ප්‍රබල පක්ෂ ක්‍රමය

ප්‍රබල පක්ෂ ක්‍රමයකදී (ඉංග්‍රීසි:  dominant-party system, one-party dominant system) පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ.[1] සමහර අවස්ථාවලදී දේශපාලන, සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ. තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට, රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ. මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමයක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා 1970 සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.

ආශ්‍රිත

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Ostroverkhov, A. A. (2017). "In Searching for Theory of One-Party Dominance: World Experience of Studying Dominant-Party Systems (II)". Politeia. 87 (4): 133–149 (p. 136). doi:10.30570/2078-5089-2017-87-4-133-149.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රබල_පක්ෂ_ක්‍රමය&oldid=568013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි