ප්‍රස්ථාව පිරුලු සදහා පාදක වූ කතා

ගමෙරාලෙ ඩ්ව්‍යෙලොකෙ ගියා වගෙ

ගැමි ව්‍යාවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්ථාව පිරුළ හදුන්වා දීම නිවැරදි යයි හැගේ.මන්ද ජනකතා ජනකවි තුළින් ලද අත්දැකීම් මෙන්ම පරිශිලනය කරන ලද කරැණු ඔස්සේද එවැනි ආකායට එය අර්ථකථනය කිරිම වරදක් නොව.. ගැමියන් එසේ නැත්නම් පැරැනන්නන් කට කහනවට කතා කීවේ නැත. සිත කය වචනය මැනවින් සංවර කරගත් ඔවුන් නූගත් ගැමියන්ගේ ඇසුරෙන් පවා ලද අත්දැකීම් මගින් ආදර්ශයන් සපයා තිබුණේ වහෙන් ඔරෝ බාසාවෙනි.අදට වඩා එදා බාසාව සරල යැයි කිව නොහැක . නමුත් අපබ්‍රංස තිබුනාදායි සැකයක් ඇත.සිංහල වචන වලට ඉංග්‍රීසි ගලපන විට ඒවා අපබ්‍රංස වන්නට ඇත.එවැනි අප්බ්‍රංස කීම වෙුනුවට කිව යුතු දේ කෙටියෙන් හිකට කාවාදින්නට කීවේ මෙවැනි ප්‍රස්ථාව පිරැළු භාවිතයෙනි. අද වන විටද එහි විකාශනයට මාධ්‍ය වන්නේ ජන වහර එසේත් නැතිනම් මුඛ පරම්පරාගත සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමයකි.