ප්‍රථම සඳ තරණය
ප්‍රථම සඳ තරණය
වෙලාව - ප. ව. 7 .02
යානය - ඇපලෝ 11
අභ්‍යවකාශගාමින්
- නීල් ආම්ස්ට්‍රෝන්
- මයිකල් කෝලින්ස්
- එඩ්වින් ඕල්ඩ්‍රින්
හැඳින්වීම
සංස්කරණය19-20 ශතවර්ෂවලදී තාරකා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සිදු වූ තාක්ෂණික දියුණුවත් නව උපකරණ නිපදවීමත් සමග අභ්‍යවකාශ තාක්ෂණය වේගයෙන් දියුණු විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස සඳ මත පා තැබිම සිදුවිය. සඳ මත පා තැබීම අභ්‍යවකාශ තරණයේ ඉතා වැදගත් පියවරක් විය.සඳ මත පා තැබිමේ කාර්ය සදහා පියවර කිහිපයක් සහය විය.ඒවා නම්,
1.(1561-1642) ගැලිලියෝ ගැලිලි නක්ෂත්‍ර දුරේක්ෂය මුලින්ම නිපදවීම .
2.(1642-1727) අයිසැක් නිව්ටන් "ගුරුත්වාකර්ශන නියමය" ඉදිරිපත්කිරීම.
3.1957 සෝවියට් සංගමය(සංචාරක සගයා) "ස්පුට්නික්" නමැති ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන් ගත කිරිම.
4.1961 යුරි ගගාරින් අභ්‍යවකාශය ජය ගැනීම.
5.1961 ඇමරිකා එක්සත් ජනපදය නාසා ආයතනය පිහිටුවා ගැනිම.
ප්‍රථම සඳගාමීන්
සංස්කරණය'1.නීල් ආම්ස්ට්‍රෝන්- 1930 අගෝස්තු 5 ඇමරිකාවේ චැපකොන්ට් ගම්මානයේ උපත ලැබිය.වයස අවුරැදු 14 සිට ගුවන්යානා පැදවු ඔහු 1955 ගුවන් කටයුතු පිළිබද ඉන්ජිනේරු උපාධිය ලැබුවේය.
2.මයිකල් කෝලින්ස්-
1930 ඔක්තෝම්බර් 31 වනදා ඉතාලියේ උපත ලැබු අතර යුධ පවුලකින් පැවත එයි.1966 ජූලි 18 ජේම්ස් යං (James yung) සමග අභ්‍යවකාශයෙහි දින 3ක් ගත කළේය.
3.එඩ්වින් ඔල්ඩ්‍ර්ින් 1930 ජනවාරි 30 ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ උපත ලැබුවේය.1951 දී විද්‍යාවේදී උපාධියක් ලැබු ඔහු 1963දී විද්‍යා ආචාර්ය උපාධිය ලැබුවෙකි.
අභ්‍යවකාශයානය
සංස්කරණයමෙම යානය කොටස් තුනකින් සමන්විත විය.ඒවා නම්,
1.පාලන මොඩියුලය(මවු යානය)
2.සේවා මොඩියුලය
3.චන්ද්‍ර යානය(රාජාලියා)'
මෙය නාසා ආයතනය විසින් නිපදවු අතර එහි ක්‍රියාකාරිත්වය විමසීමට කැනරි දුපත් ආදියෙහි මධ්‍යස්ථාන රැසක් පිහිටුවා තිබුණි.නාසා ආයතනය විසින් මර්කරි, ජෙමිනි යන යෝජනා ක්‍රමවලට පසුව දියත් කරන ලද ඇපලෝ යෝජනා ක්‍රමය මගින් මෙම යානාව ගුවන් ගත කරන ලදි.මෙම යානය ටොන් 3100 බරකින් යුක්ත විය.
ගුවන් ගමන ඇරඹීම
සංස්කරණයඇපලෝ 11 යානය,සැටර්න් [saturn 5] 5 නම් රොකටය මගින් ගුවන් ගත වූහ.ගුවන් ගත වි විනාඩි 11 තත්පර 42 කට පසුව සැටර්න් රොකටයේ ක්‍රියාකාරිත්වය නවතා පෘථිවිය වටා කක්ෂ ගත වූහ.පසුව නියමුවන් රැගත් ඇපලෝ යානය කිසිවකුගේ මෙහෙයවීමකින් තොරව සඳ වටා කිහිපවරක් ගමන් කර ඇති අතර හුස්ටන් මධ්‍යස්ථානය සමග නිරතුරුව පණිවිඩ හුවමාරු කර ගත්හ.
සඳ මත කාර්යය
සංස්කරණය
1-ජූලි 21 ශ්‍රි ලංකාවේ වේලාවෙන් පෙරවරැ 8.08ට නීල් ආම්ස්ටෝන් චන්ද්‍රයානයේ දොරටුව විවෘත කර සඳ මතට පා තැබීම.පා තැබිමෙන් පසු කළ ප්‍රකාශය
"මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි.එහෙත් මෙය මිනිස් සංහතිය ම ඉදිරියට තැබු වේගවත්ම පිම්මක් වනු ඇත." (නීල් ආම්ස්ට්‍රෝංග්)
2-දෙවනුව ඕල්ඩ්‍රින් සඳ මතට පා තැබීය.
3-රිදියෙන් නිමකළ සමරැවක් සඳ මත සවිකීරිම.එහි මෙසේ සදහන් විය.
"වර්ෂ එක්දහස් නවසිය හැටනවයක් වු ජූලි 21 දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සඳ මතට පා තැබුහ.සාමය පතා අපි මෙහි පැමිණියෙමු."
4-සූර්ය සුළං රඳනකය නමැති උපකරණය සවි කිරීම.
5-ඇමරිකානු ජාතික ධජය තැන්පත් කිරීම.
6-නීල්ආම්ස්ට්‍රෝංග් විශේෂ ආයුධයක් යොදා ගෙන චන්ද්‍ර පාෂාණ සහ පස් කිලෝග්රැම් 380 ක් විශ්ලේෂණය සඳහා එක්රැස් කර ගත්තේය.
ආපසු පෘථිවි තලයට පැමිණීම
සංස්කරණයනියමුවන් තිදෙනා රැගත් ඇපලෝ යානය ජූලි 24 වනදා රාත්‍රියේ පැයකට සැතපුම් 24,641 වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු විය."හෝර්නට්"(Hornut) නැමති නෞකාව ඇපලෝ යානය ගොඩ බැස්සවීමේදි සිදුවන අනතුරු වළක්වාලීමට සුදානමින් සිටියේය.පැරෂුට් කුඩ තුනකින් යානයේ වේගය අඩු කරනු ලැබිණි.
ප්‍රථම සද ගමනින් පසු
සංස්කරණය1969 ජූලි මස සිදු වු සඳ තරණයෙන් පසු බොහෝ රටවල් සඳ තරණයට උනන්දු වුහ.
1.ඇමරිකානු විද්‍යාඥයෝ ඇපලෝ 12,13,14,15,16,17 මගින් සඳ පිළිබද තොරතුරැ ගවේෂණය කිරිම.
2.1969 නොවැම්බර් මස ඇපලෝ 12 යානයෙන් සඳ වෙත ගිය චාල්ස් කොන්රඩ් ,ඇලන් බීන් සහ රිචඩ් ගොර්ඩන් සඳ මත පර්යේෂණාගාරයක් පිහිටු වීම.
3. ඇපලෝ 16 දුරදක්නයක් සඳ මත සවි කිරිම
4. ඇපලෝ 17 සඳ මතට යැවීම
5.1972 දෙසැම්බර් 07 වන දින චැලෙන්ජර් (Challenger) චන්ද්‍රයානය සඳ මත ගොඩ බැසීම හා කෘත්‍රිම චන්ද්‍රිකාවක් සඳ වටා කක්ෂ ගත කිරිම.
මේවාත් බලන්න
සංස්කරණයමුලාශ්ර
සංස්කරණය- Neil Armstrong
- NASA සංරක්ෂණය කළ පිටපත 2007-04-17 at the Wayback Machine
- හත ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පෙළ පොත(2008), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,