ප්රශස්ති
ප්රශස්ති සාහිත්‍ය
සංස්කරණයසාහිත්ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් අංශයක් වශයෙන් ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය පෙන්වාදිය හැකිය. ප‍්‍රශස්ති කාව්‍යයේ ආරම්භය රාජසභාවල ගායනා කළ ස්තුති ගීතිකාවන්ගෙන් සිදුව ඇතිබව පැහැදිලි වේ. එසේ වුවත් ක‍්‍රි.පූ. යුගවල සිට පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති මුලබීජ සොයාගත හැකිය. පෙරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති ලක්‍ෂණ හමුවන ප‍්‍රධානතම අවස්ථාව වන්නේ භාරතීය වේද සාහිත්‍යයි. එහි අන්තර්ගත ගීතයන්හි දෙවියන් ප‍්‍රශංසා කිීරීම සඳහා අතිශයෝක්ති වර්ණනා දක්නට ලැබේ. ථේරගාථා, ථේරීගාථා හා උදානපාළි නම් වූ පාලි ත‍්‍රිපිටකයේද වර්ණනාත්මක ස්වරූපයේ ගායනා ඇතුළත්ව ඇත. බුද්ධ චරිතය හා බෝසත් චරිතය ආශ‍්‍රයෙන් පසුකාලීනව රචනා වූ සාහිත්‍ය කෘතිවන බුත්සරණ, කව්සිළුමිණ, මුවදෙව්දාවත ආදි කෘතීන්හිද කිසියම් ආකාරයක ප‍්‍රශස්ති මූලබීජ දක්නට ලැබේ. එසේම දකුණු ඉන්දීය කලම්බකම් නම් ද්‍රවිඩ සාහිත්‍ය තුළද විරින්ඳු නමින් හඳුන්වන වර්ණනා සාහිත්‍යයක් තිබී ඇත. මහනුවර යුගයේදී මෙරට විරිඳු කාව්‍ය බිහිවීම කෙරෙහි මෙම සාහිත්‍ය මහ`ගු පිටුවහලක්ව තිබේ. ප‍්‍රශස්ති මූලබීජ සෙවීමේදී ග‍්‍රීක හා රෝම යන අපරදිග සාහිත්‍යයටද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම වීරකාව්‍ය ලක්‍ෂණ සහිත වර්ණනා බිහිවීමට එය හේතු විය. සංස්කෘත ශතක කාව්‍ය හා සන්දේශ කාව්‍යද ප‍්‍රශස්ති බිහිවීම කෙරෙහි සුවිශේෂ බලපෑමක් සිදු කර ඇත. ඒ ඒ රටවල විවිධ නාමයන්ගෙන් හැඳින් වූ වර්ණනා ඇතුළත් මෙම සාහිත්‍ය මෙරට ආරම්භ වන්නේ ප‍්‍රශස්ති යන නාමයෙනි. හයවන පැරකුම්බා රජු වර්ණනා කරමින් රචනා වූ පැරකුම්බා සිරිත මෙම සාහිත්‍යයේ පළමු කෘතිය වශයෙන් සඳහන් වේ. ඉන්පසු කෝට්ටේ, සීතාවක හා මහනුවර යුගවලදී මේ සඳහා විශාල කෘති ප‍්‍රමාණයක් එකතුවී තිබේ. ප‍්‍රශංසා කිරීම, වර්ණනා කිරීම, ගුණගායනා කිරීම ආදි අර්ථයන් ප‍්‍රශස්ති යන්නෙහි ගැබ්ව ඇත. තනි පුද්ගලයෙකු මූලික කර ගනිමින් ඔහුගේ හාත්පස තොරතුරු වර්ණනයට ලක්කිරීම ප‍්‍රශස්ති කාව්‍යයන් තුළ සිදු වේ. විශේෂයෙන්ම ප‍්‍රශස්ති සඳහා මූලික කරගනු ලබන්නේ රජවරුන් ඇමතිවරුන් වැනි සමාජයේ ප‍්‍රභූ පුද්ගලයන්ය. මෙරට රචනාවී ඇති ප‍්‍රශස්ති කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ යම් යම් දේ ලබා ගැනිමේ අපේක්‍ෂාවෙන් රජවරුන් පිලිබඳ අතිශයෝක්ති වර්ණනා සිදුකර ඇති බවයි. අතීතයේ සිටම මෙරට රාජ සභාවන්හි වන්දිභට්ටයන් නමින් පිරිසක් සිටි අතර ඔවුන්ගේ කාර්ය වූයේ රජු සතුටු කිරීම සඳහා ගායනා ඉදිරිපත් කිරීමයි. උදෑසන අවදිවන රජු පිනවීමේ අටියෙන් ඉදිරිපත් කරන මෙම ගායනයන්හි ඇතුළත් වන්නේ රජුගේ වංශ පරම්පරාව, ලබාගන්නාලද යුද ජයග‍්‍රහණ, රූපශ‍්‍රීය, බාහිර අභ්‍යන්තර ගුණයන් ආදියයි. මෙම`ගින් සතුටු වන රජු මිලමුදල්, ධනධාන්‍ය, නම්බුනාම ආදි සන්තෝෂම් වන්දිභට්ටයන් උදෙසා ලබාදෙයි. රජු පිනවීමේ අරමුණෙන් ඉදිරිපත් කෙරෙන මෙම ගායනාවන්හි බහුලව අන්තර්ගත වන්නේ සංස්කෘත වචන මිශ‍්‍ර කඨෝර භාෂාවකි. අර්ථ රසයට වඩා ප‍්‍රමුඛස්ථානය මෙහිදී ලබා දෙන්නේ ශබ්ද රසයටයි. සංස්කාත වචන සහිත කඨෝර භාෂාව තුළින් මතුකරන ශබ්දධ්වනි තුළින් කර්ණ රසායනය ඇති වේ. මෙසේ රජවරුන් වර්ණනා කරමින් රාජසභාවලදි ගායනා කරන ගීත ඇතුළත් කෘතියක් පළමු වරට රචනා වන්නේ කෝට්ටේ යුගයේදීය. එම කෘතිය වන්නේ පැරකම්බා සිරිතයි. මෙම සාහිත්‍යයට එකතුවන දෙවන කෘතිය වන්නේ සීතාවක යුගයේදී අලගියවන්න මුකවටි ප`ඩිතුමන් විසින් රචනා කළ කොන්ස්තන්තීනු හටනයි. ඉන්පසු මහනුවර යුගයේදී ක්ෘති ගණනාවක් ලියවුනී . ඉන් කිහිපයක් ලෙස ,
- රාජසිංහ වර්ණනාව .
- රාජසිංහ භවනය .
- ශ‍්‍රී නාමය .
- පවන .
- නරේන්ද්‍රසිංහ වර්ණනාව.
- ශෘංගාලංකාරය .
- ශ්‍රී වික්‍රමාලංකාරය.
- ඇහැලේපොළ වර්ණනාව . දැක්විය හැකය අතර මහනුවර යුගය වනතෙක් ප‍්‍රශස්ති රචනා වූයේ රජවරුන්, ඇමතිවරුන් ආදි ගිහි ප‍්‍රභූවරුන් වර්ණනා කිරීම සඳහා පමණි . එහත් මහනුවර යුගයේදී භික්‍ෂූන් වහන්සේලා වර්ණනා කිරීම සඳහාද ප‍්‍රශස්ති රචනා වී තිබේ . එනම් වැලිවිට සරණංකර සංඝරාජ මහානාහිමියන් වර්ණනා කරමින් රචිත සගරජවත හා මොරතොට ධම්මක්ඛන් මහානාහිමියන් වර්ණනා කරමින් රචිත මොරතොටවත යන කෘති දෙකයි. මෙම කෘති දෙකෙහිම කතුවරයා වන්නේ මුංකොටුවේ අබේසිංහ හෙවත් මුංකොටුවේරාළය .
ප්‍රශස්ති කාව්‍යවල ලක්ෂණ
සංස්කරණයකාව්ය වර්ගී කරණයට අනුව සේ ගී ඝනයට අයත් ගී වර්ගයක් ලෙස ගැනෙන ප්‍රශස්ති ගීත රාජ්‍ය අනුග්‍රහය ලැබූ විශේෂ කණ්ඩායම් විසින් නිර්මාණය කර ඇත .රජවරුන්ගේ ,මහා ඇමතිවරුන්ගේ ,අග මෙහෙසියන්ගේ ගුණ වර්ණනා ප්‍රශස්ති පද මාලාව තුල අන්තර්ගත වී ඇත .මෙම ප්‍රශස්තිවල පදමාලා ගුණ වර්ණනා ලෙස යොදාගෙන ඇත්තේ අතිශයෝක්තියෙනි .ප්‍රශස්ති ගීත වර්ග කිහිපයකි .එනම්,
1.රාජ ප්‍රශස්ති .
2.දේව ප්‍රශස්ති .
3.භූත ප්‍රශස්ති .
ප්‍රශස්ති කාව්‍ය පැදි නිර්මානයේ දී කවියා අර්ථ රසයටත් වඩා වැඩි වශ්‍යෙන් ශබ්ද රසය ඇති කිරීමට උත්සහ දරා ඇත . ඒට හේතුව ප්‍රශස්ති කවි බොහෝ විට රජුන් හෝ රදලයින් පිනවීම සදහා යොදා ගනීමය .කෙසේ හෝ ප්‍රශස්ති කවිවල හැකි උපරිම අයුරි කාව්‍යාලංකාර භාවිත කොට ඇත. එලෙස වැඩි වශ්‍යෙන් භාවිත කර ඇති කාව්‍යාලංකාර පහත පරිදි වේ.
- එළිසමය .
- එළිවැට (අනුප්‍රාසය) .
- උපමාලංකාරය .
- රූපකාලංකාරය .
- උත්ප්‍රේක්ෂාලංකාරය .
- ස්වභාවෝක්ති අලංකාරය .
- අතිශයෝක්ති අලංකාරය .
- ධ්වනිතාර්ථය .
ප්‍රශස්ති ගායනා සඳහා සිටි පිරිස වන්දිබට්ටයින් ලෙස හඳුන්වා ඇත .මේ අය සඳහා එකල ගම් නියම්ගම් , කිර්ති ප්‍රශංසා රාජ්‍ය අනුග්‍රහය ලැබීම විශේෂ වරප්‍රසාදයකි . ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කිරීමේදී වර්ණවත් වස්ත්‍රාභරණයෙන් සැරසී ප්‍රසංගාතත්මකව ඉදිරිපතර ඇත .රාජ්‍ය සභාවට රජවරුන් , අග මෙහෙසියන් , මහාමාත්‍ය වරුන් කැඳවා ඔවුන් සඳහා විශේෂ ආසන පනවා ඔවුන් ඉදිරියේදී ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කරයි .ප්‍රශස්ති ගායනා වල සුවිශේෂී ලක්ෂණ පහත දැක්වේ .
1.පදමාලා සංකීර්ණය
2.නාදමාලා සංකීර්ණය .
3.මුද්‍රප්ත පදවලින් ගීත අලංකාර කරයි .
4.ගැටබෙරය,දවුල ,තම්මැට්ටම් ,උඩැක්කි ,හක්ගෙඩි ,හොරණෑ වැනි සංගීත භාණ්ඩ යොදා ගනියි .
5.පසු කාලයේදී සර්පිනාව , බටනලාව වැනි ස්වර වාද්‍ය භාණ්ඩද භාවිත කරන ලදී .
6.ප්‍රශස්ති ගීත බොහොමයක් අඝාතාත්මක වන අතර අනාඝාතාත්මක කොටස් ඇතුලත් ප්‍රශස්ති ගීත ද දක්නට ලැබේ .
ප්‍රශස්ති කවි
සංස්කරණයඉතා මිහිරි ශබ්ද රසයෙන් අනූනව සැදී ඇති මෙම කවි , ගායනා කරන විට එවා ඇසීමට ප්‍රිය උපදවයි .ප්‍රශස්ති ගණනාවක් ඇති අතර ඒවායින් බොහෝ ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුට කරන ලද ප්‍රශස්ති ගායනාවන්ය . රජවරුන් කිහිප දෙනෙකුට ගයන ලද ප්‍රශස්ති කිහිපය පහත දක්වා ඇත .
01. ලක්ෂ්මී භුජ වාසා - සතතු ජය - ලක්ෂ්මී භුජ වාසා......
වීර විජය ලක්ෂ්මී ශිව කාමී
නෑරබාහු ශිඛරය විසු පේමී
සාර මෘත ගරු පවනැති සෝමී
වීර නරේන්ද්‍ර සිංහ ස්වාමී
ලක්ෂ්මී භුජ වාසා - සතතු ජය - ලක්ෂ්මී භුජ වාසා.........
මන්දැඩි ප්‍රතිකල් දෙමලෝ ලන්දෙසි
බාන් එජාටා ලාඩය සන්නසි
නන් දෙස වලමේ භාෂ විශේෂි
පිංවත් අප හිමි දැන දැක විලස
ලක්ෂ්මී භුජ වාසා - සතතු ජය - ලක්ෂ්මී භුජ වාසා..........
සත්‍ය වචන හරිස්චන්ද්‍රව තාරා
නිත්‍ය ලෝල සංගීත සුභෝජා
මක්ත ධීර හරි ද්‍රවතර තේජා
පෘථිවි පාල කුල බන්දු සරෝජා
ලක්ෂ්මී භුජ වාසා - සතතු ජය - ලක්ෂ්මී භුජ වාසා...........
ගංගාධර සුර නිඹ සේ මුහුදා
තුංගා කර දස දිවිසුවි බෝධා
ශෘංගාරික නව නාට්‍ය විනෝදා
ලංකා පතිතර රාජ වරෝජා
ලක්ෂ්මී භුජ වාසා - සතතු ජය - ලක්ෂ්මී භුජ වාසා.............
02.චන්දනම් යස තේජ කුංකුම ඇන්ද දිග ගණන් උරතල
බින්ද සතුරු අඳුරු පැහැර බන්දු කමල සේ
නන්ද විජය ශ්‍රි වික්‍රම රාජසිංහ නම් අප හිමි
ඉන්ද සිරින් නිති රැක දෙන් කන්ද සුරිඳුනේ
රාම චන්ද්‍ර විය රිවිකුල නාම ගගන තල බබලන
රාජ මෙතුම් සිංහල කිවි බෝජ රාජනේ
තේජ විකුම් යුතු වික්‍රම රාජසිංහ සිරිනම් දැරූ
රාජ රත්නමය අප හිමි රාජ රාජනේ
03.දිනි සුරානනේ - මිහි සුරානනේ - යස - තේජ විකුම් යුත්
කවි එරානනේ - මෙහෙසුරානනේ - සිරි - ලංකාධිපති
අකලංක සුසෝභිත වූ - සිරි - පැරකුම්බා නරනිරිඳු
පියුමම්බා උරතල නිති රැන්දු - මෙන රම්බා රූ සිරිගත කින්දු
දද බන්දා කිතුලිය ගොස රැන්දු - පැරකුම්බා නරනිදු සෙත කැන්දු
දිනි සුරානනේ - මිහි සුරානනේ - යස - තේජ විකුම් යුත්
කවි එරානනේ - මෙහෙසුරානනේ - සිරි - ලංකාධිපති
අකලංක සුසෝභිත වූ - සිරි - පැරකුම්බා නරනිරිඳ
චන්ද්‍ර රුවක් දෝ තරු පිරි වැරුණු - රිවි මඬලක්දෝ නුඹ ගැබ දිලුණු
වෛරාවනදෝ තෙද බල පිරුණු - සත්පති දුන්දෝ මිහිමත දිලුණ
දිනි සුරානනේ - මිහි සුරානනේ - යස - තේජ විකුම් යුත්
කවි එරානනේ - මෙහෙසුරානනේ - සිරි - ලංකාධිපති
අකලංක සුසෝභිත වූ - සිරි - පැරකුම්බා නරනිරිඳු
04. පානා අසිරි නොහැර පානා දෙනෙත් කුසුම
බානා පියෙව් බලැති තුංග මේ
නානා වැළඳි කමල යානා සදද සදමි
පීනා සපිරි සිරිනි සංක මේ
පීනා සමර සයුර නානා නතන නතඹ
ගානා නෙඳිගු නෙතන කුංකු මේ
සේනා සමඟ මෙකල නානා සිරින් පවතු
භුවනා දිපති රාජ සිංහ මේ
05. සදිසි දිනේන්ද්‍ර සරකල චන්ද්‍ර
සපැමිණිතුංග ගිරිහිස නේ
මියුරු නරේන්ද්‍ර රැව්නොම චන්ද්‍ර
යකුහඬ මෙන්ද වන සවනේ
පසිඳු නරේන්ද්‍ර සිංහ ව්ජේන්ද්‍ර
රාජ රජේන්ද්‍ර හිමි සඳි නේ
යුදට රතීන්ද්‍ර නොවඩිනුකින්ද
මතවර නින්ද යුරුගම නේ
06.හිමිසඳ - මේ ලන්දු - සිරිසඳ - සිරිසොඳ කොමලන්දු
හිමිසඳ මේ ලඳ ලිය සිරිලන්දු
සිරිසොඳ වෙනලිය විසකර ලන්දු
සිරිසිදු දුලනව තුසරින්දු
සිරි ගති මුහු ලස පිල සිකිනින්දු
හිමිසඳ - මේ ලන්දු - සිරිසඳ - සිරිසොඳ කොමලන්දු
යසට සොඳට සොමි යුගත දිනින්දු
සිතට මෙකත වෙත දළ ලොබ බැන්දු
වෙතට සපිරි සැප විඳ පහසින්දු
ඔබට නරේන්දර සිංහ නිරින්දු
07. තුරු රත්න සිරි ලෙසිනා තිළින නෙක දෙන නිත්‍ය සන්තොසි....නා //
උදුල කළ දිගු නයන දිගු ගෙල පබල යස හර කමල කල රැදි
විපුල උරතල නැඹල තුළ බල කමල නැඹදුල පබල දල යස
විපුල ගුණ රැඳි උදුල රණමති නිතර කළ ලොල සකල කෙළ
නිති පැමිණි යසදෙස වාක්‍යදීපනේ.......
ලකලමාතා අඟන ලකසිරි වඩන සුර විපුල සිරි
සකල විඳ නිජ බැතින රියහස භූජග දෘඩතර තුමුතු නසු හෘද
විරිදු බිඳහල නබල සෙන්කර නිබඳ පිරිවර සරා හිරු වරුණා
මුතු නැංගු ධජ සිංහාසනේ හිමි මුදුනේ........
08. කුන්ද කර තුල්ලා....
යසින් දිසි කුන්දාකර තුල්ලා.... //
කුන්දා කර තුල් පිරියස සුවිපුල් නන්ද නරේනද්‍රසිංහ භුවිපාලා
තත දිඟු තානා යස ඳුන් ගානා ගඟ රඟ පීනා
රුපැති සමානා සිරි උරයානා වැජඹෙනු නූනා
ගඟ රඟ පීනා දින දින භූනා
කුල රවි කමලා කර හසලා කලා තෙද කර කොපුලා
සරි සක අතලා නිජ සිරි අචලා මෙර ගිරි නෑඹුලා
පුර දුරු සිරිලා විදු සිරි සකලා
රුදු රුපු මීපා නිප මත දීපා සිරි ලක දීපා
තුළ වැස සේපා තම නෙක පාපා හැරි යුරු දීපා
සහදිය දීපා හිදු හිරි සේපා
09. වරමාතී සූභ චරිතේ…..
ලංකා පතී නරේන්ද්‍ර සිංහ දෘපතේ…..
බෝජරාජ සම තේජ විරාමා
රාම කාම රණ භූෂණ සෝභා
වන්දති කුල දුති වන්ද විරාමා
නරේනද්‍ර සිහ නර නායක භූමා
වරමාතී සූභ චරිතේ......
ලංකා පතී නරේන්ද්‍ර සිංහ දෘපතේ......
දුර්ජන දුෂ්ට විභන්ජන තූපා
සක්ෂන සත්ත සුරක්ෂණ මනාපා
වජ්ජිත භුෂ්ටා වජ්ජිත පාසා
අර්ජුන භූ ගුජ සී දර චාපා
වරමාතී සූභ චරිතේ.....
ලංකා පතී නරේන්ද්‍ර සිංහ දෘපතේ......
10.මිතුරු සරෝරුහ ප්‍රභා විතත ක වඩිනෙම් දෝ මෙ සකී.....
අඳුරු ගිලූණු රිවි යලි නොමවෙයි මතුඑවදන නොකිය සකී.....
තනම් දෙනත් තම් දෙනාත් තනම් දෙනතනම් දෙනත් තනෙනා......
රුදුරු සිවා මකුටාඝ්‍ර අලංකෘතපුන්සඳ දෝ මෙසකී.....
අඳුරු නොවි මැඩ සස ලකුණෙන්ඉන් එක් නොමවේය සකී.....
සින්දු ගැඹුරු ගුණ නින්දා කමළ දිසිලන්දු කමළ දිසි බුජ සංකාරා......
නැමුලූ මෙ සිරිලක සුවිසාලා....
නිති බැබලූ මිතුරු නිතියුරු පබලා.....
කවුළු සිදැති රුපු කමලාලා.....
පති ලකලූ නරේන්ද්‍රසිංහ භුවිපාලා......
දරන්‍යා ආධිපති මණී ගෝත්‍ර කදිරාබෙලහිරන්‍ය ආදී සූර රුපු අයුරා....
ත්‍රතක තනක් නරිනත් තරි කුකු තරි මග තරි තරිකිට තිරිකිටදොං
තත්නරි මග තරි තරිකිට තිරිකිටදොං
නෙමු තාන තිනත් තා තොම් තත් තරි කුකු තරි මග තරි තරිකිටදොං
අක්ෂන විසමුණ
එක්සන දිසිරණ
ශික්ෂණ බරනෙත
ලක්‍ෂණ දිගුනෙත
දූරන්දර ලංකේෂා නරේන්ද්‍රසිංහේෂා ......