍රෘෂ්‍ය කලාවන්හිදී ආරම්භකයන්ට වර්ණයන් අතර වත්නා අනිවාර්ය සම්බන්ධතාවය ඉගැන්වීම පිණිස ද්විමාන වර්ණ චක්ව‍රයන් හෝ ති්ණ‍රමාණ ඝනයන් යොදාගනු ලැබේ. කිසියම් වර්ණ ආකෘතියක වර්ණ සංවිධානය රඳාපවතින්නේ එකී ආකෘතියේ අරමුණ මතය. සමහර ආකෘතීන් මිනිස් වර්ණ සංජානනය නිරූපනය කිරීම කරමුණු කරගනී. තවත් සමහරක් කිසියම් මාධ්‍යක වර්ණ මිශ්ස‍රණය නිරූපනය කිරීම අරමුණු කරගනී.

අවාසනාවකට මෙන් භාවිතයේදී සයන්, මැජෙන්ටා කහ යන ප්‍රාථමික වර්ණයන් දීප්තිමත්බව අඩු, සාපේක්‍ෂව අසංතෘප්ත වර්ණ සංයෝගයන් ප්ය‍රතිඵල කරයි. 18 වන සියවසේදී ප්‍රාථමික වර්ණයන්ගේ න්‍යායාත්මක වැදගත්කම ආරක්‍ෂාකිරීම සඳහා මෙම ගැටලූව සම්බන්ධයෙන් විශේෂිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලදී. මෙහිදී ප්‍රාථමික වර්ණයන් තුන උෂ්ණ හා ශීත ලෙස කොටස් දෙකකට බෙදන ලදී. මෙහිදී ප්‍රාථමික කහ වර්ණය උෂ්ණ කහ (තැඹිලි පැහැයට හුරු) සහ ශීත කහ (කොළ පැහැයට හුරු) ලෙසත්, රතු උෂ්ණ රතු (කහරතු) සහ ශීත රතු (තදරතු) ලෙසත්, නිල් උෂ්ණ නිල් (අල්ට්්‍රාමෙරීන් -අතිනිල්) සහ ශීත නිල් (අහස් නිල) ලෙසත් විභේදනය කරන ලදී. අනතුරුව සංතෘප්ත වර්ණය නිර්මාණය කිරීම සඳහා යාබද විභේදනයන් දෙකක් එක් කරනු ලැබිණ. සංතෘප්ත තැඹිලි පැහැය නිර්මාණය කිරීම සඳහා උෂ්ණ කහ සහ රතු (තැඹිලි කහ සහ කහරතු) එක්කරුනු ලැබිණි. අඳුරු මිශ් ‍රණයන් සැකසීම සඳහා ප්භ‍රතිවිරුද්ධ විභේදනයක් එනම් අඳුරු තැඹිලි වර්ණය සඳහා ශීත කහ සහ ශීත රතු (කොළ පැහැයට හුරු කහ සහ තද රතු) මිශ්ු‍රකෙරුනි.

වර්තමාන සිත්තරුන් අතරද මෙම ක්‍රමය ජනප්‍රියව පවතී. මෙය නිව්ටන්ගේ පැහැයන්ගේ චක්ත‍රයේ වර්ණයන් වඩාත් උද්දීප්ත මිශ් ‍රණයන් නිපදවන බවට වන ජ්‍යාමිතික න්‍යායේ සරළකරණයකි. කෙසේවෙතත් පවතින අනුපූරක වර්ණයන්ගේ පරාසය හේතුවෙන් ප්ළ‍රායෝගික කරුණු කෙසේ වුවද බොහොමයක් සිත්තරු සිය වර්ණ ඵලකය මතට වැඩි වර්ණ ගණනාවක් එක්කරගනිති.