ප්‍රශස්ත සස්‍යමාරු වකවානුව


ආර්ථික වශයෙන් හොඳම භ්‍රමණ මාරු කිරීමේ වකවානුව වන සංවර්ධන විද්‍යාවේ භ්‍රමණ/ මාරු කිරීමේ විශ්ලේෂණයට අනුව ආර්ථිකමය වශයෙන් හොඳම භ්‍රමණ වකවානුව යනු “කොටන් අස්වැන්න මඟින් උපරිම ආදායමක් හෝ ආර්ථික ඵලදාවක් ලබා ගැනීට හැකි වන තෙක් පවතින භ්‍රමණ කාලය”යි. ආර්ථිකමය වශයෙන් හොඳම වනාන්තර භ්‍රමණ/ හුවමාරු විශ්ලේෂණයට අනුව හොඳම භ්‍රමණ වකවානුව තීරණය කරන්නේ දැනට පවත්නා උපරිම ශුද්ධ අගය ගණනය කිරීමෙනි. එය පහත පරිදි දැක්විය හැක. ආදායම = පරිමාව/ප්‍රමාණය X මිළ

පිරිවැය / වියදම = අස්වනු නෙලීම සඳහා වියදම + හැසිරවීම සඳහා යන වියදම


එම නිසා,

ලාභය = ආදයම - වියදම

අවුරුද්ද පුරා වාසි ලබා ගැනීමට නම්, උපරිම ආදායමක් ලබාගත හැකිවන පරිදි අස්වනු නෙලිය යුතු වකවානුව ගණනය කිරීම අවශ්යන වේ. එසේ කිරීමට අනාගත අපේක්ෂක වාසි සඳහා ඇති වට්ටම ගෙන ගණනය කර ඇත. එමඟින් වර්තමාන ආදායම් හා වියදම් අගයන් ලබා දෙයි. මෙම අගයයන්ගෙන් ලාභයේ වර්තමාන ශුද්ධ අගය ගණනය කර ඇත. එය පහත ආකාරයට සිදුකළ හැක.

වර්තමාන ශුද්ධ අගය = වර්තමාන ආදායම - වර්තමාන වියදම


භ්‍රමණය / හුවමාරුව සිදු කරන්නේ වර්තමාන ශුද්ධ අගය උපරිම වූ විටය. පහත රූපය ආධාරයෙන් මෙය තවදුරටත් පැහැදිලි කළ හැක.

ඉහත රූපයේ පෙනෙන පරිදි ආර්ථිකමය වශයෙන් හොඳම භ්‍රමණ වකවානුව තීරණය කරනුයේ, අපේක්ෂිත වාසි ප්‍රමාණයේ / ලාභයේ උපරිම වර්තමාන ශුද්ධ අගය ලැබෙන අවස්ථාවේ දී ඇති ආදායමට අනුවයි. එම ආදායම ලැබෙන අවස්ථානව පෙර හෝ පසු කාලවලදී භ්‍රමණයක් / හුවමාරුවක් සිදු කිරීම, අපේක්ෂිත වාසිය / ලාභය පහත හෙලීමට හේතු වේ.

ජීව විද්‍යාත්මක වශයෙන් උපරිම භ්‍රමණ/ මාරු කිරීමේ වකවානුව,

දැවවල හොඳම අස්වනු නෙළන වකවානුව තීරණය කිරීම සඳහා ජීව විද්යාෝඥයන් මඟින් “උපරිම තිරසාර අස්වැන්න” හෝ “සාමාන්ය වාර්ෂික වර්ධනය” යන සංකල්පය භාවිතා කරයි. උපරිම තිරසාර අස්වැන්න යනු “සම්පත් (දැව)” පිරිමැසිය නොහැකි ලෙස සංඛ්යාිවෙන් අඩු නොකරමින් එම සම්පත් අනාගතය සඳහා හොඳ ආකාරයෙන් ඉතිරි කරමින් නෙලා ගත හැකි ලොකුම අස්වැන්නයි. සාමාන්යආ වාර්ෂික වර්ධනය යනු “වෙන් කරන ලද කාලයක් දක්වා නැගී සිටින ශාක පරිමාවේ සාමාන්ය වාර්ෂික වර්ධනය”යි. ශාකයේ ජීවන චක්රදයේ විවිධ වර්ධන අවස්ථා වලදී සාමාන්යා වාර්ෂික වර්ධනය’’ වෙනස් වේ. මෙම අගය මැදි වයසේදී වැඩිවන අතර වයස්ගත වීමත් සමග අඩුවේ. සාමාන්‍යය වාර්ෂික වර්ධනයේ උපරිම අගය මගින් ශාකය ජීව විද්‍යාත්මකව පරිනත වී ඇති බව හුදනාගත හැක. තවද එය අස්වනු නෙලාගැනීම සදහා කියවීමක් / සාධකයක් ලෙසද සලකයි.

වනාන්තරයක වයස වැඩිවන විට, මුල් කාලයේදී පරිමාව වැඩිවීමට පටන් ගන්නේ අඩු වේගයකිනි. ටික කාලයකට පසු පරිමාව වේගයෙන් වර්ධනය වීමට පටන් ගන්නා අතර උපරිමයකට ළගාවේ. ඉන්පසු පරිමාවේ වර්ධනය අඩුවීමට පටන් ගනී. මෙය සෘජුවම සාමාන්‍ය වාර්ෂික වර්ධනයට සම්බන්ධය ඊට හේතුව වන්නේ සාමාන්යන වාර්ෂික වර්ධනය වැඩි වන්නේ අඩු වර්ධන වේගයකින් වන අතර පසුව වැඩි වර්ධන වේගයක් දක්වා වැඩි වී, මැදි වයසේදී (A) උපරිමයකට (M ලක්ෂය) ළඟාවේ. ‘M’ ලක්ෂය පසු හෝ ‘A’ කාලයට පසු “සාමාන්‍ය වාර්ෂික වර්ධනය” වැඩිවීමට පටන් ගන්නා නමුත් එය සිදුවන්නේ අඩුවන වේගයකිනි.

එමනිසා, ජීව විද්‍යාත්මකව හොදම මාරුකිරීමේ වකවානුව වන්නේ, සාමාන්‍ය වාර්ෂික වර්ධනය ශුන්යා වු අවස්ථාවයි. එනම්, පරිමාවට අනුව වර්ධනයක් නොමැති අවස්ථාවයි. ඉහත රූපයේ (දෙවන රූපය) පරිමාව ‘V’ වන අවස්ථාවේ ‘M’ ලක්ෂය මගින් මෙය පෙන්නුම් කරයි. ‘A’ කාලයෙන් පසු සාමාන්‍ය වාර්ෂික වර්ධනයේ අඩුවීම පැහැදිලි ලෙස දැක ගත හැක.

දැව නොගන්නා වනාන්තර භාවිතය සහ එය, මාරු කිරීමට බලපාන අයුරු,

අපි සිදු කළ විශ්ලේෂණයේදී හොදම මාරුකිරීමේ වකවානුව ගණනය කරනු ලැබුවේ දැව නිෂ්පාදනය සදහායි. වනාන්තර වලින් ලබා ගන්නා අනෙකුත් විවිධ දැව නොවන වනාන්තර නිෂ්පාදන (NTFP) ඇතුළත් කිරීමෙන් හොදම හුවමාරු වකවානුව පැහැදිලි ලෙස වෙනස්වේ. ශාක / දැව මත රදා පවති NTFP වල හොදම මාරුකිරීමේ වකවානුව ඉහළට ගමන් කරයි. එනම් මාරුකිරීමේ කාලය වැඩි වේ. පහත රූපය මගින් එය පෙන්නුම් කරයි.

මෙහි දැක්වෙන පරිදි ආරම්භක හුවමාරු වකවානුව ඇසුතමේන්තු කර ඇත්තේ R1 වන පරිදි වුවත් දැව මත රදා පවතින NTFP වල අගය ඇතුළත් කිරීමෙන් පසු අනාගත අපේක්ෂිත ලාභය වැඩි වන අතර එමගින් වර්තමාන ශුද්ධ අගය P1 වල සිට P2 දක්වා වැඩිවේ. මෙම වර්තමාන ශුද්ධ අගයේ වැඩිවීම නිසා මාරුකිරීමේ කාලය වැඩිවේ. ඒ අනුව, පෙර සොයාගත් R1 කාලයේදී අසුවනු නෙලීමත් සමග සසදන කළ වැඩි වාසි සපයමින් ශාක / දැව වැඩිකාලයක් තබාගෙන, R2 කාලයේදී අසුවනු නෙලිය හැක.

අස්වනු නෙලන කාලය වෙනස් වීමට බලපාන සාධක,

අස්වනු නෙලන කාලය වෙනස්වීමට බලපාන සාධක කිහිපයක් ඇත. මාරුකිරීමේ කාලයට බලපාන ප්‍රධාන සාධක අතුරින් සමහරක් වන්නේ, අස්වනු නෙලීමට හා හැසිරවීමට යන වියදම, වට්ටම් අනුපාතිකය, අනාගත පිරිවැය, වගා කිරීමට යන වියදම, නැවත ආයෝජනය කිරීමේ කැමැත්ත, මාරු කරන වාර ගණන, NTFP වල භාවිතය, වෙළඳ කටයුතු නොවන පාරිසරික සේවා, පාරිසරික නොවන විනෝදාත්මක සේවායි.