ප්‍රවර්ගය:රසායන විද්‍යාවේ උප අංශ

රසායන විද්‍යාවේ උප අංශ සංස්කරණය

රසායන විද්‍යාව ප්‍රධාන උප කොටස් ගණනාවකට බෙදා ඇත.

  • විශ්ලේෂණ රසායනය යනු පදාර්ථ සාම්පල විශ්ලේෂණයකර ඒවායේ රසායනික සංයුතිය හා ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි. රසායන විද්‍යාවේ සම්මත පර්යේෂණ ක්‍රම අන්තර්ගත වේ. ශුද්ධ සෛද්ධාන්තික රසායන විද්‍යාව හැරුණු කොට රසායන විද්‍යාව අනෙකුත් සියලු උප කොටස් සඳහා මෙම ක්‍රම අවක්ෂේපය.
  • ජෛව රසායනය යනු සජීවි පටක තුළ ඇති රසායන ද්‍රව්‍ය, රසායනික ප්‍රතික්‍රියා හා රසායනික අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යයනයයි. ජෛව රසායනය හා කාබනික රසායනය එකිනෙකට බොහෝ සමානකම් දක්වයි. වෛද්‍යමය රසායනයේදී හා ස්නායු රසායනයේදී මෙන්ම ජෛව රසායනයද , අණුක ජීව විද්‍යාව හා ජාන තාක්ෂණය සමග ද සම්බන්ධ වේ.
  • අකාබනික රසායනය යනු අකාබනික සංයෝගවල ගුණ හා ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනයයි. කාබනික හා අකාබනික රසායනය එකිනෙකින් පැහැදිලිව වෙන් කළ නොහැක. මත් නිසාද යත් ලෝහ කාබනික රසායන වැනි අංශ සැලකූ විට අංශ දෙක එකිනෙකින් අති පිහිට වී ඇති බැවිනි.
  • ද්‍රව්‍යමය රසායනය යනු වැදගත් කමක් ඇති සංයෝග පිළියෙල කිරීම, වර්ගීකරණය හා වටහා ගැනීමයි. උපාධි වැඩසටහන්වල නව අංගයක් වන මෙය රසායන විද්‍යාවේ සෑම කොටසකම ඇති මූල ද්‍රව්‍යය සමග ගනු දෙනු කරන අතර ද්‍රව්‍යවලට ආවේණික මුලික කරුණු ගැන සැලකිල්ලක් දක්වයි. මුලික ඉගැන්වීම් පද්ධතිවල දී කලාප පිළිබඳ රසායනය (ඝන, ද්‍රව, බහු අවයවික) හා කලාප අතුරු මුහුණත් ඇතුළත් වේ.
  • න්‍යෂ්ටික රසායනය යනු උප පරමාණුක අංශු එක්වී න්‍යෂ්ටියක් තනනුයේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනයයි. තත්වාන්තරණය මෙහි විශාල කොටසක්වන අතර නියුක්ලයිඩ වගුව මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රතිඵලයක් හා උපකාරකයක් වෙයි.
  • කාබනික රසායනය යනු කාබනික සංයෝගවල ව්‍යුහය ගුණ, සංයුතිය, යාන්ත්‍රණ හා ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනයයි. කාබන් සැකිල්ලක් මත පදනම් වූ ඕනෑම සංයෝගයක් , කාබනික සංයෝගයක් ලෙස අර්ථ දැක්වේ.
  • භෞතික රසායනය යනු රසායනික පද්ධති හා ක්‍රියාවලිවල භෞතික හා මූලික පදනම පිළිබඳ අධ්‍යයනයයි. එවැනි පද්ධතිවල ගතිකය හා ශක්ති විද්‍යාව භෞතික රසායනඥයන්ගේ අවධානයට ලක්වේ. අධ්‍යයනයේ වැදගත් කොටස්වලට රසායනික තාප ගතිකය, රසායනික චාලනය, විද්‍යුත් රසායනය, ස්ථිතික යාන්ත්‍රණය හා වර්ණාවලීක්ෂණය අයත් වේ. භෞතික රසායනය , අණුක භෞතික විද්‍යාව සමග බොහෝ දුරට අතිච්ඡාදනය වී ඇත. භෞතික රසයනයේ සමීකරණ ව්‍යුත්පන්නයේ කලනය භාවිතා වෙයි. එය සාමාන්‍යයෙන් බැඳී ඇත්තේ ක්වොන්ටම රසායනය හා සෛද්ධාන්තික රසායනය සමගය. භෞතික රසායනය රසායනික භෞතිකයට වඩා වෙනස් කොටසකි.
  • සෛද්ධාන්තික රසායනය යනු මූලික සෛද්ධාන්තික හේතු දැක්වීම තුළින් රසායන විද්‍යාව අධ්‍යයනයයි. (සාමාන්‍යයෙන් ගුණිතය හෝ භෞතික විද්‍යාව තුළ) එලෙසම රසායන විද්‍යාවට ක්වොන්ටම් යාන්ත්‍රණයේ යෙදීම් ක්වොන්ටම රසායනය ලෙස හැඳින්‍ වේ. දෙවන ලෝක යුද්ධයේ සිට පරිගණකවල සිදුවූ දියුණුව පරිගණකමය රසායනය ක්‍රමානුකූල වර්තනයකට ලක්වීමට හේතු විය. මෙය රසායනික ගැටළු සඳහා පරිගණක වැඩසටහන් ගොඩ නැංවීම හා යෙදවීමේ කලාවක් විය. සෛද්ධාන්තික රසායනය, ඝන පදාර්ථ භෞතික හා අණුක භෞතිකය සමග විශාල ලෙස අතිච්ඡාදනය වී ඇත.

අනෙකුත් ක්ෂේත්‍රවලට තාරකා රසායනය, වායුගෝලීය රසායනය, රසායනික ඉංජිනේරු විද්‍යාව, විද්‍යුත් රසායනය, පරිසරික රසායනය, රස රසායනය, ප්‍රවාහ රසායනය, භූ රසායනය, හරිත රසායනය, ඓතිහාසික රසායනය, රසායනයේ ඉතිහාසය, හයිඩ්‍රජනීකරණ රසායනය, ද්‍රව්‍යමය විද්‍යාව, ගණිතමය රසායනය, වෛද්‍යමය රසායනය, අණුක ජීව විද්‍යාව, නැනෝ තාක්ෂණය, ස්වාභාවික නිෂ්පාදන රසායනය, වයින් පිළිබඳ අධ්‍යයනය, කාබනික ලෝහ රසායනය, පෙට්‍රෝ රසායනය, ඖෂධ වේදය, ප්‍රකාශ රසායනය, ධ්වනි රසායනය, සුපිරි අණුක රසායනය, සංස්ලේෂණ රසායනය, ප්‍රතිශක්ති රසායනය හා තාප රසායනය ආදිය ඇතුළත් වේ.

"රසායන විද්‍යාවේ උප අංශ" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු වන්නේ මෙහි පහත දැක්වෙන පිටුව පමණි.