ප්‍රදීප් නිලංග දෑල
ප්‍රදීප් නිලංග දෑල (ඉංග්‍රීසි: Pradeep Nilanga Dela) වත්මන් දියවඩන නිලමේවරයාය.වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.
ප්‍රදීප් නිලංග දෑල | |
---|---|
![]() ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ ලෙසින් | |
ශ්‍රී දළදා මාලිගාව, මහනුවර | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තෝම්බර් 28 1973 දෑල, රත්නපුර ශ්‍රී ලංකාව |
Nationality | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | වාසනා මාධවී ගලහිටියාව |
උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
මුල් දිවියසංස්කරණය
රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍රයා ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේය.
දියවඩන නිලමේසංස්කරණය
වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, 2005 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාලන්දා කීර්ති ශ්‍රී යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.[1][2][3][4]
පළමු ධුර කාලයසංස්කරණය
2005 ජූලි මස 01 වන දින පැවති ඡන්දයෙන් පළමු වරට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වශයෙන් තේරීපත්විය.
දෙවන ධුර කාලයසංස්කරණය
2015 සැප්තැම්බර් මස 08 වන දින පැවති ඡන්දයෙන් මොහු දෙවන වරටත් (අවුරුදු දහයක් සදහා) දියවඩන නිලමේ වශයෙන් තේරීපත්විය.