ප්‍රසිද්ධ අයට වෙන්වූ රූපවාහිනී කෞතුකාගාරය

"ටෙලිවිෂන් ඇකඩමි හෝල් ඔෆ් ෆෙම්" යනු ,රූපවාහිනි කලා හා විද්‍යා ශාස්ත්‍රාලයේ හිටපු සභාපති නැසීගිය ජෝන් H. මිචල් විසින් රූපවාහිනියට සුවිශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයාට ගරු කිරීමට ස්ථාපනය කරන ලද්දකි.


මෙහි තේරීම් කමිටුවේ වචනවලින් පැවසුවොත් "ඒකරාශි හා පුද්ගලික දායකත්වයන් හා ජයග්‍රහණයන් ගේ පදනම මත පිහිටා කලාවට, විද්‍යාවට හා රූපවාහිනී කළමනාකරණයට විශිෂ්ට දායකත්වයන් සිදුකල පුද්ගලයන් උදෙසා" මෙය ස්ථාපිත කරන ලදී.ජෝන් එච්.මිචල් 1988 ජනවාරි හිදී මියයනතෙක්ම එම ශාස්ත්‍රාලයේ මුලසුන හෙබවවීය. ඔහුගෙන් අනතුරුව එඩ්ගාර් J. ෂෙරින්ද, ඊට පසුව නෝමන් ලියර්ද,එහි මුලසුනට පත්විය.


කවුන්ටි සංගීත කලාගාරය හෝ රොක් ඇන් රෝල් කලාගාරය (County music House of fame සහ Rock and Roll House of fame) වැනි මහජනයාට විවෘත වූ කෞතුකාගාර, රූපවාහිනි කලාගාර මෙතෙක් ඉදිකර නොමැති අතර නුදුරු අනාගතයේ‍දී එවැන්නක් ඉදිකිරීමට සැලසුම්ද කර නොමැත.


1984 දී පැවති උත්සවයෙන් ලූසිල් බෝල්, මිල්ටන් බෝලේ, පැඩි චේ‍ෆ්ස්කි, තෝමන් ලියර්, එඩ්වඩ් R. මුරෝ, විලියම් S. පැලේ හා ඩේවිඩ් සාර්නොෆ් ගේ ජීවිකා සමරන ලදී. කලාවේ සියලු අංගයන්ට අවශ්‍යවන පුද්ගල-විනය පිළිබිඹු කෙරෙන ‍පරිදි චිත්‍ර ශිල්පියෙකු හා මුර්ති නිර්මාණකරුවෙකුවන පැස්කල් විසින් සාදන ලද වීදුරු ප්‍රතිමාවන් (බැලේ නැට්ටුවන් දෙදෙනෙකු ඇඹු) සියලු ගෞරව පාත්‍ර සියල්ලනට පිරිනමන ලදී.


1988 සිට ලෝකඩ අඩියක් මත නෙලන ලද පළිඟු රූපවාහිනී රූප රාමුවක් සම්මානය කිරීම ඇරඹිණි. මෙම නව සම්මානය නිර්මාණය කරන ලද්දේ කලා අධ්‍යක්ෂක රොමේන් ජොන්ස්ටන් විසිනි.ේ

වර්තමාන නාමයෝජනා අසමාන කාල පරිච්ඡේද වලදී සිදුකරන අතර, කලින් වසරවල වසරක් පතා එය සිදුකරන ලදී. වසර 5 කට අඩු කාල පරිච්ඡේදයකදී නාම යෝජනා ප්‍රසිද්ධියට පත් කරයි. සෑම නා‍ම යෝජනාවක්ම අයි ලව් ලුසි (I Love Lucy) ශ්‍රේණියෙන් (හත්වන වසර නා‍ම යෝජනා අතරතුර) බැහැර පුද්ගලයන්ගෙන් යුක්ත වෙයි.


දැනටත් ක්‍රියාශිලීව ව්‍යාපාරයේ රැඳී සිටින පුද්ගලයින්ට පමණක් වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා මෙම උත්සවය විවේචනයට ලක්වී ඇත. ඇතැම් සැලකිල්ලට ලක් කළ යුතු රූපවාහිනී ක්ෂේත්‍රයෙ පතාක යෝධයන් තවමත් උපහාරයට බදුන් වී නොමැත. උදාහරණ ලෙස බොබ් කීෂන්, ලොරිටා යන්ග්, ෆිල් සිල්වර්ස්, ඊව් ආර්ඩන්, ඉමොජින් කොකා, බඩී එබ්සන්, ජරූඩ් බ්‍රග්, පෝල් හෙන්නිග්, ඈන් සෝතන්, ෆරාන් ඇලිසන්, බිල් බික්ස්බි හා ලෝම් ග්‍රීන් ආදී ශ්‍රේෂ්ඨයින් සියලු දෙනා මේවන විටද මිය ගොස් ඇත. මෑත කාලයේ පැවති නිලාරම්භ වටයකදී ඩයැන් සෝයර්ගේ හා කැටී කෝරික්ගේ නම් යෝජනා වී ඇත. නමුත් තවමත් අත්දැකීම් බහුල හග් ඩවුන්ස්, පීටර් ජෙනින්ගස්, ඩේවිඩ් හාට්ම්න හා ජේන් පෝලෙ වැන්නවුන්ගේ නම් යෝජනා වී නොමැත.


සටහන් සංස්කරණය

Television Hall of Fame